ටියුෂන් පන්තියක අමුතු වැඩක්.....


බොහෝ අවස්ථා වලදී උපකාරක පංති(ටියුෂන්) තුළින් සිදු වන්නේ විභාග ඉලක්ක කර ගනිමින්ම වේගවත් ගමනක සිසුන් දැක්කීම වැනි ක්‍රියාවලියකි.එහෙත්,උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය උපකාරක පන්ති මෙහෙයවන ටෙනුක ඩිල්ශාන් නම් කොළඹ විශ්වවිද්‍යාලයීය ජනමාධ්‍ය විශේෂවේදී උපාධිධරයා විසින් තමන්ගේ උපකාරක පන්තිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් යොදා ගනිමින් බොහෝම අපූරු කාර්යයක් කර තිබෙනවා...

'විනිවිද' නමින් ඊ-නිවුස් පුවත් සේවාවක් ආරම්භ කර තිබීම මෙම සුවිශේෂී කටයුත්තයි.'විනිවිද' දිනපතාම යාවත්කාලීන වන කාලීන තොරතුරු සහ විෂයට අදාළ තොරතුරු ඉතාම කෙටියෙන් සවිස්තරව දක්වන ඊ-නිවුස් මාදිලියේ පුවත් සේවාවක් ලෙස ක්‍රියාත්මක වේ.


මෙහි කාලීනව සංවේදී සටහනක් වෙත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අදහස් දක්වා තිබුණේ මේ ආකාරයෙන්ය;


උපකාරක පන්තියේ දේශක ටෙනුක දිල්ශාන් අප සමග අදහස් දක්වමින් කියා සිටියේ තමන් විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උසස් පෙළ විභාගය සාර්ථකව ජය ගැනීමට විෂයට කරුණු උගන්වන අතරම,අනාගතයේ සාර්ථක පුරවැසි ජනමාධ්‍ය කරුවන් වීමට අවශ්‍ය මූලික මග පෙන්වීම ප්‍රායෝගිකව ලබා දෙන බවයි.

උසස් පෙළ විභාගයට ඉහළම සාමාර්ථ තිබුණත් ජීවිත අභියෝගය ජය ගැනීමට නොහැකි නම් ඒ පුරවැසියා සමාජයට විශාල කරදරයක් බවත්,තමන්ගේ පන්ති වලට සහභාගී වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ෆේස් බුක් ගිණුමක් සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් සහ තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් භාවිතා කරන්නේ කෙසේද? යන්න පවා තමන් විසින් උගන්වන බව වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු කියා සිටියේය.

'විනිවිද' සෑම නිර්මාණයක්ම උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරණ සිසු දරු දැරියන්ගේ නිර්මාණ වීමත් විශේෂත්වයකි.

සමාජයේ හෙට දවස වඩාත් යහපත් කර ගැනීම වෙනුවෙන් මෙවැනි උත්සාහයන් ගන්නා තරුණ ඔබට වේදිකා මණ්ඩපයක් වීමට 'යූත් එරීනාවේ' අපි සූදානම්!

ඉෂාර ලක්මිණ











Previous
Next Post »