මහාමාරිය ද මේ.... (Human Rights)

මහාමාරිය ද මේ.... (Human Rights)


"අපි හැමෝගෙම ඇඟ ඇතුලේ හිත් ඇතුලේ මහාමාරිය තියෙන බවත් මේ ලොකේ කිසිවෙකුත් ඒ මහාමාරියෙන් නිදහස් නොවන බවත් මට වැටහෙනවා. ඔබත් එය වටහා ගෙන ඇති. මම තවත් දෙයක් දන්නවා. අපි හැම තිස්සෙම නොකඩවා පරිස්සම් වෙන්න ඕනේ නොදැනුවත්වම තව කෙනෙකගේ මුහුණට මහාමාරිය ඇති අපේ හුස්ම වැටෙන්න ඉඩ දීලා ඔහුට එ් රෝගය බෝ නොකරන්න. අපි ප‍්‍රවේශන් වෙන්න ඕනේ ලෝකයේ එකම ස්වාභාවික දේ මේ විශභීජය යි. හොදම මිනිසා/යහපත්ම මිනිසා ඒ කියන්නේ අන්කිසිවෙකුට රෝගය බෝ නොකරන තැනැත්තා තමයි ඉතාම සුපරික්ෂාකාරීව ජීවත් වෙන්නේ."
(මහාමාරිය - ඇල් බෑ කැමූ)


මේ මහාමාරිය නොව අන්තගාමීත්වය යි. නොඑසේනම් වර්ගවාදයේ විෂබීජයි. ගම් නියම්ගම් සිසරා වේගයෙන් බෝවි යන මහාමාරියටත් වඩා බොහෝ සෙයින් ප‍්‍රබල වූ මේ විෂබීජය රෝගින් පිරිසක් ලංකාව තුළ බිහිකිරීමේ එකම පරාමාර්ථයෙන් හඹා යන බව මනා කොට පැහැදිළිව පවති. එක්තරා පිරිසකගේ ඇඟ ඇතුලේ හිත් ඇතුලේ මේ විෂබීජය ඇටමදුුලු ලේ මස් නහර ඔස්සේ හිස මුදුනට ගොස් එහි සෛල නිද්‍රාවට පත්කර පපුව අස්සට කිදා බසිමින් මනුස්සකම ගිලදමමින් පවති. ඉන් පසුව අපිට ඉතිරි වන්නේ මනුස්සකමෙන් ඈතට විසීවී ගිය විෂබීජවලට ගොදුරු වු එක්තරා රෝගින් පිරිසක් පමණි. අන්තගාමීත්වයෙන් උමතු වූවන්ගේ හුස්මක්වත් තවත් කෙනෙකුගේ මුහුණට වැටීමට නොදිය යුතුයි. එසේ වුවහොත් සිදුවන්නේ තවතවත් අන්තගාමී වර්ගවාදයට කොටු වූ රෝගීන් පිරිසක්ම බිහිවීම පමණි.

මේ වර්ගවාදීන් බිහිවන්නේ අද ඊයේ නොව. ආගමේ නාමයෙන් බඩවියත රුක ගැනීමට පිරිස් මේ දේශය තුළ අද සේම එදත් බිහිවිය. එසේම අද වන විිට සිදුව පවතින්නේ පාලකයන්ගේ හුදු වින්දනය උදෙසා මේ විෂබීජය මුදා හැරීම නොවේද? එවිට බුද්ධාගම යනු හුදු ඔවුන්ගේ වින්දනය උදෙසා බිහිවූවක්ද යන්න එවිට මතුවන තවත් ගැටලුවකි. එසේමුත් ආගම මුල්කොට ගෙන ආතල් ගැනීමේ පිරිසක් බිහිවී පවතින බව සනාථ කිරීමට සාධක තවත් අවැසි නැත. දඹුලුත් ගොස් තලගොයිත් මරාගෙන පැමිිණියාක් මෙන් දොහොත් මුදුන් තබා වැදගෙන බුදුසරණ පතමින් අන් අයට පරුෂ වචනයෙන් බැණ පහර දී ලේ හොලවන්නවුන් බිහි වනුයේ මෙය අබුද්ධස්ස යුගයක් වන හෙයින්මද? අල්ලාටවත්, බුදුන්වහන්සේවත් අයිති නොකරගත් ඔවුන්ගේ ධර්මයට අද අයිතිකරුන් බිහිවීම කොතරම හාස්‍යයක්ද? මෙම වර්ගවාදී සටනේ, මුලීක හට ගැනීම නම් එලෙස අයිතිකරුවන් බිිහිවීමයි.

