නපුරු වෙනවද අකුරු...


නපුරු වෙනවද අකුරු...


- බැරියර් නැති හෝඩියකට...
කසුන් මහේන්ද්‍ර හීනටිගල ලියයි.








ක හීනයක් නෙමෙයි. අත පුරා හිත පුරා හීනයට කණ පුරා ගැහුව හැබෑවක්. ජීවිතේ හැමතැනම තියෙන්නෙ ඇරඹීම් වෙනුවට ගොඩ ගැහිච්ච නැවතීම් නහුතයක්. අනෙක් කෙල්ලන්ට මඟ හැරෙද්දි එකියක් අත්පත් කරගත්ත වම් කෝෂිකා හන්දියට හැරෙන තැන තියෙනවා කොමාවක්,.. කොමාව කරකවලා බලද්දි ඔන්න එබෙනවා ප්‍රභාවක්...................දැන් ඇති! මේ ඉවසීම මුසාවක්.

-------------------------*----------------------*------------------------

මෙතැන හරියට කොමියුනිස්ට් සමාජෙ වගේ. නිදහසට වඩා එහා ගිය දෙයක් දෝරෙ ගලනවා. සංක්‍රාන්ති ලිංගික හිත් - සම සෙනෙහස් තොල් - පිරිමි අත් - ගෑනු නෙත් ආදරෙන් පුපුරු ගහනවා. මාවා - පහේ ටොෆි - බාබුල් - කේක් - පැණි - සලා පියාපත් සලනවා. රෙද්ද අස්සෙ කුහකකම් නැහැ, වචන අතරෙ අවකාශ නැහැ.... කමු, නටමු, හපමු, බුදියමු, නලියමු, බුදු වෙමු, මරාගෙන මැරෙමු............හැමදේම සාමාන්‍යයි.

-------------------------*----------------------*------------------------

පැත්තෙන් දෙපැත්තෙන් මොන, හතර පැත්තෙන්ම ආව මාර සේනාව ආගමික ඉව ඇල්ලුවා. අපායට යන්න කලින් හිජාබය කතිකාව පටන් ගත්තා.ටිකෙන් ටික,බිඳෙන් බිඳ විශ්ව හෝඩියට වචන එකතු වුණා...... රාමලාන් සඳවත මස්ජිද මස්තකයෙන් මුහුදට පනින්න ඔන්න මෙන්න..... ඇහෙන්නැති සවන් පැති මොකටද ? ' රෝජා පූ ' ලවන් පෙති හකුලගත්තා....... මට උත්තර නැත්තෙ එකම එක දේකටයි.

" නපුරු වෙනවද අකුරු ? "
-------------------------*----------------------*------------------------



කස්සාගේ සුරතින් සයිබරයට බට නවතම වැස්ස... 
ලබන ඉරිදා සිට සතිපතා කියවන්න....

Previous
Next Post »