මත්වීම සහ ජීවිත...

2016.04.26 දින 'පසන් ජයතිලක' විසින් තම බ්ලොග් අඩවියේ තබන ලද අපූර්ව සටහනක් අප පාඨක ඔබ වෙනුවෙන් මෙසේ ගෙන ඒමට අවසර!


ඉෂාර ලක්මිණ

ලංකාව ඇතුලේ මත්වීම සම්බන්ධව තියෙන්නේ බොහොම ගතානුගතික ආගමානුකූල මතයක්. ඒක හොදක් හෝ වරදක් ලෙස දකිනවාට වඩා බලන්න වෙන්නේ මත්වීම ජීවිත තුළ ස්ථානගතවීම හදුනාගන්නා විදිහක්. ලංකාවේ බහුතරයක් බාර් හවස්වෙද්දී පිරිලා යන්නේ පිරිමින්ගෙන්. ඒක කලාපයම පොදු එකක් වුනාට ඉන්දියාවේ සමහර පැතිවල සහ නේපාලයේ සාමානයයෙන් මතුවුනු ගැහැණුනු දැකීම සාමාන්‍ය දෙයක්.

මත්වීම සම්බන්ධව නිතර කථාකරන චින්තන ධර්මධාද ක්‍රියේටිව් වෙනන්නම් සයිකොඩෙලික් ඩ්‍රක්ස් ඕනෑ කියලා එයා ලිව්ව සටහනක් ෆේස්බුක් එකට දාලා තිබුණා අපි දැක්කා. මත්ද්‍රව්‍ය ඈසුරින් නිර්මාණශීලීවීම සංස්කෘතික ක්‍රියාවලියක ප්‍රතිපලයක්. සයිකොඩෙලික් ඩ්‍රග්ස් ටොන් ගානක් ගත්තත් ඒක වීදීම සම්බන්ධව සංස්කෘතික පුරැද්දක් නැත්නම් කොහොමවත් නිර්මාණශීලී නිශ්පාදන එන්න විදහක් නෑ කියලය අපගේ අදහස. අපි මේකයන කාරණය සම්බන්ධව වෙනත් අයට වෙනත් මත තියෙන්න පුලුවන් වගේම එහෙම විවිධ මත තීබීමම අපි තේරැම් ගන්නේ පොසිටිව් විදිහට.

මේ සංස්කෘතික විදීම නොමැතිවීම අපි හැමතැනකම අඩවැඩි විදිහට දක්නවා.අපිට තියෙනවා මුහුදක් රට වටේටම . නමුත් අපිට එක විදින සංසකෘතිකයක් නෑ. ඒ මුහුද වැඩියෙන්ම විදින්නේ සංචාරකයෝ. අපි පවුලක් එක්ක මුහුදට අද්දටර ගිහින් ඉර බැහැගෙන යන විදිය සාමූහික විදින්න හිතලවත් නෑ. ගියත් යන්නේ ගොදර තියෙන හොදම ඇදුම ඈදලා ෂර්ට් එකකත් කලිසමට යටකරලා.

වැසි වනාන්තර පවා තියෙන රටක ඒ නිල්ල සාමුහිකව විදින්න පුරැදු වෙච්ච සංස්කෘතියක් නෑ. මුහුදු දිය සහ ගොඩ දිය දෙකම ඇතිවෙනන් තිබුණත් ඒ කිසිම දෙයක් විදින සංස්කෘතියක් නෑ. විදීම වෙනුවට අපට මුණගැහිලා තියෙන්නේ බිය. වතුර දැක්ක ගමන් අම්මලා ළමයින්ට කියන්නේ ලංවෙන්නවත් එපා කියලා.එහෙම හැදෙන ළමයි උන්ගේ ළමයින්ට කියන්නෙත් එකමයි. අම්මලා තාත්තලා ළමයි එකතුවෙලා වතුරේ තියෙන සැහැලුව සහ ඒ ජලය තුළ මත්වීම කියන එක විදින්න විදහක් හෝ විදීමේ ක්‍රමවේදයක් අපි දන්නේ නෑ.

මෙන්න මේ කියන විදීමේ ක්‍රමවේදය සම්බන්ධව අපට හැමතැවම ගැටලු වෙලා තියෙන නිසාම තමයි මත්වීම මහා නරකම දෙයක් විදිහට පොදු ජනමනස ඇතුළත කිදාබැහැලා තියෙන්නේ.

