වින්දනය අහිමි අපේ එකා. (Human Rights)

වින්දනය අහිමි අපේ එකා. (Human Rights)



දෘෂ්‍යමානයට එරහිව බිහිවන අදෘෂ්‍යමාන බලෙව්ග දිනෙන් දින විස්ථාරණය වෙමින් අප ගිලගන්නා බව අපම නොදන්නා තත්වයකට පත්වෙමින් පවති. හිටි හැටියේ යුද්ධයේ පිනෙන් බිහි වූ වීරයන් තැන තැන වැටී කෙදිරිගාමින්, උන්ම හති හලා ලබා ගත් සාමයට වෛර කරති. ඉලක්කය සම්පූර්ණ කල වෙඩික්කරුවකුගේ මුහුනේ දිස්වනුයේ ජයාග‍්‍රාහිත්වයෙන් ඔපවැටුනු ප්‍රබෝධයකි. එසේමුත් ලාංකික ඉතිහාසයේ, පුරා තිස් වසරක් දෙමළාට විරුද්ධව ඉලක්කය සම්පූර්ණ කල වෙඩික්කාර සොල්දාදුවන් තුළ ඉතිරිව පවතින්නේ හුදු අතෘප්තියක් පමණි.

කොන්දේසි විරහිතව වීරත්වය ආරෝපණය කල සොල්දාදුවන්ගේ වීරත්වය අද වන විට දියවෙමින් පවති. එසේ දියවෙමින් යන වීරත්වයෙන් හැකිළුනු එක්තරා සොල්දාදුවෙකු අහම්බෙන් මට මුණ ගැසුණි. කොළඹ සිට වව්නියාව දක්වා දිවෙන පෞද්ගලික බස් රථයක් තුළ මා සිටි අසුනේ ම කෙළවර හිඳගත් ඔහු යුද්ධය සහ සාමය අතර දෝලනය වන සිතුවිලි වලින් උලුප්පුවා ගැනීමට හෝරා කිහිපයක් තුළ මට හැකි විය. සාධාරණ යැයි කියනා යුද්ධයක අවසානයේ ලැබූ අසහනය ඔහු දෑස් මත මට පැහැදිළිව දැකිමට හැකිවිය. කුහක යුධ මේනියාවෙන් දිගුකාලයක් මන්දගාමී වූ ඔහුගේ සිතිවිලි වල ඝට්ටනය පැහැදිළිව මා ඉදිරිපිට මුදාහැරිණි.

ධනේෂ්වර සමාජයක් බිහිකිරීමට සිහින දකිමින් වන්දනාවේ යන කිරිකෝඩු නඩයක ඔහු ද එක් අන්ධ භක්තික එකෙකු පමණක් ම විය. යුද්ධය පැවතුන සමයේ වීරත්වයෙන් පුම්බා උදුම්ම වූ ඔහු මනස, දිනාගත් සාමය තුළ, කම්කරුවකුගේ හීනමානී මනසක් තෙක් විහිද ගොස් ඇත. අද අප හුදු මහත් භක්තියෙන් දොඩවන නිදහස පිළිබද ඔහු තුළ අැත්තේ වෛරයක් මුසු පිළිකුලකි.

ආයුධ සම්පන්නව ගෙවුනු ඔහුගේ අතීතයේ ප‍්‍රධාන අභිප‍්‍රාය වූයේ සිංහලයාගේ පරම හතුරා වු දෙමළා ඝාතනය කිරීමයි. එසේ දෙමළාගේ විනාශය තුළ ඔහුට ලැබුණු අභිමානය ඔහු රහසින් වින්දනය කළේය. සිංහලයාගේ පොදු සතුරා විනාශ කරද්දී ඔහු අපෙන් එකෙක් වී සියළු මව්වරුන්ගේ ළය උනුවී කිරි එරිනු බව ගී ගයා කීය. එනමුදු වර්ථමානය වනවිට එ
කී සොල්දාදුවා රටේ ආශ්චර්ය රැක ගැනීම වස්, කම්කරුවකුගේ භූමිකාවට පණ පොවා ගත දා බිඳු වෙහෙසයි.

