Youth එරීනාවේ ඩෙනිම.

Youth එරීනාවේ ඩෙනිම.



youth එරීනාවේ අපි කාටත් වගේ තියන , අපි කවුරුත් පට්ට ගහනකම් අඳින ඇඳුමක් වෙච්ච ඩෙනිම ගැන කියන්න හිතුවා ,මොනවා කියන්නද නේද? ඔබට එහෙමත් හිතෙනවා ඇති… ඒත් ඩෙනිම ගැන පොඩ්ඩක් වෙනස්ව හිතලා බලන්න මේ කතාව ටිකක් කියවලා ඉන්න කියලා අපි ඔබට ඇරයුම් කරනවා…

ඩෙනිම ගැන කියද්දි ඒකේ ඉතිහාසය ගැන නොකියා හිටියොත් ඒක ලොකු වරදක්.. පුදුමේ කියන්නේ ඩෙනිමේ ඉතිහාසයටත් වැඩකරන පංතිය එහෙමත් නැත්තං කම්කරු පංතිය සම්මාදන්වෙලා තියනවා… ඇමරිකාවේ රන් පතල්වල වැඩකරපු , ඉතාමත් දුෂ්කර ජීවීත ගතකරපු පතල් කම්කරුවෝ තමා මුලින්ම මෙම කලිසම් ඇඳලා තියෙන්නේ.ඒ කාලේ මෙම කලිසම්වලට ඍජුවම ඩෙනිම් කියන නම යොදාගෙන නෑ. ඉතාමත් දුක්මහන්සියෙන් වැඩකරපු මේ පතල් කම්කරුවන් ඩෙනිම් භාවිතයට හුරු පුරුදු උණා මොකද ඒවා පහසුවෙන් ගෙවීයාමට, ඉරීමකට ලක්නොවන නිසා .

ඉතින් මේ කලිසම් ඩෙනිම් කියන නාමය යටතේ ලෝකයට හදුන්වාදුන්නේ 'ලෙවි ස්ට්‍රස්' හා 'ඩේවිඩ් ජෙකොබ්' කියන දෙන්නා. මේ සුන්දර මැයි මාසයේම 1873 විසි එක්වෙනිදා ඩෙනිමට මෙයාල දෙන්නා ප්‍රේටන් බලපත්‍රය ගත්තා. ඒ අනුව අපි අද මේ පට්ට ගගහා හැඩවැඩ දාලා අදින ඩෙනිමේ උපන්දිනය තමා මැයි 21. ඩෙනිම් කියන නාමය වෙනුවට ඒ කාලේ මේ කලිසම්වලට කියවුණ නම වුණේ ජීන්ස් (jeans) කියන නාමය. ඩෙනිමේ නම හැදුන විදිහත් හරීම අපූරුයි. ඒකේ ප්‍රංශ හුරුවක් තියනවා. serge (රෙදි වර්ගයක නම ) සහ nimes(ප්‍රංශ නගරයක නමකි)යන පද දෙක එකතුවීමෙන් serge de nimes කියන නම හැදිලා පස්සේ ඒ නම de-nim කියලා කෙටිවීමෙන් තමා ඩෙනිම් කියන වචනය හැදුනේ. හරි ඩෙනිමේ ඉතිහාස කතාව ගැන ඔයාලට පොඩි අවබෝධයක් ලැබුණායි කියලා අපි හිතනවා...

ඔන්න දැන් තමා ඩෙනිමේ හොදම, රසම හරියට අපි එන්නේ. ඩෙනිමට වාණිජ සිනමාවේ හෙවණැල්ල වැටෙනවා. ඒ අනුව 1930 “cow boy” චිත්‍රපටයට ඩෙනිම් යොදාගැනීමත් සමඟ ඩෙනිම ලෝකයේ බහුජාතික ඇඟලුම් සමාගම්වල උකුසු ඇසට ලක්වෙනවා. ඩෙනිමට ඉහළ විකුණුම් වටිනාකමක් දීලා ලාභ වැඩිකරගන්න මේ බහුජාතික සමාගම් වාණිජ සිනමාව සහ රූපවාහිනි වැඩසටහන් යොදාගන්නවා. 1955 තිරගත වුණ “rebel without a cause” නම් වූ චිත්‍රපටය එහිලා මූලිකත්වය ගන්නවා. 


