සරසවි දූ පුත්තු නොමරා මැරුව අතපත්තු කවුද?

සරසවි කුරුටු ගී විවරණයේ 2 වන අදියර මෙසේ දිග හරිමි...



ධනපති පන්තියෙන් පැන තැන    අරගත්තු
කලා පීඨ අධිපති ඩී                    අතපත්තු
තම නිල බලය ගිනි අවියක්         කරගත්තු
නොමරා මරණවා සරසවි  දූ             පුත්තු

ඉහත සදහන් කළ 'සරසවි කුරුටු ගීය' මා වෙත හමු වූයේ රුහුණ සරසවියේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ දේශන ශාලවක බිත්තියක තිබීය.මෙහි ධනපති පංතියෙන් පැන තැන අරගත්තා ලෙස සදහන් කර තිබෙන්නේ එවකට එක්සත් ජාතික පක්ෂ රජයේ මුදල් අමාත්‍යවරයා වූ රොනීද මැල් මහතා සමග ඩැනී අතපත්තු ආචාර්ය වරයා ඉතා සමීප සබදතා පැවැත්වීම විය යුතුය.ඩැනී අතපත්තු ආචාර්යවරයා රුහුණු විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ  පීඨාධිපතිවරයා ලෙස කටයුතු කරන ලද වකවානුවේ දැඩි තීරණ ගන්නා අයෙකු ලෙස ක්‍රියාත්මක වීමට උරණ වූ සරසවි සිසුවෙකු අතින් මේ සරසවි කුරුටු ගීතය ලියවුන බවක් පෙනේ...

(කෙසේ වෙතත් මෙම සරසවි කුරුටු ගීතය ඔබ වෙත මෙලෙස ගෙන ආවේ මහාචාර්ය ඩැනී අතපත්තු මහතාව අපහසුතාවයට පත් කරන අදහසින් නොවේ.ඔහු තුළ වන ආර්ථික විද්‍යාව විෂය දැනුම කිසි සේත් අවතක්සේරු කළ නොහැකිය.2013 වර්ෂය දක්වාම අකණ්ඩව උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සැකසීමේ කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලද්දේත් මහාචාර්ය ඩැනී අතපත්තුය.)

ඉෂාර ලක්මිණ












Previous
Next Post »