නින්ද නොයන හැන්දැවේ සොඳුරුයිද මොනතරම්..!!!! (නංගියා - 3)

නින්ද නොයන හැන්දැවේ සොඳුරුයිද මොනතරම්..!!!!







මෙන්න දැන් ලැබුණු ප්‍රවෘත්තියක්!
 “මිට ස්වල්ප මොහොතකට පෙර සිහි මුර්ජාවී ඇලේ වැටි සිටි වීරයාගේ සිරුර එහි සිටි කබරා විසින් පැහැරගනු ලැබ තිබෙනවා. ඒ පිළීබඳ ඇළ අසල  සිටින  අප මාණ්ඩලික වාර්තාකරු ගෙන එන විශේෂ වාර්තාව දැන් ...”

“ඔව්...මා මේ සිටින්නේ අද උදැසන වාර්තාවූ වීරයා වැටීසිටි ඇළ අසල. අප මෙම ස්ථානයට පැමිණෙන විටත් වීරයාගේ සිරුර සිහිමුර්ජා වී ඇළ මත පාවෙමින් තිබෙනු දක්නට ලැබුනා.. පොලිසිය මැදිහත්ව වීරයාව ගොඩට ගැනීමට උත්සාහ කලත් එම උත්සහය අසාර්ථක වුණා... මොකද ඇලේ සිටි තඩි කළු කබරයා පොලිසියට පෙර ක්‍රියාත්මකවී එම සිරුර පැහැරගනු ලැබු නිසා.. ඔබ මේ දකින්නේ අප කැමරාවෙහි සටහන්වූ එම දර්ශනය.. මේ වන විට පොලිස් කන්ඩායම් දෙකක් මැදිහත්ව කබරා සොයා පරීක්ෂණ කටයුතු අරබා තිබෙනවා.. පොලිසිය පවසන්නේ මෙය රටේ සාමය බිද දැමීමට ක්‍රියාත්මකවන කුමන්ත්‍රණ කාරී බලවේග මේ වනවිට සතුන්ව පවා එම කටයුතු වලට යොදාගෙන ඇති බව තහවුරු කරන්නක් ලෙසයි... කෙසේ නමුත් යලි මෙවැන්නක් සිදුනොවීමට තත්ත්වය පාලනය කරන පොරොන්දුව ජනතාවට පොලිසිය ලබාදෙන බව පවසනවා ..”

“මෙන්න එම ප්‍රවෘත්තිය නැවත වතාවක් ....”

එදා හැම නාලිකාවකම වගේ ඇල ගාව සිදුවීම බ්‍රේකින් නිවුස් එකක් ලෙස ප්‍රචාරය උනේ ඒ විදිහට.

මිනිස්සු ඒ පුවතට ප්‍රතිචාර පැවේ  “හත්වලාමේ මේ කබරු එල්ලලා මරන්න එපාද !” කියලා අහමින්.
ඒ වගේමයි ඒ පුවත ප්‍රචාරය වෙලා මිනිත්තු දහයක් යන්නත් කලින් දේශමාමක බලවේග ඇවිත් වනසත්ව අමාත්‍යාංශය වැටලුවා. ඒ රටේ සිටින සියලු කබරුන් වහා මරා දමන්නට අමාත්‍යාංශයට බල කරමින්.
ඒ දේවල් එතනින් නැවතුනේ නෑ. රටේ කිහිපපොලකම වගේ කබරු මරලා පාරේ දාලා තිබුණා.

ඒ එක්කම වොයිස් කට් හාදයෝ කිහිප දෙනෙක්ම චැනල් වලට වොයිස් කට් දෙමින් පොලිස්ලොක්කගේ කතාව අනුමත කළා. ඒ අය කිවුවෙත් රටට එරෙහි කුමන්ත්‍රණයක් දියත්වෙන බවත් ඒ වෙනුවෙන් දේශීය කබර බලඇණියක් ද  ගොඩනගා තිබෙන බවක්.
මේ අතරම වීරයාගේ මරණයට ආණ්ඩුව වගකිව යුතු බවට වීරයාගේ පාර්ටි එකේ අය මාධ්‍ය හමුවක් පවත්වලා රටට කිවුවා.