දැනට අවුරැදු ගානකට ඉස්සෙල්ලා ඉන්දියාවේ ගෝවා මුහුදු තීරයේ හිපියන්ගේ සාදයක කොටස්කාරයෙක් වෙන්න අවස්ථාවක් ලැබුණු වෙලාවක එතැන ඉන්න සුද්දෙක් ලංකාවේ කිව්වාම අපිට මෙන්න මෙහෙම කිව්වා. උඹලගේ රටේ උන්නට නැචුරැල් ඩ්‍රග්ස් එකක් තියෙනවා. ඒක තමයි මුහුදු. මුහුද කියන්නේ මේ ලෝකේ තියෙනන සුන්දරම සහ ගැඹුරැම සයිකොඩෙලික් ඩ්‍රග්ස් එක.ඒත් එක හරියට විදින්න නිවීහැනහිල්ලේ ඒක එක්ක සමාධිගත වෙන්න ඕනේ. කොටින්ම මුහුද එක්ක කථාවක් පටන්ගන්න පුලුවන් වෙන්න ඕනේ.මුහුදක් කියන්නේ ලුණුවතුර පිරිනු තැනක් නෙමෙයි. මුහුදක් අද්දරට ගියාම දැනෙනවා වීශ්වීය මිනිහෙක් වීමේ සතුට. අපිට නොපෙනුනත් අපි වගේම එකෙක් ඒ මුහුදෙ එහා පැත්තේ ඉවුරේ ඉදලා මේ පැත්ත බලාගෙන ඉන්නවා. මුහුද කියන්නේ ඉර හංගන එකක් නෙමෙයි. මුහුද කියන්නේ විශ්වීය මිනිස් හැගීම එකතුකරන එකක්…..

සුද්දා මුහුදු ගැන කිව්වාට සංස්කෘතියක් විදිහට අපිට මුහුද ගැන එහෙම පිලෝසොෆිකල් කියවීමක් නෑ. කොටින්ම අපිට මුහුද ගැන තියෙන හැගීම මුහුද අපිව ආක්‍රමණය කරනවා කියන එක. එකක් දූපතක් හින්දා ජලය දිනපතා නැවත ස්ය ආධිපතය අත්පත්කරගනිමින් ඉන්නවා. ඒ වගේම මුහුද උදව්කරගෙන තමයි සියලු කොලෝනියල් ව්‍යාපෘතිටික වුනේ. මේ හින්දා ලංකාවේ මුහුද කියන්නේ අනතුරක් කියලා තමයි සංස්කෘතිව ස්ථාන ගත වෙලා තියෙන්නේ.

ලංකාව කියන්නේ ආසියාවේ වැඩියෙන්ම අරක්කු විකුණෙන සහ බොන රටක්. ජනගහණයට සාපේකෂව. නමුත් මධුවිතත් එක්ක සමාධියක් හෝ සංස්කෘතික් අපිට නෑ. තිබුණත් තියෙන්නේ කොළඹ මූලික වෙච්ච ඉතා සීමිත වපසරියක. අරක්කු සංස්කෘතිය ඇතුලේ ස්ථානගත වෙලා තියෙන්නේ අනතුරක් විදිහට. ගංජා බැලුවත් එහෙමමයි.

මේ විදිහට යථාර්ථය පරයා යන විදීමේ මොහොතවල් සියල්ලම අනතුරැ විදිහට නම්කරලා එවැනි මොහොතවල් බෑන්ඩ් කරලා තියෙන්නේ.

ඒ හින්දම තමයි බුදුන්ගේ දේශයයි වැනි බයිලා දැක්කාම හිනා යන්නේ. බුද්ධා යනු යථාර්තයේ සිමාවන් ඉක්මවා යන මානසික ඉසව්වක්. ඒක මේ ඉලව් ආගම් සංස්කෘතියක් හෝ ආගමික් ආයතන පද්ධතියක් ඇතුලට සීමාකරන්න බෑ.ඒ ඉසව්වට යන්න ඒ කාලේ සිද්ධාර්ථ අම්බානකට ගංජා බොන්න ඇති කියලා හිතුනේ ඉන්දියාව සහ නේපාලයේ සිද්ධාර්ත සැරැසැර ප්‍රදේශවල ඇවිදින වෙලාවක. උදාහරණයක් විදිහට බරණැස හෙවත් වරණාසියේ , සුජාතාව කිරිපිඩු දන්දුන් නායැයි කියන ගංගා නිම්නයේ බොහෝවෙලාවට ගංජා ශාකය නිකම්ම රොපණය වීම සාමාන්‍යයි. ඒ වගේම එවාට අදාළව භූමියේ සංස්කෘතියක තියෙනවා. තවමත් ඉන්දියාව නේපාලය පුරාම සිවරාත්‍රියට ගංජා බීම නීතියෙන්ම ඉඩදීලා තියෙනවා. ඒ සංස්තිය ඇතුලේ ගංජා කියන්නේ අනතුරක් නෙමෙයි. දෛනික ජීවිතයේ දවසක අවසානයේ හෝ ආරම්භයේ පුංචි විදීමේ මොහොතක්.

