ඔබට මතක නෑ... මට අමතක නෑ ..!!!! (නංගියා - 2)

ඔබට මතක නෑ... මට අමතක නෑ ..!!!! 







තමන්ගෙ තාත්තාටත් වඩා වැඩිමහල් මනුස්සයෙක් එක්ක මේ විදිහට හෝටලයකට ඒම ගැන දෙපාරක් හිතන්න දෙයක් නංගියාට තිබුනෙ නෑ. අග හිඟකම් පිරුණ ජීවිතයෙන් මිදෙන්නෙ කොහොමද, ඒ වෙනුවෙන් ඕනම දුෂ්කර ගමනක් යන්න... ඕනම කැපකිරීමක් කරන්න සුදානමකිනුයි නංගියා  හිටියේ.

ජිවිතේ ගැන එහෙම තීරණයක් අරගෙන ඉන්න කෙනෙකුට වයසක මිනිහෙක්ව දපනේ දාගන්න ලැබීම කප්රුකක් පහලවුනා වගේ දෙයක්... මේ ආපු ගමන ගැන නංගියාට හිතුනෙත්  එහෙමයි. ඒ නිසාම නංගියා හිටියෙ සතුටෙ අනන්තයට කිට්ටුවෙලා.

වයසක ලොක්කා හෝටල් කාමරයෙ එලියට වෙලා කෝල් එකක් ගන්න වෙලාවෙ නංගියාට වයසක ලොක්කාව  තමන් කොටු කරගත්ත හැටි මතක් වුණා.

----------------------------*-------------------------------*---------------------------

එදා ඔෆිස් එකේ ශ්‍රමදානයක්. හැමෝම හරි හරියට වැඩ කළා. තමන්ගේ  තැන ඉක්මනට සුද්ද කරපු නංගියා ටිකෙන්ටික වයසක ලොක්කගෙ කාමරය පැත්තට කිට්ටු කළා. ඒ වෙනකොට තවත් කෙල්ලො කිහිප දෙනෙක්ම ලොක්කගේ කාමරය සුද්දකරන්න අරගෙන. ඇත්තටම නම් නංගියාට එතන කරන්න කියලා වැඩක් තිබුනෙත් නෑ. ඒත් නංගියා කාටත් හොරෙන් නැති කුණු ගොඩක් ගෙනල්ලා දාගෙන සුද්දකරන්න ගත්තා . මේ වැඩේ කවුරු නොදැක්කත් වයසක ලොක්කගෙ ඇහැට ගියා.

“දූවෙ, ඔයා තාම අලුත්. ඇවිල්ලා මාස දෙකයි. පරණ අයට ඕවා තියලා ඔයා එළියට යන්න” 

වයසක ලොක්කා එහෙම කියද්දිත් නංගියා ඇහුනේ නෑ වගේ වැඩ කළා.

“මම මේ ඔයාට කියන්නෙ” කියලා ලොක්කා පිටට තට්ටුවක් දානකන්ම නංගියා සද්ද නැතුව වැඩ.

ඒ වෙනකොට අනිත් කෙල්ලො ටික ලොක්කගෙ කාමරේ සුද්ද කරලා එළියටත් ගිහිල්ලා.

“මට කවුරු කියලද ඔයා කතා කළේ?” නංගියා වැඩේ නතර  කරන ගමන් හැරිලා ලොක්කාගෙන් ඇහුවා .

නංගියා එක පාරට ලොක්කාගෙන් අහපු ප්‍රශ්නය තමන්ටමද කියලා හිතාගන්න බැරුව වගේ ලොක්කා වටපිට බැලුවා.

“ඔයාගෙන් ඇහුවෙ මම ...වෙන කවුරුවත් නෑනෙ මෙතන...!!! මට කවුරු කියලද ඔයා කතා කළේ?” නංගියා ආයමත් සැරයක් වයසක ලොක්කාගෙන් ඇහුවෙ ලොක්කගෙ මුණටම ලංවෙලා. තව ටිකක් ලං උනානම් නංගිගේ තොල් වල රස්නය පවා වයසක ලොක්කට දැනෙන්න තිබුණා. 

“දු” කියළා.. ඇයි ඒකෙ වරදක් තියනවද ? එතන ප්‍රධානියා තමන් බව මතක්වුණු ලොක්කා එක හුස්මට කියලා දැම්මා.