ප්‍රවෘත්ති බලපු මිනිස්සුන්ට කවුරු ඇත්ත කියනවද, කවුරු බොරු කියනවද කියලා හිතාගන්න බැරි වුණා. අන්තිමට ඒ අය ඔක්කොම අමතක කරලා තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න සුපුරුදු  තීරණයට ඒ අය ආවා. 

ඔය අතරෙ වීරයාගේ සිරුර කටින් දැහැගත්ත කබරයාටත් සිද්ධවුණේ නොහිතපු දෙයක්. පොලිස් වෙඩි පාරෙන් මුවාවෙන්න  හිතාගෙන වීරයාගේ සිරුරත් කටින් ඇදගත්ත කබරයා ඇළ පතුලටම ගියා. කබරා කිමිදුන වේගය කොච්චරද කියලා කබරටවත් හිතාගන්න පුළුවන් වුණේ නෑ. එච්චර වේගයකින් කබරා ඇළ පතුලට කිමිදුනා. කබර වේගය අන්තිමට නතර වුණේ තමන් කවදාවත් දැක නොතිබුණ පරිසරයකින්.

තවදුරටත් ඒ බිමේ වතුර තිබුනෙ නෑ. ඒ වෙනුවට වතුර හිඳුන වෙරලක් වගේ වාලුකා කතරක් කබරවත් විරයාවත් පිළිගත්තා. උනේ මොකක්ද කියලා හිතාගන්න බැරිවුණු කබරා වීරයාගේ සිරුර අත්හැරලා වටපිට බැලුවා.

බලන බලන අත එකම වාලුකා කතරක්. මනුස්ස වාසයක් තබා කබර වාසයක් වත් තියනබව හිතාගන්න බැරි හිස්ම හිස් අවකාශයක්.

කොයිකටත් කියලා කබරා වීරයාගේ සිරුර එතනම තියෙන්න ඇරලා වටපිට හෝදිසි කරන්න ගත්තා. වීරයාගේ සිරුර තනි නොවෙන්න කබරා තමන්ගේ වටකුරු ඇස් වල පොට ගෙවෙනකන් හාත්පස සෝදිසි කරමින් ඒ වටේ ගියා. කබර සෝදිසිය නිසා වීරයාගේ සිරුර ලක්ෂයක්වූ වෘත්තයක් වැලිතලාව මත සිත්තම් වුණා. ඇලේ ඇඳුන වෘත්තය වගේ මේක මැකිලා නොයන විදිහට ඉතිහාසය නිර්මාණය වෙලා බව කබරයා දැනගෙන හිටියේ නෑ .

 කොහොමත් කබරයෙක් එහෙම හිතන්න ඉඩක් නෑ. මොකද ඉතිහාසය ගොඩනැගුවෙ මිනිස්සු නිසා. ඉතින් කබරුන්ට වෙන්නෙ එවැනි සිතීමකට එළබෙන්න නොහැකි  උනත් ඒවගේ වටපිටාවක තමන්ගේ කොටස ඉටුකරන්න.

“මොන මගුලක්ද මන්දා.. මේ කොහෙටද මේ පාත්වුණේ ? නොකා නොබී මැරෙන්න තරම් පවක් පලිසන්දීලද කොහෙද? යකෝ සතෙක්, කඩියෙක්, පණුවෙක් අඩුමගානේ ගහක් කොලක්...නැත්තන් හත්තක් වත පේන්න නෑ”

කබරගේ හිතේ පිළිවෙලක් නැතිවම සිතුවිලි කතාකරන්න ගත්තා.

