- වෙඩි තබන්න ඕනෑ නම් තුවක්කුව මා ළඟයි -

- වෙඩි තබන්න ඕනෑ නම් තුවක්කුව මා ළඟයි -



නුඹ 
ආරක්‍ෂිත බංකරයේ දණ ගායි 
අහස නිල්ය 
පැරණි සොහොන් වලට යන මග 
තණකොළ කොල පැහැ විය 
මගේ සිත චංචලය 
හමුදා සීරු ගමන් සේ 
මගේ පපුව ගැහේ 
පුංචි කාවන් දනී 
ආරක්‍ෂිත තැන් කෙසේ හාරා ගත යුතුද කියා...

බෝම්බ වලට බියෙන් 
කකුළුවා නොනිදයි.
සඳ එළිය සේම 
හාවුන්ද සැඟව ඇත.
කළු වලාවලින් සතුරන්ගේ 
දැක්මට බාධා කෙරුණි.
දිය පහර,නිම්න හා ගම් දනව් 
පසු කරන භට කණ්ඩායම් 
නොපෙනෙන්න සඟවමින් 
ගස්,මල් පවා ගමනේ යෙදුණා.
මගේ පුතත් කොහේ හෝ යාවි 
තනිවම ඔවුන් පාරේ හිඳී 
නුඹ දිනෙක එතැන ගනීවි 
අපේ ගැඹුරු ආරක්‍ෂිත බංකරය 
අපේ නිවසටත් වඩා අගනේය.

වෙඩි තබන්න ඕනෑ නම් 
තුවක්කුව මා ළඟයි 
උණ්ඩත් සූදානම් 
උඹ උස් මහත් වේවි 
ජීවිතය නුඹ අතට ගනීවි 
අද මා කුමක් සිතන්නද 
මට නුඹේ පුංචි දවස් ගැන 
යළි යළිත් සිතුණා...

අනාගතයේදී 
අපේ සිහින සැබෑ වූ දිනෙක 
උඹ අපේ ඉතිහාසයට 
දැඩිව ආදරය කරාවි!


- මෙය කාන්තාවකගේ මාතෘ සෙනෙහස හා සටන් පෞර්ෂයේ හැඟීම් එකතුවක් සේම අරගලය තුළ ඇති දැඩි බව තුළදී මව් සෙනෙහසින් සෞම්‍ය වන්නේ කෙසේදැයි පිරිමියෙකු දකින ආකාරයකි.



' වියට්නාම් ගරිල්ලා කාන්තාවන්ගේ යුධ අත්දැකීම් '  
පරිවර්තනය - ජනජීව වේහැල්ල.




Previous
Next Post »