චතුරංග පෙරේරා ලියන බෝඩිම - අමුයි බං.


ඕං... ඉතිං අපේ බෝඩිං ජිවිතේ සොදුරු මෙන් ම අසුන්දර අත්දැකීම් තියෙනවා.

ඇස් දෙකට කදුළු
උලන දුකක් වු විට
සැටියේ නිදාන චමතයා..
රාත්‍රීයේ අවටින් ඇසෙන
හඩ වලට ගීත ගොතන
ගායක තුසිතයා..
අම්මා,අප්පා,නංගී දුර තනිකර
ක‍ටු ජිවිතේ ‍රැකගන්න වෙහෙසෙන
ශක්ති ශීවා..
ආදරය පළුදු වෙලා
ෂිෆ්(රා) පැනලා ගියා
වසිම් සිංදු හරවයි එක රොත්තට..
ගෙදර යන්න බෑ අද
මට වැඩි වෙලා වගේ
සුමුදුවා සුමුදු බයෙන් නිදා ගනී බෝඩීමට වෙලා..

මේ බෝඩිමේ ඉන්නකොට ලියු පද පේළියක්..මේක දැකලා තුසිතයා..චමතයා නම් කිව්වේ 'අමුයි බං'කියලා.ඒත් ඉතිං අමුයි කියලා හිතට එන දේ නොලියා ඉන්න බැරි අතක් තියෙන නිසා හැමදේම ලියනවා.බෝඩිම ඉස්සරහ සයිවර් දෙමළ කඩයක් තියෙනවා.එළවළු කෑම පමණයි.ඒත් අල බෝංඩා,‍තෝසේ නම් රස කියන්න වචනත් නැහැ.අපි ඉතිං මේ අවට තියෙන කෑම කඩවල හොදම කස්ටමර්ස්ලා.කෑම කඩේ මුදලාලිට වඩා ෆීට් කරගන්නේ කෑම දාන කෙනා.ආයිත් කියන්න ඕනේ නැහැ අපි එක වල්ලේ පොල් නිසා ඒ කොල්ලා අනිවාර්යෙන් අපිට වැඩියෙන් දාලා පාර්සල් කරලා දෙනවා.

අපේ කන්ට්‍රැක් සෙට් එකට අලුත් සමාජිකයෙකුත් එකතු වුනා.ඒ තමා ආත්මා..ඕෆීසීයේ මගේ හොදම ෆීට් එකක් වුනා.මිනිහා ගැන කියනවා නම් හොද චරිතයක්.කියන දේ මුහුණටම කියන,නැති දේ වුවත් සොයා ඉල්ලා දෙන පුද්ගලයෙක්.හැබැයි මිනිහා එකකට රුසියා..වෙන මොකටවත් නෙමේ කෑමට.අන්තීම මොහොත දක්වා බැටිං කරනවා.කොට කොණ්ඩේ කේරෙල් එකෙක්.අපි හැමදාම ආත්මා ට කියන්නේ ' රබර් බොක්ක' කියලා.කොච්චර කෑවත් ඇග හැදෙන්නේ නම් නැහැ.ගෙවල් වල කෑම කන විට කට්ටිය සොලෝ බැටිං යන්නෙ.හලාල් කොත්තුව දිග හැරිය ගමන් ආයිත් මුත්තයියාගේ දුෂ් රා වලටත් කෝලි හයේ පහරවල් ගහනවා වගේ..අල්ලට පිඩක් තමා කන්න වෙන්නේ.

අපේ ස්ටාෆ් එකේ දහ අට දෙනෙක් සිටියත් ඉන් නවයක් ම පර්මනෙට්.අනිත් නවදෙනා අපි.අපි ස්ථිර නැහැ.ස්ටාෆ් එකමුතුයි.ටිකක් පර්මනේට් අයගේ ලොකු වැඩත් තියෙනවානේ.ඒ වැඩවලට අපිත් හැරිලා ගිහින් බැට කෑවා.විකුම් කියලා ප්ර්මනේට් කෙනෙක් ගේ උපන්දිනයට පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් කෙක් එකක් ගේනාවා.මිල රුපියල් 850 යි.පර්මනෙට් අය උපන්දිනයට කෙක් ගෙන්නේ එහෙන්.අපිට නම් ඉති හැමදාමත් වගේ "වාසනා බේකර්ස්" තමා.මිල අඩුයි.උපන්දින රාත්‍රී සාදයට "අපේ බෝඩිම" තමා සෙට් වෙන්නේ.පටන් ගැන්මේදී මැදිකම් කරන අය පස්සේ බෑග් එකේ පර්සයේ තියෙන රුපියල දක්වා ඇදලා දෙනවා.හොදට පදම් වුනාට පස්සේ කට්ටිය කියන සිංදුව තමා බෝඩිමේ ජාතික ගීය...ඒ කැලර්ස් ගේ " ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කා ගෙන් වාගෙයි - මොකක් කියලා ද දන්නෑ එහේ ගියෙත් නැහැනේ.." ආදරෙන් පරාජය වුවන්ට දඹිළ ගීයකින් පදම තවත් තිවු කරන්නේ ශිවා සහ වසිම් ය.ඒ වාරණම් ආයිරම් චිත්‍රපයේ ' අව යෙන්න යෙන්න තේඩි වන්ද අන්ජල' ගීතයෙනී.මාත් ඒ ගීතය මුල් දිනේ ඇසු විට හිත සලිත වුනා.

වැඩිවෙන කාටත් එදාට නවාතැන අපේ බෝඩිමයි.ඇත්තට ජිවිතය කියන්නේ මේකයි.ලොකේට තනියෙන් ඇවිත් බැහැලා පිහීනලා තේරුම් ගන්න ඕනේ ලෝකේ මොන වගේ ද කියලා.අදටත් මම බෝඩිමෙන් ලබපු අත්දැකිම් බොහෝමයි.ඕනෑම බෝඩිං සෙට් එකක් අතරේ පට්ට පිරිසිදු ෆීට් එකක් තියෙනවා.කන්න අතේ සල්ලි නැති වුනත් අනිත් කෙනාගෙන් " උඹ කෑවා ද?" කියලා අහන එක අපේ බෝඩිමේ විතරක් නෙමේ අනිත් බෝඩිං සෙට් එකත් අතරේ සිරිතක්.සමහර දවස් වලට රෑ වේලට රුපියල් තිහක පරිප්පු වඩේ වලින් කුස පුරවා ගන්නා අවස්ථා ද අනන්තය.තනියෙන් කෑමක් අපි අතර නොතිබුණ ද අනිත් එකා ගැන සිතා බඩගින්නේ සිටින්නට යන අවස්ථා ද බොහෝය.මාසික වියදමට ගෙදරට මුදල් යැවු විට අතේ වියදමට ඉතිරි වන්නේ ඉන් අඩක් හෝ සුළු මුදල් ප්‍රමාණයකි.ඒ මාසේ රෝල ගහන්නට සිදු වන්නේ එයිනි.ඒ නිසා අපිට ඕ.ටී වැඩිපුර කරන්නට සිදු විය.

ජීවිතය ගලා යයි
බොහෝ අය අප දෙස
බලා හිදී....
"තවම ස්ථිර වුනේ නැද්ද?"
ඔහු අපෙන් අසන්නේ කුමක්ද?
ජිවීතය ද?
‍රැකියාව ද?


-සතියක කොමාවක්-



චතුරංග පෙරේරා | Chathuranga Perera
 



Previous
Next Post »