එහෙම කියන්න එපා ආයෙමත්...!

මොකක්ද ?

ආය දූ කීවුවොත් මම කියන මොකුත් කරන්නෙ නෑ. ඇහුනේ නෑ වගේ ඉන්නවා.

නංගියා එහෙම කියන ගමන් තොල් දෙක උල් කරලා වයසක ලොක්කට ඇද කළා .

කවුරු කියලද එතකොට කතාකරන්න ඕන?


මට චුටි කියන්න.. මං සුදුයි නේද ?

ඔවු...ටිකක් 

“එහෙනම් සුදුචුටි කියන්න” කියපු නංගියා වයසක ලොක්කගේ ඇෙඟ් අත යන්තම් වද්දගෙන කාමරයෙන් එළියට ගියා. දොර ළඟට ගිය නංගියා ආයෙමත් වයසක ලොක්කා දිහා හැරිලා බලලා ඇහැකුත් ඉඟි කළා.

----------------------------*-------------------------------*---------------------------

“මොනවද චුටි තනියම හිනාවෙවී කල්පනා කරන්නෙ?”

වයසක ලොක්කගේ ඒ වචන නංගියාව සැබෑ ලෝකෙට ඇදලා ගත්තා.

මොකුත් නෑ.

මොකුත් නැත්නම් එන්න මගෙ ළඟට..... කියපු වයසක ලොක්කා නංගියාව ඇදලා ඔඩොක්කුවෙන් තියාගත්තා....

වයසක ලොක්කගේ සෙන්ට් සුවද මකාගෙන ආව වාත තෙල් ගඳ මුලින්ම නංගියාට ආවෙ ඒ වෙලාවෙ...

වයසක ලොක්කගේ ඔඩොක්කුවේදී නංගියාගෙ ඇදුම් එක එක ලිහිලා ගියා... ටිකවෙලාවක් තිබුන ඒ හුරතලය අවසන් වුනේ නිරුවත් වයසක ලොක්කගේ ඇඟට නංගියාව යටවෙලා... 

වයසක ලොක්කගේ වාත තෙල් දාඩියත් එක්ක කලවම් වෙලා නංගියාගේ තොල් අතරින් රිංගුවා ....අප්පිරියාවෙන් ඒ කෙල ගිලිනවා හැර වෙන කරන්න දෙයක් නංගියාට ඉතිරිවෙලා තිබුනෙ නෑ.

කාලෙකට පස්සේ ලැබූන ළපටි කෙල්ලට වයසක ලොක්කා දන්න සෙල්ලම් සේරම පාවිච්චියට ගත්තෙ වියාග්‍රා පෙත්ත හදපු මුනිවරයටත් පින් දෙන ගමන්.... වයසක ලොක්කට මෙලෝ සිහියක් තිබුනෙ නෑ. ඒ නිසා වයසට ඔරොත්තු නොදුන්න දැඟලිල්ල අස්සෙ ගිය අධෝවාත ඇහුනෙත්  නංගියට විතරයි. වාත තෙල් ගඳට අධෝවාත ගඳ කලවම් වෙලා කියාගන්න බැරි  අප්‍රසන්නකමක් නංගියාට අරගෙන ආවා.
අන්තිමට වයසක ලොක්කගේ සෙල්ලම නැවැතුනේ නංගියගෙ වමනේ පාරින් මුණ පුරවගෙන...

----------------------------*-------------------------------*---------------------------

“බහින්නේ නැද්ද මිස්” අලුත් ඔෆිස් එකේ සිහින දොරගාවදි පරණ ඔෆිස් එකේ මතකයට ඇදගෙන වැටුන නංගියාව ආයෙමත් වර්තමානයට අරගෙන ආවේ කොන්දොස්තරගේ ඒ ප්‍රශ්නය.

තමන් මෙච්චර වෙලා මතකයේ වලක වැටිලා හිටියබව නංගියාට වැටහුණේ ඒ වෙලාවෙදි. ලැජ්ජාවෙන් මුණ රතු කරගත්ත නංගියා ඉක්මනට බස් එකෙන් බැස්සා.

----------------------------*-------------------------------*---------------------------

මද්දහන ලංවෙනකොට ඉර වෙනදට වඩා රස්නයක් අරගෙන ගෙන ආවා. කබරයෙකුට පවා ඉවසන්න බැරිවුණු ඒ දාහය නිසා වීරයගේ සිරුර ළග තනි රැකපු කබරයත් කිහිපවාරයක් දිය යටට ගිහින් ඇග තෙමාගත්තා. 

