වැරදුනේ කොතැන ද? (පිටස්තරයා - 15)

වැරදුනේ කොතැන ද? (පිටස්තරයා - 15)


  • ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවප‍්‍රමාණය වීම.

ශ‍්‍රී ලංකාවේ පැවති වැඩවසම් සමාජ ක‍්‍රමය බිඳ වැටුනේ යටත් විජිත පාලන සමය තුළදී ය. එහි ප‍්‍රධාන කේන්ද්‍රය 1833 කෝල්බෲක්-කැමරන් ප‍්‍රතිසංස්කරණයයි. එය හුදු දේශපාලන වැඩපිළිවෙළක් පමණක් නොව ආර්ථික, දේශපාලන, සමාජ ක්ෂේත‍්‍රය පුළුල් වෙනසකට ලක් කිරීමේ ප‍්‍රතිසංස්කරණයකි. එතුළින් ශ‍්‍රී ලංකාව රාජාණ්ඩු වාදයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයටත් වැඩවසම් ආර්ථිකයෙන් ධනවාදයටත් පරිවර්තනය කිරීම සිදුවිය. 

1833 ප‍්‍රතිසංස්කරණයේ ප‍්‍රධාන පරමාර්ථය ආර්ථික වුවමනාවන් ඉටු කරගැනීමය. ආර්ථිකයේ හැඩතල වෙනස් කිරීමට අනුරූපීව සමාජ, දේශපාලන ක්ෂේත‍්‍රය ද වෙනස් කිරීමට එතුළින් පියවර ගත්තේය. මේ අනුව වතු වගාව ව්‍යාප්ත කළ අතර ඒ සඳහා අවශ්‍ය ශ‍්‍රමිකයින් ලබා ගැනීමට කුලය මත රැුකියාව සිදු කළ රාජකාරි ක‍්‍රමය අහෝසි කළේය. එයින් පසු කුලය මත රැුකියාව නොව හැකියාව මත රැුකියාව කරන නිදහස් ශ‍්‍රම වෙළඳපොළ මෙරට බිහි විය. තම ආර්ථික අරමුණු ඉටුකර ගැනීමට හෝ එවැනි අශිෂ්ට ක‍්‍රමයක් විප්ලවයකින් තොරව නීතියෙන් නිමා කිරීම කෙතරම් ශිෂ්ට ද? එය වසල සූත‍්‍රය දේශනා කළ මිහිඳු හිමියන්ට කළ නොහැකි වුව ද ඉංග‍්‍රීසීන් සිදු කළේය. එම නිසා අද සමාජය ගොඩ නැගීමට ඉංග‍්‍රීසීන් කළ දායකත්වය ඉතා ඉහළය. 

1833 කෝල්බෲක්-කැමරන් ප‍්‍රතිසංස්කරණයෙන් බටහිර අධ්‍යාපන ක‍්‍රමවේදය මෙරටට හඳුන්වා දුන්නේය. එම නිසා මෙරට සාම්ප‍්‍රදායිකව පැවති පිරිවෙන් අධ්‍යාපනය අඩපණ විය. පිරිවෙන් අධ්‍යාපනය යටතේ අධ්‍යාපන අයිතිය හිමි වූයේ රදළ පුරුෂයින්ට පමණි.  කාන්තාව ද, සාමාන්‍ය ජනයා ද එයින් ප‍්‍රතික්ෂේප විය. නමුත් බටහිර අධ්‍යාපන ක‍්‍රමය යටතේ පංති පදනම මත හෝ කාන්තාවන්ට ද අධ්‍යාපන අයිතිය හිමි විය. එම නිසා මෙරට කාන්තාවෝ ද සමාජ බලවේගයක් ලෙස අද පෙරට පැමිණ ඇත. එයද ශිෂ්ට සමාජයක ලක්‍ෂණයකි. 