ඝණ රෑස්ස කැලැ මැද ඔවුන් සතුරන් සොයා ගියේ උදුම්මවාගත් හිස් ඔලුගෙඩි වලින්ය. ඔවුන් තුළට බොහෝ දෙනකු මහත් හරසරින් පිළිගන්නා ප‍්‍රතිබිම්භ ආරූඪ වී තිබුණි. යුද්ධය නිමවී අද වන විට පස් වසරක් ද ඉක්මවාගොස්ය. කලක උච්චාසයනව හිදි සොල්දාදුවා මේ වන විට පයට පෑගෙන දූවිලි අංශුවක් තරමටවත් නොවටින්නේය.

රජ මැදුරුවලින් යුද්ධයට 
සොල්දාදුවන් ආවේ නැත. දූගී දුප්පත් පැල්පතින් ඔවුන් එලියට ආවේ සිංහලයාගේ පරම සතුරා විනාශ කිරීමෙන් ලබන වින්දනය භුක්ති විදීම උදෙසාය. අවසානයේ යුධ ජයග‍්‍රහණයෙන් පසුව ඔවුන්ට එම වින්දනය අහිමි විය. යුද්ධයෙන් පසුව ඔහුට අහිමි වූ වින්දනය ලබා ගැනීමට ඔහු ප‍්‍රචණ්ඩත්වයට යොමුවනුයේ නිතැතින්මය. සොල්දාදුවා තුළ හටගත් එම කෘරත්වය මුලු මහත් සමාජයම තුළම විස්තෘත වෙමින් පවති. එම සොල්දාදුවාට විරුද්ධවන පෙම්වතිය, මව පියා, සහෝදරයා සහෝදරිය, මිත‍්‍රයා ඒ කිසිවකු වුවද කෘරත්වයෙන් පෙළීමට නොඑසේනම් ඝාතනයට ඔවුන් පසුබට වනුයේ නැත.

ධනේෂ්වර පාලකයාගේ හුදු තෘප්තිය උදෙසා ගොදුරු කල සොල්දාදුවා අවසානයේ නිරායුධ සාමාන්‍ය වැසියාගේ රුධිරය හැලීමේ වින්දනය දක්වාම පැතිර ගියේය. යුද්ධය අවසානයේ වහල් භාවයට පත් කර වූ සොල්දාදුවා එසේ වින්දනය සොයා යෑමේ අරුමයක් ද මෙවන් රාජ්‍යයක නැත්තේය. ස්වෛරි රාජ්‍යයක සිහිනය සැබැකරගනිමින් අවසානයේ සියල්ලන්ටම නිදහස ලැබුණේ නම් මට අහම්බෙන් හමූ වූ සොල්දාදුවා 
අදට වඩා, යුද්ධය කාලේ හොඳයි යැයි පවසන්නේ නැත. එදා තැන් තැන් වල දෙමලුන් මරා දමා අමු සාෙහාන් දැක දැක, ළඳු කෑලැ වල දින ගනන් කුසගින්නේ වෙව්ලමින් ගෙවූ කාලය ද ඔහුට පි‍්‍රයජනක වන්නේ කුමක් නිසා ද? එසේ වන්නේ එදා ඔහුට හිමිවූ වින්දනය යුද මුක්ත රාජ්‍යයක ඔහුට අහිමි වීම තුළිණි. කම්කරුවා, රජයේ නිළදාරියා, අාගමික පූජකවරයා, පාසල් සිසුවා, විශ්ව විද්‍යාල සිසුවා, සාමාන්‍ය වැසියා ඇතුළු මේ සෑම තරාතිරකම පුද්ගලයා තුළ යුද්ධය නිමවීමෙන් පසුව අැතිවූ තෘප්තියක් නැත්තේය. එසේ වු විට මේ දිනාගත් නිදහසට වෛර කරන්නා වූ පිරිසක් බිහිවීම අසාධාරණ නාෙව්. යුද්ධය දීනීමට වෙහස වූ සොල්දාදුවා ද අවසානයේ ලබාගත් නිදහසට වෛර කරයි නම් පාලකයා මහත් හරසරින් උදම් වෙමින් ගයන්නේ කිනම් නිදහස් ගීතය ද??? එසේ ගී ගැයීම ම ආශ්චර්යක් නොවන්නේද?

අයේෂා සේනානායක.



Previous
Next Post »