“අම්මපා කබරෙක් වෙලත් බඩගින්නේ ඉන්න වුනානේ එහෙනම්... ඔව් යාලුවා, උඹ නම් මාර ලැබීමක් තියන හාදයෙක්. උබේ ලැබීම කොච්චරද කියනවා නම් උඹට මුලින්ම ජිවිතේ නැති උනා, දෙවනියට උබේ මිනිය බේරගන්න ගිහින් මගේ ජිවිතෙත් කෙළවෙන්න ගියා, උඹව කොහොම හරි  බේරාගත්තා කියමුකෝ, අන්තිමට දැන් මට කන්නවත් මොකුත් නැතුව හාමතේ ඉන්න වුණා. අනේ මන්දා බන් උඹ නම් කාගේ දරුවෙක්ද කියලා”

වීරයාගේ සිරුර දිහා බලාගෙන කබරා තමන්ටම කියාගත්තා. ඉර හඳ වත් පායන බවක් හරියටම හිතාගන්න බැරි පාලු නිම්නයේ හමා ආව සුළං රොදක් වීරයාගේ සිරුරේ දැවටිගෙන කබර ගතත් සිපගත්තා.

“දැන් ඉතින් හුලන් තමයි බොන්න වෙන්නෙ. අම්මපා උඹ වගේ එකෙක් මැරිලා මිනිය බෙරගත්තම හුලන් හරි බොන්න ලැබුණා. තෝ හොඳ වෙලාවට බොල පණපිටින් සෙට් නොවුනේ. ෂුවර් යාලුවා ,එහෙම උනානම් හුලනුත් නැති වෙනවා”

කබර කුසගින්න නැතත් කුසගිනේ අවදානම වැඩි වෙන්න...වැඩි වෙන්න  කබරගේ හිතත් වැඩි වැඩියෙන් විරයාගේ නොලැබිම මතක් කළා.

----------------------------*-------------------------------*---------------------------

ඔය අතරේ නංගියා හිටියේ අලුත් තැන රස්සාව ගැන පණිවිඩය දුන්න කෙනාට ඇමතුමක් ගන්න ගමන්.

“ඔව් ඔව්..අයියේ, මං ඒ සේරම අරගෙන ආවෙ. ගෙදර ඉඳලාම ආවේ ටැක්සියක. මොකද බස් වල සෙනගනේ.. අනික ඔයාට කියන්න මං ඔය බස් ගමන් වලට කැමතිත් නෑ .එපා වෙනවා අනේ!”

“අනේ අයියේ මගේ වැඩේ හරියාවි නේද? සල්ලි තිබුනට අර නෝ ජොබ් වෙලා ගෙදර ඉන්න එක බොරින් මෙයා. ඔයා ඔතන ලොක්කට කතාකරලා කියන්න මං මග එනගමන් කියලා. ප්ලීස් ඈ!”

  “ඔව් ඔව්.. තව ටෙන් මිනිට්ස් වෙනකොට මං එතන”

මිනිත්තු දහයක ගමනකින් පස්සේ නංගියා හිටියේ අලුත් ඔෆිස් එක ඉස්සරහ. පටන්ගන්නකොටම තිබුණ පිළිගැනීමේ කවුන්ටරයට ගොඩවුන නංගියා තමන් ආව කාරණය එතන හිටපු තරුණියට දැන්නුවා.

“හරි මිස් ටිකක් ඉන්න. බොස්ගෙ ලයින් එක බිසී. අර සෝෆා එකේ වාඩි වෙලා ඉන්න මිස්. මං ඇතුලට මැසේජ් කළා. බොස් ෆ්‍රී උන ගමන් මං මිස්ට කතාකරන්නම්”

“ඉට්ස් ඕකේ” කියපු නංගියා තමන්ට කැඳවීම ලැබෙනකන් සෝෆා එකට වෙලා නියපොතු කන්න ගත්තා. කාලය ගෙවුනේ තත්පර වලින් උනත් නංගියාට කාලය ගතවීම දැනුනේ පැය වලින්. ඒ නිසාම මිනිත්තු කිහිපයක් තුළ එක අතකම නියපොතු එකින් එක හැපිලා රහසෙම බිම වැටුණා.

