"මගේ ස්විටි කෙල්ල. තැඹිලි ගෙඩිය රත්තරං. මම ආදරෙයි ඔයාට ලොවෙත් නැතිතරම්"

"මගේ ස්විටි කෙල්ල. තැඹිලි ගෙඩිය රත්තරං. මම ආදරෙයි ඔයාට ලොවෙත් නැතිතරම්"



ඉවාන් ටුර්ගිනිෆ් වරක් ඔහුගේ 'රූඩින්' නම් කෘතියේ ආදරය ගැන කරන ප්‍රකාශය තරම් ආදරය පිළිබඳව තවත් නිර්වචනයක් නැති බව මගේ අදහසයි. ඒ කියන්නේ ආදරය තරම් මහා ප්‍රෙහෙලිකාවක් ලෝකයේ තවත් නැහැ කියන එක. ආදරය ඇතිවෙන්නේ කොහොමද? ඒක වැඩෙන්නේ කොහොමද? ඒක අතුරුදහන් වෙන්නේ කොහොමද? ආදරය ගැන මේ ප්‍රශ්ණ වලට ස්ථිර උත්තර තියනවද? 


පෙළක් වෙලාවට දවස උදාවෙනවා වගේ ම ප්‍රශ්ණ කළ නොහැකි දෙයක් විදිහට, ප්‍රීතිමත් දෙයක් විදිහට ආදරය හිටි හැටියම ඇති වෙනවා. ඒ වගේම සමහර වෙලාවට ආදරය අළු යට තියන ගින්දර වගේ ඇවිලෙනවා. ඒක ආත්මය තුල දැල්වෙන්න ගන්නේ ඔක්කොම දේවල් විනාශ වුනාට පස්සේ. ඒ විතරක්ද, සමහරක් වෙලාවට ආදරය නයෙක් වගේ හොර රහසේම හදවතට රිංගලා, එක පාරට ම ලිස්සලා යනවා. 

ආදරයට ඇරියස් තිබුනට බැරියර් නැහැ. ඒ වගේම ආදරය බලෙන් පැටවීමට කරන උත්සාහය වෛරය ජනිත කරන්නක්! ඒ නිසා අනිත් මොන දෙයකදී උත්සාහවන්තයා ජය ගත්තත් ආදරයෙදී උත්සහවන්තයන් පරදින්න තියන ඉඩකඩ වැඩියි. 

අන්තිමට තව පුංචි දෙයක් කිවුවොත්.... ආදරයෙදී තියන්න ඕනේ අත්‍යවශ්‍ය සාධකයක් විදිහට ගොඩක් දෙනෙක් හඳුන්වන විශ්වාසයත්, බලෙන් පටවන්න ගත්තොත් අවිශ්වාසය ජනිත කරන පළවෙනි සාධකය ඒක වෙනවා. 

මේක ආදරයට විතරක් නෙමෙයි ජිවිතයට ම අදාල කාරණයක්....!!!


විමුක්ති දුෂාන්ත.



Previous
Next Post »