ඒ වගේම 1955 තිරගත වුණ “wild one” කියන චිත්‍රපටයෙනුත් ඩෙනිම් තවත් සමාජගත වුණා. අද වෙනකොට විවිධ විලාසිතා මාදිලියන් ඔස්සේ ඩෙනිම් විවිධ හැඩතලයන්ට අනුරූපව වර්ධනය වෙලා තියනවා. ඒ වගේම මේ වෙළඳපල ආර්ථිකය තුළ එය ඉහළ වටිනාකම් ඇති විකුණූම් භාණ්ඩයක්වෙලා. කොච්ච්ර ඩෙනිම් මහනවාද? ඒවායේ විකුණුම් වටිනාකම් කොච්චරක් විය යුතුද? යන්න තීරණය කරන්නේ බහුජාතික ඇඟලුම් සමාගම්. ඉතින් මේ සමාගම්වල ඩෙනිම් මැසීමේ කාර්යේ නියුතුවෙන්නේ ගොඩාක් තරුණ තරුණියන්,කොච්ච්ර මැහුවත් හොඳ ඩෙනිමක් මිළයට ගැනීමේ ආසාව ඉටුකරගන්නේ කිහිපදෙනයි මොකද ඒ තරමටම ඩෙනිමේ මිළ ඉහළයි.

ලංකාව ගැන කතා කළොත් අපේ කෙල්ලො කොල්ලොන්ට ඩෙනිම කියන්නේ ජීවිතයේදී fashionවලදි නැතිවම බැරිදෙයක්. හැමෝම ආසයි ජැන්ඩියට ඩෙනිමක් අදින්න,ගමනක් බිමනක් යන්න,ඩෙනිමක් මිළයට ගන්න.ඒත් කලින් කිව්වා වගේ ගොඩාක් තරුණ තරුණියන්ට අලුතින් ඩෙනිමක් ගන්නවා කියන එක දැන් වෙනකොට හීනයක්වෙලා. ඒ තරමටම ඩෙනිමේ වටිනාකම ඉහළ ගිහින්. කලින් කිව්වා වගේ ඩෙනිම මහනකෙනාටත් ඩෙනිමක් ගන්න අමාරුයි වගේම එයාම මහන ඩෙනිමේ වටිනාකම අවසානයේදි එයාවත් දන්නෑ. හොඳ අලුත් ඩෙනිමක් ගන්න,හොඳට අදින්න පළදින්න, ලස්සන ජීවීතයක් ගතකරන්න ලෝකේ හැම කෙල්ලෙක් කොල්ලෙක්ම ආසයි. ඒත් මේ ආර්ථික,සමාජ ක්‍රමය ඇතුළේ අර කියපු ආසාවන් හීනලෝක ඇතුළෙම හිරකරන්න ගොඩක් කෙල්ලොන්ට කොල්ලොන්ට අකමැත්තෙන් වුණත් සිදුවෙලා තියනවා. ඉතින් ඩෙනිමේ අද වෙනකොට සැඟවුණු වුණු, අපි කවුරුත් වගේ කල්පනා නොකරන තිත්ත ඇත්ත තමයි මේ. youth එරීනාවේ අපේ අරමුණ මේ තිත්ත ඇත්ත හෙළිකරන්න, විඳිමට වඩා අඳුරු කඩතුරාවන් ඉරාදමා විනිවිඳීමක් ඇතිකරන්න… අපි ඒ තිත්ත ඇත්තේ වෙනස උදාකරමු... 
ජය!



දිශාන් මධුසංක.




Previous
Next Post »