1833 කෝල්බෲක්-කැමරන් ප‍්‍රතිසංස්කරණ තුළින් ලංකාවට ව්‍යවස්ථාදායක සභාවක් හඳුන්වා දුන්නේය. එ සාමාජිකයින් 15 කින් යුක්ත විය. අතීත රාජාණ්ඩු පාලනය වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙරට ස්තාපිත කිරීමේ ආරම්භක අවස්ථාව එය විය. එය ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක‍්‍රමයේ ආරම්භයයි. වැඩවසම් පාලනය වෙනුවට ක‍්‍රමිකව මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ප‍්‍රවිශ්ට වීම ශිෂ්ටය. ඉන්පසු 1910 කෲව් මැකලම් ආණ්ඩු ක‍්‍රමයෙන් සීමිත ඡන්ද බලය හඳුන්වා දුන් අතර 1931 දී මෙරට මධ්‍යම පාංතිකයින් ප‍්‍රතික්ෂේප කරද්දී සර්වජන ඡන්ද බලය හඳුන්වා දීමද සිදු කළේය. එමෙන්ම තමන්ට හඳුන්වා දුන් ‘වාර්ගික නියෝජනය’ ද අවසන් කළේ ‘එය ශ‍්‍රී ලංකාව නැමැති දේශපාලන ශරීරයේ හට ගත් පිළිකාවක්’ ලෙස සලකාය. එය එක් අතකින් රෙට ජාතිය ගොඩනැගීම උදෙසා මහඟු විටිවහලක් වනු ඇතැයි ඔවුන් විශ්වාස කළේය. එමෙන්ම 1947 පාර්ලිමේන්තු ක‍්‍රමය ද මෙරට ස්ථාපිත කළ අතර 1948-2-4 වනදා නිදහස ද ලාබ දුන්නේය. ක‍්‍රමයෙන් සුළු ජාතිකයින්ගේ රැුකවරණය උදෙසා ද ක‍්‍රියාමාර්ග ගත්තේය. එපමණක් නොව රාජ්‍ය සේවයේ ස්වාධීනතාවය හා අධිකරණයේ ස්වාධීනතාවයට කොමිෂන් සභා ද හඳුන්වා දුන්නේය. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදීය. 

ශ‍්‍රී ලංකාවේ යටත් විජිත පාලනය තුළ එක්වර නොවුණ ද ක‍්‍රමිකව මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ආයතන ව්‍යූහය ප‍්‍රසාරණය විය. 

  • වැරදුනේ කොතැන ද?

බටහිර පාලනය යටතේ ක‍්‍රමිකව ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ලක් වූ ලංකාව අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වී යන භූමියක් බවට පත්ව ැත. ස්වාධින ජාතියක් බවට පත්වීමට උත්සාහ දරා ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්පූර්ණයෙන්ම අවප‍්‍රමාණ්‍ය කරමින්ය. 1972 ප‍්‍රථම ජනරජ ව්‍යවස්ථාව බිහිවීම එහි ආරම්භයයි. එම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය හිමි කර දෙමින් ශ‍්‍රී ලංකාව ලෞකික රාජ්‍යයෙන් ආගමික රාජ්‍යයකට පරිවර්තනය කළේය. ස්වාධීන රාජ්‍ය සේවය වෙනුවට රාජ්‍ය සේවය දේශපාලනීකරණය කළේය. එමෙන්ම අධිකරණ සේවය ද දේශපාලනීකරණය කළ අතර, අධිකරණය ආණ්ඩුවේ දුර්වලම ආයතනය බවට පත් කළේය. තවද සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බව ව්‍යවස්ථාවෙන්ම පිළිගත්තේය. සුළු ජනවර්ග දේශපාලනයෙන් කොන් කළේය. ව්‍යවස්ථාවනිර්මාණයේදී ද ඔවුන්ගේ අදහස් බැහැර කළේය. කඩ වීමෙන් පසු තවුරු කර ගත නොහැකි මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයක් ව්‍යවස්ථාගත කළේය. සම්පූර්ණයෙන්ම බලය මධ්‍යගකත වූ ආණ්ඩුක‍්‍රමයක් නිර්මාණය කළේය. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයැයි කියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම හකුලූවාලූයේය. සරලව පවසන්නේ නම් ශ‍්‍රී ලංකාව සිංහල රාජයයක් බවට පත් කළේය.එම ආණ්ඩුවේ කොල්වින් ආර් ද සිල්වා, එන්.එම්. පෙරේරා වැනි වාමාංශිකයින් ද සිටියේය. අවසානයේ ලංකාව බෙදුණු ඒකීය රාජ්‍යයක් විය. 

