පිටස්තරයා. (The Outsider)

පිටස්තරයා. (The Outsider)



‘‘මිනිසා සමාජය විසින් ද සමාජය මිනිසා විසින් ද අධ්‍යයනය කළ යුතු වේ. දේශපාලනය හා සදාචාරය එකිනෙකින් වෙන් වූ විෂයයන් දෙකක් වශයෙන් සලකනු රිසියවුන් මේ දෙකෙන් එකක්වත් පිළිබඳ කිසිවක් දැන ගැනීමට සමත් නොවනු ඇත.’’ --- ජින්ජැක් විස් රූසෝ.

2010 මැයි මාසයේ 18 වෙනි දා නන්දිකඩාල් කලපුව හරහා හමා ආ සුළඟින් ලංකාවේ මිනිස්සු අලූත් කළා. ඒ සුළෙඟ් පණිවිඩය නිදහසෙන් පස්සෙ මේ රටේ මිනිස්සු මුහුණ දුන් සියලූම ප‍්‍රශ්න කීතු කීතු කරලා අලූත් ලොවක විශ්මයජනක ජීවිතයක බලාපොරොත්තු දෝතට ගෙනහල්ල තිබුණා. ප‍්‍රභාකරන්ගේ මළමිනිය මත ලේ රහට උයපු කිරිබත් කාලා ප‍්‍රමෝදයේ උච්චම ස්වරය වින්දනය උදෙසා ගායනා කළා. ප‍්‍රභාකරන් ද්‍රෝහියෙක් කරලා උතුරේ තරුණ අරගලය පාවා දුන්නු කරුණා අම්මාන් මිත‍්‍රයෙක් කර ගත්තා. දකුණෙ තරුණ අරගලයේ මෑතකාලීන පාවාදීමේ මාධ්‍ය ප‍්‍රකාශති යා වූ වීරවංශ පූජනීය කරලා ජවිපෙ සමාජයෙන් විස්ථාපනය කළා. යුද්ධය වෙනුවට සාමයෙන් ප‍්‍රශ්න විසඳමු කියපු රනිල් දේශද්‍රෝහියා කරලා මහින්ද ජාතියේ පියා ලෙස නම් කරලා රජුට ඇන්දුවා. යුද්දෙ කරපු සරත් හිරකරලා ගෝඨාභය යුධ වීරයා කළා.

ඉතිං... ඊට පස්සේ.... බෝම්බ පුපුරන්නෙ නැති රටක් හැදුනා. අධිවේගී මාර්ග බිහි වුණා. කොළඹ ලස්සන වුණා. මිනිස්සුන්ගේ ජීවිතය සුන්දර වුණා. ප‍්‍රමෝදය රජ වුණා. මිනිස්සු මාතෘභූමිය ගැන හිතුවා. රට ගැන හිතපු අයට රට ගියා. බඩ ගැන හිතපු අයට බඩ ගියා. ඒත්....

ඔබ මා අවසාන වශයෙන් අපි හැමෝම ජීවත් වෙන්නෙ සමාජයක. ඒ සමාජය අපි රංචු ගැසීමේ ප‍්‍රතිඵලයක්. අපි කිසිවෙකුට ඒකෙන් ඈත් වෙන්න බෑ. අපි ජීවත් වන සමාජය ලෝකයෙන් වෙන් වෙන රේඛාවක් ඇන්දොත් ඒකට කියන්නෙ ලාංකීය සමාජය කියලා. මොන සමාජයක ජීවත් වුණත් අපිට දේශපාලනයෙන් මිදෙන්න බෑ. මොකද අපේ ජීවිතවල හැඩතල ගොඩනගන්නෙ දේශපාලනයේ හැඩය මුල්කරගෙන නිසා. අපි මොන වින්දනයක, ආතල් එකක ෆන් ගත්තත් යථාර්ථය ප‍්‍රශ්න කරන්න කවදහරි දවසක අපිට සිද්ධ වෙනවා. ප‍්‍රශ්න කිරීමකින් තොරව අලූත් දේ ගොඩනැගෙන්නේ නෑ. ඒ නිසා අපි සමකාලීන සමාජ යථාර්ථය සොයා යා යුතුමයි. නැත්නම් අපිට වෙන්නෙ ක්ෂේමභූමියක් යැයි සිතා තක්කඩි සමාජයක ජීවත් වෙන්න.

යුද්දෙ ඉවර වෙන්න ඉස්සෙල්ල හැමෝම කිව්වෙ ලංකාවේ එකම ප‍්‍රශ්නය ප‍්‍රභාකරන් කියලා. අපේ ජීවිතවලත් අවුරුද් තිහක් ගෙවෙනකල් ප‍්‍රභාකරන් හටිියා. ඒත් හොඳින් හෝ නරකින් දැන් ප‍්‍රභාකරන් නෑ. ඒත් අපි හීන දැකපු අලූත් ලෝකය ගොඩනැගුණද? පරණ විදිහම ද? ඔව්. අපි ප‍්‍රශ්න කරමු. දේශපාලනය පිළිබඳ අලූත් කියවීමක නිරත වෙමු. අතවැසියන් නොව පුරවැසියන් බිහිකරන ප‍්‍රයත්නයකට එකතු වෙමු. නව දේශපාලන සංස්කෘතියකට අවශ්‍ය දැනුම උත්පාදනය කරගමු. ඒ නිසා අපි සයිබර් අවකාශයේ අපේ හඬ අවධි කරනවා. වෙනස්, සාධාරණ සමාජයක් වෙනුවෙන්. 


ඒ හඬත් එක්ක ලබන සතියේ හමුවෙමු...


හේමප‍්‍රිය කවිරත්න.




Previous
Next Post »