කවුරුද කැමති මට බත් අම්මා වෙන්න? -ඉෂාර ලක්මිණ


"ආවේ ගෙදර සිට ඩිග්‍රිය අරගන්න
කෑවේ පාන් අප හට නැත බත් කන්න
කොක්කක් ගැහුවොතින් හැක මට බත් කන්න
කවුරුද කැමති මට බත් අම්මා වෙන්න"

-රුහුණ විශ්ව විද්‍යාලය-

අදින් ආරම්භ වන නැවුම් විශේෂාන්ගයක් ලෙස 'සරසවි කුරුටු ගී විවරණය' හදුන්වා දීමට කැමැත්තෙමි.

ලාන්කේය රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තුළට උසස් පෙළ අසීරු ඉලක්ක කඩයිම ජය ගෙන පැමිණෙන ශිෂ්‍යයින් සරසවි ජීවිතයේදී තමනට විදින්නට සිදු වන්නා වූ අත්දැකීම් අරඹයා 'සරසවි කුරුටු ගී' ලියා තබයි.මෙය එක්තරා ආකාරයක ජන ගී ප්‍රභේදයක් ලෙස වර්ගීකරණය කළාට වරදක් නොමැත්තේ පුරාණයේ අපේ ආදිතමයින් පාලුව,මහන්සිය,දුක් ගැහැට ප්‍රකාශ කරනු වස් ජන ගී ගායනා කරන ලද බැවිනි.

සරසවි කුරුටු ගීත එක්තරා ආකාරයක අවාචික සන්නිවේදනයකි.මෙහි විශේෂත්වයනම් කුරුටු ගීත ලියන්නෙක්ගේ නම් ගම් සදහන් නොකිරීමයි.

ඉහත සරසවි කුරුටු ගීතය මා ඇස ගැටුනේ ගිය වසරේ ශිෂ්‍ය වීර සැමරුම වෙනුවෙන් රුහුණ සරසවියට ගිය අවස්ථාවේදී එහි ඉහළ ආපන ශාලාවත්,මහා ශිෂ්‍ය සන්ගම් කාර්යාලයත් ආසන්නයේ සුවිසල් බැම්මක තිබීය.

ගෙදර දෙමව්පියන් වියදම් කර තම දූ පුතුන් සරසවි වෙත එවන්නේ මහා බලාපොරොත්තු පොදියක් සමගින්.සරසවියේදී ආපන ශාලාවලින් යම්තාක් හෝ පිරිසිදුවට කන්න ලැබෙන්නේ පාන් සමග පරිප්පු හොද්ද පමනි.බත් විකිණීමට තිබුනත් බාල වර්ගයක හාලකින් පිසින ලද ,කොල මැල්ලුමක්, කටු මාලු, පරිප්පු ඇටයක් සොයාගැනීමට දුශ්කර වතුර වැනි පරිප්පු හොද්දක් සරසවියේ ආපන ශාලාවේ සුලභය.කොක්කක් ගහනවා යනු කෙල්ලෙක් කොල්ලෙක්වත්,කොල්ලෙක් කෙල්ලෙක්වත් සමගත් ආදර සම්බන්දතාවයක් ඇති කරගැනීම වේ.කොකු අතර ජනප්‍රියම කොක්ක බත් කොක්ක වේ.එහිදී කෙල්ල විසින් කොල්ලාටද සෑහෙන පරිදි බත් මුල් ගෙන ඒම සිරිතයි. සීනියස්ලා එවැනි කෙල්ලොන්ට බත් අම්මා යනුවෙන් විහිලුවට පවසයි.

{නැවතත් සරසවි කුරුටු ගීයකින් හමුවෙමු...}

-ඉෂාර ලක්මිණ



Previous
Next Post »

1 comments:

Click here for comments