“මිස් මෙතනින් ඇතුළට ගිහින් දිගටම යන්න... බ්ලු කලර් දොරක් තියනවා, ඒ රූම් එකේ තමයි බොස් ඉන්නෙ. එතන ඉස්සරහ පියන් ඉන්නවා, එයාට කියන්නකෝ. එයා මිස්ව බොස් ළඟට යවයි”

“ඕකේ ඕකේ” කියාගෙන නංගියා අලුත් ඔෆිස් එකේ ඇතුළට ගියා.

ඒ වෙනකොටත් ඔෆිස් එකේ වැඩ කරන අය දවසේ රාජකාරි අරඹලයි තිබුනෙ. හතර වටේට තියලා තිබුණ මේස වලට ඔලුව ඔබාගත්ත සමහරු එක දිගට ලියමින් හිටියා. තවත් තැනක දෙන්නෙක් බර කතාවක. තව කෙනෙක් දවසේ වැඩ පටන්ගන්න මේසය පිහදාමින් හිටියා. මේ හැමදේම අතරෙ ලියමින් හිටිය අය ඇරුණාම අනිත් අයගේ ඇස් තමන් දිහාවට හැරෙන බව නංගියාට තේරුම් ගන්න බැරි වුණේ නෑ.

ඒ ඇස් හැමදාම තමන් වෙතම හරවා ගන්න ගමනකින් නංගියා ඔවුන්ව පහු කරගෙන ඉස්සරහට ගියා. දොර ළග හිටපු පියන් “ගුඩ් මොර්නින්ග් මිස්” කියාගෙන නංගියාව බොස්ගෙ කාමරය ඇතුළට යැව්වා.

කාමරය ඇතුළට ගිය නංගියාව සේරමට කලින් පිළිගත්තෙ හදුන් කූරු වලින් නික්මෙන සඳුන් සුවඳක්. නංගියා පපුව පිරෙන්න ගත්ත හුස්ම පොදකින් ඒ සුවඳ ඇඟ ඇතුලටම ඇද ගත්තා. ඒ කොච්චර බරකින් ගත්ත හුස්ම පොදක්ද කියනවානම් අලුත් ඔෆිස් එකේ බොස්ටත් ඒ සද්දෙ ඇහුණා.

ෆයිල් කවරයක් වෙත යොමුවෙලා තිබුණ බොස්ගේ ඇස් ඒ සද්දෙ නිසා නතරවුණේ නංගියගේ ඇගේ හැපිලා..

“ගුඩ් මෝර්නින්ග් සර්” කියාගෙන නංගියා ඒ ඇස් පිළිගත්තා.

“වෙරි ගුඩ් මොර්නින්ග්” කියලා බොස් උත්තර දුන්නත් එයාගේ ඇස් තිබුනෙ නංගිගේ ශරීරයේ. කර වැඩිපුර කපලා මහලා තිබුණා ඔසරි හැට්ටයෙන් පියයුරු වලින් බාගයක්ම එලියට ඇවිල්ලා තිබුණා.

“තව ටිකක් එලියට ආවනම්...”වගේ අදහසක් එක්ක තමන්ගේ ඇඟ ඇතුළේ වැහි නැතත් හෙන ගහනවා වගේ බොසාට දැණුනා.  

“සර් මං”

“ඔව්.. මං දන්නවා..ඔයා මෙතන වැඩට එන්න ඉන්ටර්වීවූ ඇවිත් ඉන්නේ... මං හරි නේද?”

හ්ම්!

ඒත් ඔයා වරදක් කළා..

මොකක්ද සර් ඒ ?

