නවකයින් ලොක්කන් වන නවක වධය එදා සහ අද...



1940 දශකයේදී මෙරට පැවතියේ කොළඹ යුනිවර්සිටි කොලීජියත්,පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයත් පමණි.ආරම්භක වකවානුව තුළදී මෙරට විශ්වවිද්‍යාලයන්හි 2වන ලෝක යුද්ධයේ යුද්ධ සොල්දාදුවන්ගේ ආභාශයෙන් පැමිණි නවකයක් තිබුනි.එමෙන්ම එංගලන්තයේ විශ්වවිද්‍යාල වල පැවති රාජකීය ඇතුලත්වීමේ ක්‍රීඩා ලෙස නවකයක් පැවතුණි.එහි සමහර ලක්ෂණ මෙරට විශ්වවිද්‍යාල වලට යම් පමණකට ගලා ආ බවක් 1955 දක්වා කාල වකවානුව විමසීමේදී තහවුරු වේ.1956 ශ්‍රී ලංකාව තුළ සිදු වූ ආණ්ඩු පෙරළිය වාමාංශික නැඹුරවක් ගත් එකක් විය.ඒ තුළින් විද්‍යාදය,විද්‍යයාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාලයන් බවට පත් විය.කොමියුනිස්ට්වාදීමත දරන ශිෂ්‍ය සංගම් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බිහි වන්නට විය.නවක ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ට කොමියුනිස්ට් මතවාද ඉගැන්වීමක් නවකයක් ලෙස මෙම කාල වකවානුව තුළදී අර්ථාන්විතව ක්‍රියාත්මකව තිබුණි.

1965 බිහි වූ ජනතා විමුක්ති පෙරමුණ කෙටි කාලයක් තුළදී සරසවි සිසුන් වසග කරවා ගැනීමට සමත් වූයේ; 1970 සමගි පෙරමුණ ආණ්ඩුව සමග ලංකා සම සමාජ පක්ෂයත්,ශ්‍රී ලංකාවේ කොමියුනිට් පක්ෂයත් හවුලකට ගොස් 1974 වන විටත් අවුල් කර ගැනීම නිසාය.නව දේශපාලන මතවාදයක් සොයමින් සිටි සරසවි ශිෂ්‍යයින්ට ජනතා විමුක්ති පෙරමුණ විකල්පය විය.ඒත් සමග නවකය නිර්මාණාත්මක මුහුණුවරක් ගත්තේය.

සරසවිය තුළින් නව අදහස් රැගත් වේදිකා නාට්‍ය,ගීත,පොත්,කාව්‍ය,විචාර එළි දැක්විනි.1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව සියල්ල උඩු යටිකුරු කරනා විවෘත ආර්ථික ක්‍රමයක් හදුන්වා දීමත් සමග ඩෙනිම් කලිසම්,කොකාකෝලා බෝතලය,8.5% අරක්කු බෝතලය,සිගරට්ටුව,ජංගම දුරකථනය සියල්ල වෙනස් කළේය.කිසිම මතවාදයක් නොමැති විද්‍යාර්ථීන් නොවන හිස් ශිෂ්‍ය පිරිසක් වෙනම කල්ලියක් ලෙස සියලුම විශ්වවිද්‍යාල ආක්‍රමණය කළේය.මේ තත්වය කැළනිය,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්ටද අදාළ විය.

1987-1991 කාලවකවානුව තුළ පැවති දැවැන්ත ශිෂ්‍ය මර්දනය නිසා ඉතුරුව සිටි මතවාද වලින් සංනද්ධ ඉතිරි ශිෂ්‍ය නායකයින්ටද පොළොව යටින් අඩි 5ත් අහිමිව තැන තැන මැරී වැටීමට සිදු විය.1992 වන විට ලාංකේය ශිෂ්‍ය ව්‍යාපරය පැහැදිලිව බෙදීම් 2කට හසුව තිබුණි. එක් පිළක් ජනතා විමුක්ති පෙරමුණට එවකට සම්බන්ධ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරනා විට අනිත් පිළ ශිෂ්‍ය අයිතීන් ධනේශ්වර දේශපාලන පක්ෂ වලට පාවා දෙමින් කථිකාචාර්යය තනතුරුවලට කෙළ හලන,රජයේ වරප්‍රසාද බලාපොරොත්තු වන පිළ විය.ඔවුන්ට සහෝදර ශිෂ්‍යාවන් පෙනෙන්නේ බඩු ලෙසිනි.අරක්කු බෝතලයක් ඇත්නම් සියල්ල පාවා දෙමින් ක්‍රියා කරයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය 2013 සිට 'ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයෙන් වෙන්ව ක්‍රියා කරයි.' 2015 මැයි රැළියේදී ඔවුන්ගේ හිටපු ප්‍රබල නායකයින් වන සංජීව බණ්ඩාර,නජිත් ඉන්දිකගේ සහාය ලැබුනේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයටයි.කෙසේ නමුත්, වර්තමානයේදීත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සහාය ලබන ශිෂ්‍ය කණ්ඩායම් ඉතා අර්ථවත් දේ වන නව නාට්‍ය නිර්මාණ,නව සංගීත නිර්මාණ,නව අදහස් නව මතවාද,සංවාද යනාදිය නවකය ලෙසින් ක්‍රියාත්මක කරයි.ඒවා කිසි විටකත් නවක ශිෂ්‍යයින්ට හිංසාකාරී නොවේ.නමුත්,නවක ශිෂ්‍යයින් හට ප්‍රධාන නගර වල සැරිසරමින් කැට අරමුදල් වල යෙදෙමින් අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට සිදු වේ.එය යම්තාක් හිංසාකාරී/කරදරකාරී අත් දැකීමක් විය හැකිය.