1977 දී ජේ.ආර්. ජයවර්ධන යුගය ආරම්භ විය. හයෙන් පහක පාර්ලිමේන්තු බලයෙන් ඔද වැඩුණු එක්සත් ජාතික පක්‍ෂයදනව ව්‍යවස්ථාවක් සම්පාදනය කළේය. එය පාර්ලිමේනතු ක‍්‍රමය වෙනුවට පාර්ලිමේන්තු හා ජනාධිපති ක‍්‍රමය මිශ‍්‍ර කරගත් දෙමුහුන් ගෝලිස්ට් පන්නයේ ව්‍යවස්ථාවක් විය. එතුළින් ද සිදු වූයේ නව මුහුණුවරකින් බලය මධ්‍යගත කිරීමයි. ඒ විධායක ජනාධිපති ධූරය තුළය. ජනතා ඡන්දයෙන් වසර හයකට බලයට පත් වන ජනාධිපති ධූරය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් ලොව ස්ථාපිත කර ඇති ප‍්‍රබලතමබලතල සහිත ජනාධිපති ධූරයයි. ඒ හරහා ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් මෙරට ගොඩනගා ඇත. එම ධූරයට රාජය නායකයා, විධායකයේ නායකයා, ආණ්ඩුවේ නායකයා, සන්නද්ධ සේවාවන්හි අණ දෙන නායකයා ලෙස ප‍්‍රබල බලතල හිමි කර දුන්න ද ඒවා සංවරණය කර නැත. එම නිසා මෙම ජනාධිපති ධූරය කුමන පුද්ගලයෙක් අතට ගිය ද උදා කරන්නේ වර්තමානතත්ත්වය යටතේ ඇති කර තිබෙන වාතාවරණයමය. 

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක ආණ්ඩුවක් බලයට පත් වූ පසු වුව දය ආඥාදායක වීමට ඉඩ ඇත. එම නිසා ඇක්ටන් සාමි පැවසූයේ අධික බලය අධික දූෂණයට හේතු වන බවයි. නමුත් ආණ්ඩුවක් හිතුවක්කාරී වීම වැළැක්වීමේ උපක‍්‍රම ඇත. ඒවායින් ප‍්‍රධානම උපක‍්‍රමය වන්නේ යහපත් ව්‍යවස්ථාවක් පැවතීමයි. යහපත් ව්‍යවස්ථාවක් වන්නේ සෑම ජන වර්ගයකම, කණ්ඩායමකම අදහස්වලට ගරු කරමින් නිර්මාණය කරන ලද ව්‍යවස්ථාවකි. නමුත් නිදහසින් පසු බිහි වූ ව්‍යවස්ථා දෙකම හුදු දේශපාලන අරමුණු වෙනුවෙන් දේශපාලඥයින් විසින් සකසන ලද ඒවාය. තම බලය තහවුරු කර ගැනීමට පමණක් සකසන ලද ඒවා වේ.ව්‍යවස්ථාවක් සැකසීමේදී අනුගමනය කරන කත‍්‍රමවේද අප භාවිතා කර නැත. අවම වශයෙන් ඉන්දීය මොඩලයවත් අනුගමනය කර නැත. ඉන්දියාවේ ජාතික නායකයා ගාන්ධිය. දේශපාලන නායකයා නේරුය. ශාස්ත‍්‍රීය නායකයා රවින්ද්‍රනාත් තාගෝර්ය. ව්‍යවස්ථාව සෑදීමේදී මූලිකත්වය ගත්තේ ආචාර්ය අම්බෙඞ්කාර්ය. ඔවුන් පටලවා ගත්තේ නැත. එම නිසා ව්‍යවස්ථාවේ ආගමක් ගැන සඳහනක්වත් නැත. පාලකයින්ට අධිකරණ මුක්තිය නැත. එම නිසා ජයලලිතා හිරේ යන්නීය. ඒ බුද්ධිමතුන් ව්‍යවස්ථා නිර්මාණය කළ නිසාය. 

