වහල්භාවයෙන් ඔබ්බට එරිනාවේ කෙළවර සිට.

වහල්භාවයෙන් ඔබ්බට එරිනාවේ කෙළවර සිට.




කවුරු මොන මගුලක් කිව්වත් කොයි විදියට රූප මවන්න කැටයම් කපන්න දත් මිටි කෑවත් මතක තියා ගනින් උඹත් මමත් දෙදෙනාම වහල්ලු උන් වගේම. අපි සටන් කරනවා අපි මරා ගන්නවා අපි දිනන්න වෙර දරනවා උන් වගේම අපි ඉපදෙන්නෙත් මැරෙන්නෙත් මේ මගුල ඇතුලේ. ඔව් කන්නේ බොන්නේ රමණය වගේම මරණයත් මේ මගුල ඇතුලේ; අපි කැමති විධියට නෙමේ උඩ ඉන්න සත්තුන්ට ඕන විධියට; ඒ සත්තුන්ගේ සතුටට. හරියටම උන් වගේම අපිත් වහල්ලු...

තේරුමක් නැද්ද...??? උන් කවුද අපි කවුද කියලා....

ඉන්න ගලපන්නම් අද ඉදන් දිගක් පළලක් තේරුමක් හැඩයක් එක්කම. උන් වහල්ලු. ක්‍රිස්තු පුර්ව 1200යෙදී අර්ගොස් වලින් පටන් ගත්තම ඇතන්ස් ස්පාටකස් වලින් ඉවර වෙනකන්ම උන් වහල්ලු. උන් වහල්කම් කළා විතරක් නෙමේ; උන් සටන් කළා ලේ වැගිරෙනකන් උන්ගේම එකෙක් මරණයට පත් වෙනකන් උන්ගේ දිනුම වෙනුවෙන්. දිනපු එකා පැරදුනා ඌත් පොලවට පස් උනා සටන් බිම ඇතුලෙම. එතකොට කවුද දිනුවේ. කවුරුත් ම නැද්ද. දිනුවා බෝල වහල්ලු නෙමේ උන්ගේ හාම්පුත්තු. කොලොසියම ආතල් මදි වෙද්දී වහල්ලු දුන්නා හාම්පුත්තුන්ට ආතල් එක ලේ ඇට මස් ජිවිතය ගෙවෙනකන්ම. එරිනාව ඇතුලේ කොටු කරපු වහල්ලු සටන් කළා ආතල් දුන්නා; උන්ගේ විමුක්තිය හාම්පුතාට දෙහොත් මුදුන් තියලා වට්ටිය පිටින් හාම්පුතුට පුජා කළා. හරි දැන් ඉතින් පුලුවන්නම් කියපල්ලා මහා සූස් දෙවියන්ගේ පුත් හර්කියුලිස් පවා වහල්කම් කරපු එකේ වහලට උඹට මට ඔය වහල්කම කජ්ජක් ද කියල. කොහේ තියෙන වැරද්දක් ද කියලා....ඔව් උන්ට වැරදුනේ එතැන. මොකද උන්ට අමතක උනා උන්ගේ අත් වලට දීපු කදු කස්තාන ඕන අතකට කැපෙන බව. හැබැයි එකෙක් මේ ආතල් සිස්ටම් එක කැඩුවා. ඒ වහලෙක් කියලා හිනාවුණු හර්කියුලිස් ම තමා බෝල. ඌ කොලොසියමේ බිත්ති බිමට පාත් කලේ එරිනාවේ හිටපු වහලුන්ට හාම්පුතුන්ගේ ඔළු උඩ නටන්න මාරු චාන්ස් එකක් දීලා.

හරි දැන් තේරුම් ගනින් උන් වහල්ලු නම් අපිත් වහල්ලු බව. අපිත් මේ කොලොසියමේ මේ එරිනාවේ හිර වෙලා. ඉපදුන දවසේ ඉදන් මැරෙන අන්තිම මොහොත වෙනකන් අපි මේ කාලකන්ණි සිස්ටම් එක ඇතුලේ වහල්කම් කරනවා. අපි දිනුම ගන්න අපේම එකාගේ බෙල්ල මිරිකාගෙන මාරම සතුටකින් බෙරිහන් දෙනවා හරියට සත් මුහුද දෙබෑ කරගෙන කිරි මුහුද කලබාගෙන මහමේරු පර්වතය ඔළුව උඩ තියා ගත්ත ගානට. කරුමේ කියන්නේ මම උඹ අපි කවුරු කැමති නැ අපි වහල්ලු කියන එක පිලිගන්න. මොකද සිස්ටම් එක ඇතුලේ මේ එරිනාව මගේ උඹගේ ඇස්ගෙඩි වලට නොපෙනන නිසා. මේ අහපන් ඉපදුනු ගමන් කැ ගහලා කැ ගහලා හති වැටුන තැන ඉදන් කටේ ගහගත්ත අම්මගේ තන පුඩුවෙන් අසීමාන්තික ආදරයත් එක්ක ගලපු මව් කිරි බොන එක අවුරුදු පහේදිවත් නවත්තපු නැති අපේකමට දැන් ඉතින් මේ සිස්ටම එකට පින් වෙන්න ඔන්න වහල්කම් කරන්න ලැබිලා. ඉපදිලා මාස 2ක් යන්න කලින් පිටිකිරි ප්‍රමෝට් වෙන්නේ මේ වහල්කම නිසා. යකුනේ එතනින් පටන් ගත්ත වහල්කම අකුරු කරන පාසලේ පන්ති කාමරේ ඉදන් කසාද බැදලා උඹ මම ගත කරන මංගල රැයෙන්වත් ඉවර වෙන්නේ නැ. ඔය මගුල ඉවර වෙන්නේ අපි මැරුනාම වළදාන පෙට්ටියෙනුයි ඊට පස්සේ අතොරක් නැතුව දෙන දාන මාන ඔක්කොමයි ඉවර වුණාටත් පස්සෙයි.