මෙලෙස ගත් කල ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාව පුස් හිතළුවක් පමණක් ද යන්න සැකයක් මතුවෙමින් පවති. මක් නිසාද යත් එම ව්‍යවස්ථාවේ සඳහන්වන කරුණු කි‍්‍රයාත්මක කිරීමට ඉඩ නොදි ඒවා ඒ තුළම බහාලමින් පවති. එවිට සිදුවන්නේ හට ගන්නා විවිධ විෂබීජ දස දෙස පැතිර යමින් එයට ගොදුරු වු රෝගීන් මිිය යෑමට ඉඩ දීම තුළ පාලක පන්තිය තවදුරටත් තම බලය රුක ගනිමින් සුඛ විහරණ විදීමය.

මූලීක අයිතිවාසීකම් යටතේ,

10 වන වගන්තියේ පරිදි

  • තමන් කැමති ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස
  • ලබ්ධියක්, විශ්වාසයක් දැරීමේ හෝ පිළීගැනීමේ නිදහස
  • ආගමික නිදහස

12 වන වගන්තියේ සදහන් පරිදි

කිසිම තැනැත්තෙකුට වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ස්ත‍්‍රී පුරුෂ හේදයමත
  වෙළදසල්වලට
  පොදු භෝජනාගාරවලට
  පොදු විනෝදාස්ථානවලට
  තමන්ගේ ආගමට අයත් පොදු පූජනීය ස්ථානවලට ඇතුල් වීම සම්බන්ධයෙන් බැදීමකට සීමා කීරීමකට කොන්දේසියකට යටත් නොවන්නේය



14 වන වගන්තියේ (ඉ)

තම ආගම, ලබ්ධිය, විශ්වාසය පිළිපැදීම ප‍්‍රගුණ කිරිම, ඉගැන්වීම, පුකාශ කිරීමේ නිදහස
                             (උ)

සෑම පුද්ගලයෙකුටම නිත්‍යානුකූලව රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළද ව්‍යාපාරයක නියුතු වීමේ නිදහස


යන මූලීක අයිතිවාසිකම් පැහැදිළිව දක්වා ඇත.

මෙලෙස ගත් කල ව්‍යවස්ථාවේ සඳහන්වන මූලීක අයිතිවාසිකම් රැුක ගැනීමටවත් නොහැකි පාලක පිරිසක් අප සතු වන්නේය. ඔවුන්ගේ විින්දනයම හුදු බඩගෝස්තරවාදයම වෙනුවෙන් බිළිවන්නේ ඔවුන් අසුන්වල හිඳ වීමට තම ඡන්දය ලබාදුන් පීඩිත ජනයාම පමණි.

ශුද්ධ වූ ජාතියක් හෝ ආගමිිකයන් පිරිසක් ලොව කිසිදා බිිහි වේද? අතීතයේ පටන් බහුජාතීක රටක් ලෙස පැවතෙන්නා වූ මේ රාජ්‍යය තුළ විවිධ සංස්කෘතින් වලට උරුමකම් කොට ගෙන පැවතුනී. මහාමාරියට ගොදුරු වූවෙකුට යහපත් මිිනිසකු වීමට නොහැකි වීමෙන් නොඑසේනම් අන් අයෙකුට රෝගය බෝ නොකරන තැනැත්තකු වීමට නොහැකි වන්නා සේම පාලකයාට අන්ධ වූවන් ඔවුන්ගේ වින්දනයට රුකුල් දෙමින් බිහිවන ආගමික අන්තවාදයෙන් උමතු වූවන් එය තවත් පිරිසකට බෝ කිරීමට සමත්වීම ආශ්චර්යමත් යුගයක අප ලද අභාග්‍යයක්ම නොවන්නේද...?


අයේෂා සේනානායක.




Previous
Next Post »