ධනේශ්වර මතවාදී  ශිෂ්‍ය කණ්ඩායම් නවක ශිෂ්‍යයින් බීමත්කමටත්,තමන්ට ගැතිකම් කිරීමටත් තම පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමත් වෙනුවෙන් යොදා ගනී.එහිදී ඔවුන් නවක ශිෂ්‍ය ශිෂ්‍යයාවන් මුලින්ම බිය ගන්වා තමන් වෙත අවනත කර ගනියි.තම මතවාදයට විරුද්ධ අන්තරේ මතය නියෝජනය කරන ඉහළ වසරවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබදව සතුරු මතයක් පළමු වසර සිසුන් තුළ රෝපණයට උත්සාහ ගනී.එය සිදු කරන්නේ අරක්කු සිගරට් අල්ලස් ලෙස ලබා දෙමිනි.නවක ශිෂ්‍යයාවන් මල් චීත්ත ගවුමකටත්,රබර් සෙරෙප්පු යුගලකටත් සීමා කරවමින් ඔවුන්ව දුටු ඕනෑම සල්ලාලයෙකුට හදුනා ගත හැකි පරිදි නවක ශිෂ්‍යාවන්ගේ ජීවිත මහමගදී අවධානමට ලක් කරයි.

විශ්වවිද්‍යාලයන්හි ආපන ශාලා යනු ,පළමු වසර නවක ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ වධකාගාර බවට පත් වේ.නමුත්,අන්තරේ මතවාදය නියෝජනය කරන ශිෂ්‍ය පිරිස් සෑම විටම ආපන ශාලව සංවාද මණ්ඩප බවට පත් කරගනී.සවස 6.30 වන විට මා දන්නා පරිදි සෑම විශ්වවිද්‍යාලයකම දේශන සහ පුහුණු වීම් අවසන් වේ.ඉන් අනතුරුව වගකිවයුත්තෙක් විශ්වවිද්‍යාල තුළ නොසිටී.බොහෝ විශ්වවිද්‍යාල තුළ ධනේශ්වරය නියෝජනය කරන  සල්ලාලකාරී,බේබදු පංතියේ ඉහළ වසරවල සිසුන් නවක සිසුන්ගෙන් ආතල් ගන්නා කාල හෝරාවක් බවට සවස 7.00න් පසුව කාලය පත් කරගනිති. නේවාසිකාගාර තුළ බොහෝ විට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලීය මතවාද දරන්නන්ගේ තෝතැන්නක් වන්නේ නේවාසිකාගාර ලැබෙන්නේ  දෙමාපියන්ගේ ආර්ථික තත්වය මධ්‍යම පාංතික වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටය බොහෝ දුරට.නේවාසිකාගාර තුළදී නවක ශිෂ්‍යයින්ට සැබැවින්ම විෂය කරුණු මෙන්ම,ලෝක සමාජ දේශපාලන ප්‍රවණතා පිළිබදව මතවාද ලැබේ.නමුත් 100%ක් සෑම විශ්වවිද්‍යල නේවාසිකාගාරයක්ම මේ ආකාරයැයි කීමට මා වෑයම් නොකරමි.

කැළනියේ සිදු වීමට බලපාන ලද්දේත් ධනේශ්වර නියෝජිත කුහක ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයයි.ප්‍රථම වසර නවක ශිෂ්‍යයින් අතරින්ම ඔවුහූ තම මතය ඉදිරියට ගෙන යන්නන් මේ වන විටත් පත් කරගෙන අවසන්ය.බොහෝ විට නවක වධයට ස්වේච්ඡාභාවයක් ලැබෙන්නේ එමගිනි.නමුත්,රජය 1998 පැවති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ආණ්ඩුව මෙන් 'නවක වධයට  මුවා වෙමින්' අන්තරේ ශිෂ්‍ය ක්‍රියාකාරකම් මර්දනයට සැරසේ නම් හෙට දවසේ රාජ්‍ය නිදහස් අධ්‍යාපනයට මිනී වල කපා අවසාන වේ...










ඉෂාර ලක්මිණ 

Previous
Next Post »