කෙනෙක්ගේ රූම් එකක් ඇතුලට එනකොට මුලින්ම “එක්ස්කියුස්” කරන්න ඕන.. එකට කියන්නෙ ඩිසිප්ලින් කියලා.. මාගාව වැඩ කරනවානම් මුලින්ම තියෙන්න ඕන සුදුසුකම තමයි ඩිසිප්ලින්..

අලුත් ඔෆිස් එකේ බොසා ඩිසිප්ලින් ගැන කතාකලත් එයාලග නැත්තෙත් ඒකම බව නංගියාට අලුතෙන් කියලා දෙන්න ඕන වුණේ නෑ. පුළුවන් උපරිමයටම පාත්කරලා ඇදලා හිටපු ඔසරියෙන් එලියට පැනපු ශරීර කොටසේ ඉදලා බාගයක් එලියට පැනපු පියයුරු උඩ බොසාගේ ඇස් දඟකරන්න අරගෙන බව ඒ වෙනකොටත් නංගියාට තේරුම් ගිහින් තිබුණා.

ආයෙමත් වෙරළු මල් සුවද ළඟ බව විතරක් නෙවෙයි... ජොබ් එකත් ටක්කෙටම හම්බෙන බවටත් ඒ තේරුම් ගැනීම ස්ථිර කළා.

මේ වගේ වෙලාවක කරන්න ඕන මොකක්ද කියන එක ගැන අවිදිමත් අධ්‍යාපනයක් නංගියාට තිබුණා. ඒකට සමහරු කියන්නෙ ගනදෙවි නුවන කියලා. ඒත් ඒකට නංගියා කිවුවේ “කොළ කඩාගන්න එන එකාට ගෙඩි කවනවා”කියලා.

එකපාරටම අනිත් පැත්ත හැරුණු නංගියා බොසාගේ කාමරයෙන් එලියට ගියෙත් ඒනිසා. අලුත් ඉන්ටවිව් ආව කෙල්ල වචනයක් වත් නොකියා ආයෙමත් යනවා දැකපු බොසා ශෝකී පුදුමයකින් බලාගෙන හිටියා. අතට ආව එක කටට දාගන්න බැරිවෙයිද කියන ඒ ශෝකී පුදුමය බොසාගේ හිතට කාංසාවක් ගෙන ආවා. හදිසියේම හිතට කඩාගෙන පැනපු කාංසාවත් එක්ක තාලෙට උකුල පද්දලා යන නංගියාව නොපෙනී යනකන්ම බොසා රසවින්දා.

මොනවා වුනත් බොසාගේ කාංසාව වැඩි වෙලාවත් තියෙන්න නංගියා ඉඩ තිබ්බේ නැ.

ඒ වෙනකොටත් යන්තම් ඇරුණු දොරෙන් නංගියා අයෙමත් බොසාගේ කාමරේ ඇතුළට ආවා.

“එක්ස්කියුස් මි සර්”කියාගෙන බොසාට නංගියා දාපු  බැල්ම බොසා දරාගත්තේ පුටුවේ ඇදි දෙක මිරිකලා අල්ලගෙන.

“පිස්සු කෙල්ල.... ඔයා ෆර්ස්ට් ඉන්ටවිව් එකෙන් සිලෙක්ට්... සතියකින් ෆයිනල් ඉන්ටර්විවු එක.. සර්ටිෆිකෙට් සේරම අරගෙන එන්න... දැන් යන්න....” බොසා එහෙම කිවුවත් ඒ වචන පිටවුනේ තමන්ගේම කටෙන්ද කියලා සැකයක් බොසාට තිබුණා..

ආයෙමත් සැරයක් ලොක්කට දරාගන්න බැරි බැල්මකින් සංග්‍රහ කරපු නංගියා කලින්ටත් වඩා උකුලට තාලයක් එකතු කරලා කාමරෙන් එලියට ආවා.




ආයෙමත් සතියකින්...




පාවෙල්.








Previous
Next Post »