ව්‍යවස්ථාවක් පැවතිය ද එයට අනුව පාලනය ලංකාවේ නැත. ජේ.ආර්. හඳුන්වා දුන් අවම මූලධර්මවත් භාවිතා නොකරන්නේය. එම නිසා ව්‍යවස්ථානුකූල වාදය ද නැත. පවතින ව්‍යවස්ථාව පූජනීය නැත. එය සියලූ දෙනාගේ ගෞරවයට පාත‍්‍ර වී නැත. 

ආණ්ඩුවක් හිතුවක්කාර වීම වැළැක්වීමට නම් බලතල බෙදිය යුතුය. එනම් ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ ලෙස ආණ්ඩුවේ බලය බෙදා ආයතන ත‍්‍රිත්වයකට පවරා දිය යුතුය. ලංකාවේ එවැනි ආයතන ත‍්‍රිත්වයක් නාමිකව පැවතිය ද ව්‍යවස්ථාදායකය සහ අධිකරණය බලවත් නැත. පාර්ලිමේන්තුවේ ඉරණම ජනාධිපතිට තීරණය කළ හැකිය. විසුරුවා හැරීම, කල් දැමීම, වාර අවසන් කිරීම සිදු කරන්නේ ජනාධිපතිය. එමෙන්ම ඉහළ අධිකරණ විනිසුරුවන් පත් කරන්නේ ජනාධිපතිය. එය ස්වාධීන නොවන්නේය. ඇමති මණ්ඩලයක් සිටිය ද එයට විධායක බලතල නැත. 

ඉහතින් සඳහන් කරන ලද විධිවිධානවලට අමතරව මෙරට ස්වාධීන රාජ්‍ය සේවයක්, ස්වාධීන පොලීසියක් ද නැත. එමෙන්ම ඉන්දියාවේ මෙන් බලගතු මැතිවරණ කොමිසමක් ද නැත. එම නිසා නිදහසින් පසු ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවප‍්‍රමාණය වී ඇත. 

1978 හඳුන්වා දුන් විධායක ජනාධිපති ධූරයේ නරකයන් පෙර සිටම දැක්කේ මෙරට වාමාංශිකයින් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. එම නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් බලයට පත් වූ ජනාධිපතිවරු දෙදෙනාම පොරොන්දු වූයේ මෙම ධූරය අහෝසි කරන බවයි. නමුත් එය සිදුවූයේ නැත. එහි ඛේදනීය තත්ත්වය නම් මහින්ද රාජපක්‍ෂ 18 වන ව්‍යවස්ථා සංශෝධනය සමගින් තවදුරටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය විකෘති කිරීමයි. එම නිසා පළමුව මහින්ද රාජපක්‍ෂ පරාද කළ යුතුය. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අත්‍යවශ්‍යයයි. ඒ සඳහා විපක්‍ෂයට ප‍්‍රධාන වගකීමක් ඇත. අවස්ථාව උදා වී ඇත. එහිදී විග්නේෂ්වරන්ට, රනිල්ට, අනුරට, ෆොන්සේකාට හා සිවිල් සමාජයට ස්වර්ණමය අවස්ථාවක් උදා වී ඇත. එම අවස්ථාව පැහැර හරින්නන් මහින්දට පෙර ඉතිහාසයේ කුණු කූඩය වැළඳ ගනු ඇත. 



හේමප‍්‍රිය කවිරත්න.



Previous
Next Post »