වීරයගෙ මරණය ගැන  නීතිය ඉෂ්ටකරන්න පොලිසිය ඇල කණ්ඩියට ඇවිත් ඉන්න බව කබරයා දැක්කෙ ඒ විදිහට දියයට ගිහින් ආව වෙලාවක. පොලිසිය එක්ක මාධ්‍යත් ඇවිල්ලා තිබුණා. ඒ වෙනකොටත් මාධ්‍ය කිහිපයක් බ්‍රේකින් නිවුස් විදිහට වීරයගේ මරණයේ පුවත රටට කියන්න පොරකමිනුයි හිටියේ.

----------------------------*-------------------------------*---------------------------

“බලනවා අයිසේ තමුසෙලට පවරන කිසිම දෙයක් හරියට කරගන්න බැරි හැටි... අන්න අර යෝධයගේ බොඩි එක ඇලේ පාවෙනවලු...අම්මපා ලෙඩේ දිගටම ඇදුනොත් තොපි එකෙක් නඩුව කන්න යන්න ඕන... බත් කන මීහරක් වැඩ කරන්න එපා ඕයි...”

වීරයගේ සිරුර කාටත් පේන්න ඇලේ දාලා ඒම ගැන වගකිවයුතු පාර්ශවයක් අළුගෝසුවන්ට දෝස්මුරය දාන්න අරගෙන තිබුණා.

“අපිට කිවුවේ ගහලා දාන්න කියලා. වෙන මොකුත් කිවුවේ නෑ. අපි හිතුවේ පොඩි දර්ශනයක් දැම්මාම ඔය තියන කරදර කාලෙකට අඩුවෙයි කියලා බොස්”

මගුලක් කතාකරනවා..ඇයි ඌරෝ චන්දෙ කටමුල තියාගෙන ඔහොම දර්ශන දානවද? තොපි මටද වැඩ කරන්නෙ නැත්නම් විරුද්ධ උන්ටද? මීහරක් වගේ බලාගෙන ඉන්නේ නැතුව මොනවා හරි කරන්න බලපියවූ... කියපු  වගකිවයුත්තෙක් අලුගොසුවන්ව එලවගත්තා ...

 මේ වගේම තවත් තැනකත් වීරයා ගැන කතා කරන්න පටන් අරගෙන තිබුණා.

“අපරාදෙ බොඩි එක හම්බවුණේ,ඒක මේ වෙලාවෙ අපේ වැඩ වලට පාඩුයි”

ඇයි නායක සහෝ එහෙම කියන්නෙ ? අපිට අපේ සහෝදරයගේ මිනියවත් හම්බුනා එක කොච්චර දෙයක්ද?

“පිස්සුද අයිසේ.. ඡන්දෙ කට මුල... අපි මේ ගැන ගන්න රිඇක්ශන් මොනවද කියලා මිනිස්සු බලාගෙන ඉන්නවා... අපිට මේ බොඩි එක හම්බුනේ නැත්නම් චන්දෙට ඒ ටොපික් එකම ඇති. එහෙම උනානම් අපිට හොදට ඕඩියන්ස් එකට කතාකරන්න තිබුණා. අපිට හරි ලස්සනට කියන්න තිබුණා, උඹලා අපේ සහෝදරයා ඉස්සුවා... ඒ සහෝදරයගේ දේශපාලන භාවිතය උඹලට දරාගන්න බැරිවුනා.. උඹලා මරු මහත්වරු.. මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය? කෝ ?මනුස්සයෙකුට තමන් කැමැති දේශපාලනයක් කරන්න බැරි රටක් මේක, කියලා... ඒත් දැන් ! උඹලා අපේ එකා මැරුවා කියන්න විතරයි වෙන්නෙ...ඔය සහෝ නොදන්නව උනාට මිනිය හම්බෙනවට වඩා මිනිය හොය හොයා රටවටේ කැගහන එකෙත් පොඩි ලල් එකක් තියනවා...හරියටම නම් ඒක පොඩි කිවුවට පොඩිත් නෑ. ඒක තමයි මිනිස්සුන්ට ඕනත්. අපි හැම වෙලාවෙම කරන්න ඕන මිනිස්සු ඉල්ලන එක..”