එක වෙලාවක ප්‍රංශය සහ ජර්මනිය අතර ඇල්ප් කදුමායිමේ තිබුණු ට්‍රාන්ස් ෆෙස්ටිවල් එකක තිබුණා විවිධා කාර ශාකමය පාන. හරියට අපි බෙලිමල් බොනවා වගේ. අපි ඒවා විකුණන කෙනා එක්ක කතාකරාම මෑන්ස් කියපුකථාව මොහෙමයි. මේ සියලු පානයන්ම නිත්‍යයානුකූල පාන. ඒත් විවිධ ප්‍රමාණයන්ගේ විවිධ ස්වරෑප සහිත මත්වීමේ හැකියාව ඒවාට තියෙනවා. පානය සහ පුද්ගලයා අතර නිංසලක සම්බන්ධතාවය සෑදීමේ විභවය ඒවාට තියෙනවා.මේවා එකක් වත් ඩ්‍රග්ස් කියන්න බෑ. අප කිය්නනේ මේවාට ස්භාවධර්මයේ රිද්මය සමග අනුගත වන පානවර්ග කියලා.

එහෙම ස්භාවධර්මයේ රිද්මට අනුගත වන පාන ලංකාවෙත් නැතිව නොවෙයි. නමුත් ප්‍රශ්ණය වායේ විදීමේ අවකාශය සම්බන්ධව ගැටලුව.

මේ විදීමේ අවකාශ සම්බන්ව ගැටලුව දේශපාලන ගැටලුවක්. විකල්ප දේශපාලන ධාරව පවා අපි අරගන්නේ ඉතාකර්කෂ විදිහට. ඒ ව්‍යාපාරතුළ දුම්බීම අරක්කු සම්බන්ධව තියෙනනේ පොදු සමාජය තුළම තිබෙන අදහස. උදාහරණයක් විදිටහ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධවෙලා සිටි සහ සම්බන්ධව සිටින බොහෝ අය මත්වීම සම්බන්ධව තිබෙන අදහස සිංහල බෞද්ධ සංස්කෘතික මතයට වඩා වැඩිවෙනසක් නෑ. පැරණි සෝවියට දේශපාලනය කියවන විට යටපෙලින් යන අදහස තමයි දේශපානය තුළ විදීමේ අවස්ථා තිබීම. එයින් අදහස් වෙන්නේ නෑ ලෙනින් විසින් කම්කරැ පන්තියට කනපැලෙන්න බොන්න චාන්ස් එකක් අරන් දුන්න කියලා. නමුත් ලෙනින් විසින් කලේ කම්කරැ පන්තිය දේශපාලනය තුළ වින්දනීය ඉසව්වකට අරගෙන යනවා.

නමුත් රෝහණ විජේවීර රැසියාවෙන් ලංකාවට ඇවිල්ලා ජනතා විමුක්ති පෙරමුණ හදලා කරන්නේ සෝවියට දේශපාලනයේ අරික්කාලකුයි ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතික අධිකාරියේ තුන්කාලකුයි එකට කලවම් කරලා දේශපාලනය අතිතිත්ත බෙහෙතත් කරපු එක. ඒ හදපු දේශපාලන ව්‍යාපාරය විශ්වාස කරලා ඒ වෙනුවෙන් දිවිදීපු ඒ වෙනුවෙන් සිය ජීවිතය කැපකරපු සියල්ලන්ටම අසීමිත ගෞරවය දෙනගමන්න අපිට මේ ව්‍යාපාරය විච්චේදනය කරලා බැලුවාම හම්බවෙන තැන තියෙන එක තමයි ඒ ව්‍යාපාර්යට මේ සමාජය අගතීන්ගෙන් ගලවා ගන්නට බෑ කියලා. මොකද පොදු සාමාන්‍ය සමාජයේ අහිමිකළ විදීමේ අවකාශයන් ඒ දේශපාලන ව්‍යාපාරය තුළත් එහෙමයයි.

ඒ නිසා අපි යෝජනා කරන්නේ දේශපාලන නැවත් විදීමට සලස්වමු කියලා.


පසන් ජයතිලක
Previous
Next Post »