කතාව ඉවරද. තව කියන්නද....??

කෝකටත් සෙට් වෙන්න මේ ටිකත් අහපන් වැඩියෙන්ම වහල්කම් කරන්නේ තරුණ අපියි. යකෝ අපේ ඉගෙනුම; අපේ හැගීම් ටික; අපේ හීන; අපේ ආශාවන්; අපේ අරමුණු; අපේ අනාගතය; අපි අදින පළදින කන බොන විධිය මේ හැම එකකින්ම අපි වහල්ලු. අපි කවද ද අපිට කැමති දේ කරන්නේ අපි කොහොමද උන්ගේ වහල් බැම්මෙන් මිදෙන්නේ. මේ අහපන් සමාජයට ඕන විදියට; දේශපාලයේ කරන විදියට; ආර්ථිකය නටවන විදියට; අනාගතය ලැබෙන විදියට; අපේ හීන උන් ගෙත්තම් කරන පලියට; ඔහේ බලාගෙන ඉන්න බබ්බුද අපි. වහල්ලුන්ටත් වඩා අන්තයි බෝල. හරි ටිකක් හිතපන් තට්ටු කරපන් ඔය හිර කර ගත්ත ඔළු ගෙඩියට ඇරපන් ඔය බැදගත්ත ඇස් දෙක මේ තමයි වෙලාව කඩන්න යදම් වැල් උඹගේ මගේ අත් බැදපු. අපි සටන් කරමු මේ සිස්ටම් එකට විරුද්ධව. කෑ ගහන අපේ අසහනය; වද දෙන තරගකාරිත්වය; අපිව කන්න බලාගෙන ඉන්න ඉල්ලුම් සැපයුම් න්‍යායට; අපිව මරවන රෝහල ලග මිනි පෙට්ටි සාප්පුවට; එරෙහිව තරුණ අපේ ජිවිත නටවන ඕන යකෙක්ට එරෙහිව. යකෝ මේක මහා කරුමයක්නේ කැමති කෙල්ලට ආදරය කරන්නත් දැන් ලයිසන් ඕන. මල් සරාහේ හීය ගන්නත් රුපියල් තිහක්. කොල්ලන්ක්ගේ කෙල්ලන්ගේ හුස්ම පොදත් මාර්කට් වෙන කොට නිදහස් චතුරස්‍රයේ පොතක් කියවන කොල්ලෙක් ට නිදහස පැය බාගයකට කොටු කරද්දී ඔය චතුරස්‍රයේ කල් මරණ ඉබාගාතේ යන තාරුණ්‍යයට ඉඩ ඕන තරම්. යකෝ සිස්ටම් එක ඉල්ලන්නේ උන්ට විරුද්ධ නැති අපත තරුණ රැලක් ද. ඔව් උන්ට ඕන නටවන්න පුළුවන් වහල් තාරුණ්‍යයක්. හරි දැන් වෙලාව හරි. තැටිය හොදටම රත් වෙලා. ගනින් උඹලගේ අවිආයුධ. කෙලින් කර ගනින් උඹලගේ කශේරුකා ටික. අපි හැදුවා අපගේ සටන් බිම. මෙන්න හැදුවා එරිනාව. නොපෙනන එරිනාව දැන් ඔන්න උඹලගේ දොරකඩ ලග. නැගී සිටිමු වහල්භාවයට විරුද්ධව බය වෙන්න එපා; බොල දිනනවා තරුණකම. වෙන්න බැරි දෙයක් වෙනකන් කිව්වට අමතක කරන්න එපා. මේ දේ වෙනවාමයි බන්.....

මතක තියාගනින් අපි ආණ්ඩු පෙරලන්නේ නැ බන්. අපිට පාට පක්ෂ වැඩක් නැ උඹ ගැහැණු ද පිරිමි ද උඹගේ අල්ලේ දිග පළල කොයි තරමද කියලා වැඩක් නැ. කියන්නම් කොදු කෙලින් තියන් එකදෙයක් හැමෝටම කශේරුකාවේ හයිය තියෙන ඔළුගෙඩි පහක් දහයක් එකතුවියන් අපිත් එක්ක එරිනාවේ සටන් බිමට. මතක තියා ගනින් එහෙම උනොත් පෙරලනවා මේ සිස්ටම් එක උඩ ඉදන් පහලටම ආක්ටික් ඇන්ටක්ටික් වෙන්නම තාරුණ්‍යයේ නැති වු හඩට දෙනවා බන් පුපුරන හඩක් අවංකවම........





හර්ෂ සේනානායක.  










     


Previous
Next Post »