නායක සහෝදරයාගේ ඒ ගෙජ්ජි හැලෙන  කතාවට දෙන්න උත්තර නැතිවුණු ග්‍රාස්රූට් සහෝදරයා සද්ද නැතුව එතනින් මාරුවෙළා ගියා.

----------------------------*-------------------------------*---------------------------

වානේ කොක්කක් කෙලවරට හයිකරපු අඩි හත අටක් දිග රිටක් අරගෙන වීරයගේ සිරුර ගොඩට ගන්න තැනින් පොලිසිය රාජකාරිය පටන් ගත්තා. මේ වැඩේට කබරා මුලින් තමන්ගෙ විරෝධය පලකලේ බාවෙන් ඇලේ කුණුවතුරට තදින් පහරදීලා. කිහිප වාරයක්ම වීරයාගේ ඇදුමේ පටලවාගන්න උත්සාහ කල වානේ කොක්ක සහිත රිටත් කබර බාවෙන් බැටකැවා. ඒත් කබරෙක් බාධාකලා කියලා නිතිය ඉෂ්ටනොකර හැරිලා යන්න පුළුවන් කමක් පොලිසියට තිබුනෙ නෑ.

“ඔය කබරට වෙඩි තියපන්”කියලා ඉහල නිලයකින් අණක් ආවේ ඒනිසා වෙන්න ඕන. අණට කීකරු වුණ තවත් පොලිස් නිලධාරියෙක් තමන්ගෙ නිල ගිනි අවිය අරගෙන කබරට ඉලක්ක කළා.

ඒ වෙනකොට කබරට වෙඩි තියන්න අණ දුන්න පොලිස් ලොක්කා සිද්ධිය ගැන මාධ්‍ය දැනුවත් කරමිනුයි හිටියෙ...

“ඇත්තටම අපි මේ ගැන පුළුල්  පරීක්ෂණයක් අරබලා තියනවා. මෙතැනදී ඇත්තටම වීරයා මැරිලද නැත්නම් ඇළට වැටිලා සිහි මුර්ජා වුණ වීරයව කබරා බලෙන් තියාගෙන ඉන්නවද කියන කාරණයත් හොදට පරික්ෂා කරන්න ඕන”

ඔය විදිහට පොලිස් ලොක්කා මාධ්‍යට වචන රවූම් කරන අතරෙ පළාතම දෙදුරුම්කාගෙන ගිය වෙඩි සද්ධයක් ඇහුනා. ඒ එක්කම ඇල මතුපිට ජල කඳත් මහ සද්දෙකින් කැලතුණා. වෙඩි සද්දෙට ඇල දිහා බලපු අයට සිද්ධවුණ දේ යන්තමට දකින්න ලැබුණා. ඒත් ඒ දර්ශනය අපැහැදිලි නිසාද මන්දා පොලිස් ලොක්කා ඒ මොහොතේ සිදුවුණු දේ පිළිබඳ මාධ්‍ය වෙත වැඩි දුරටත් වචන රෝල් කරන්න ගත්තා.

“මේක පැහැදිලි කුමන්ත්‍රණයක්... වීරයා පැහැර ගන්න කබරා කාලයක් ඉදලා බොහෝම සුදානමක් ඇතුව කටයුතු කරලා තියනවා.. දැන් මෙතන උණේ මොකක්ද කියන එක ඔබ සියලු දෙනාටම පැහැදිලි ඇති.. කබරා වීරයාව පැහැරගත්තා.. වහාම කබරයව අත්අඩංගුවට ගන්න අපි පරික්ෂණ අඛණ්ඩව කරගෙන යනවා.. මං මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා බොරු ප්‍රචාර වලට හසුනොවී ඉන්න කියලා ...”

එතනින් මාධ්‍ය දැනුවත් කිරිල්ලත් නිමාවට පත්වුණා.
පොලිස් ප්‍රධානියාගේ ඒ වොයිස් කට් එක බ්‍රේකින් නිවුස් එකක් විදිහට විකාශනය කරන්න ගිය මාධ්‍ය ආයතන ඒ වෙනුවෙන් කඩිමුඩියේ නිවුස් බුලටිනය සකස්කරන්න ගත්තා...




ආයෙමත් සතියකින්...




පාවෙල්.









Previous
Next Post »

1 comments:

Click here for comments