ෆේස් බුකියේ ඇඩ්මින්වරු - අද 'හිරුවා' සමග ...


"'ෆේස් බුක්' කියන්නේ අද වෙද්දි ශ්‍රී ලාංකේය සමාජය තුළ නැතුවම බැරි සමාජ මාධ්‍යයක්...නමුත් ශ්‍රී ලංකාව වගේ සමාජයක ෆේස් බුක් එක සම්බන්ධව පුහු මතවාදයක් තියෙන්නේ.එය සාධාරණීයකරනයට ලක් වෙනවා සමහර තරුණ තරුණියන් විසින් පවත්වා ගෙන යන කිසිම අර්ථයක් නැති පේජ් දිහාව බැලුවාම...ඒ අතර සමාජයට දැනුම ලබා දීමටත් විමර්ශණශීලී ආකල්ප පැතිරවීමටත් උත්සාහ කරනා ෆේස් බුක් පේජ් ඇඩ්මින් වරුත් ඉන්නවා...අද අපේ කතාබහ සමාජය තුළ නව විද්‍යාත්මක කරුණු තුළින් දැනුවත් කිරීමට කටයුතු කරන 'හිරුවා 'ෆේස් බුක් පේජ් එකේ ඇඩ්මින් වරයාත් සමගයි."

ෆේස් බුක් එකේ කවුද මේ හිරුවා?

මම ඇත්ත නමින් ජනප්‍රිය වෙන්න කැමති නෑ...මිනිස්සු මේ විදියට 'හිරුවා' ගැන දැන ගත්තාම ඇති.සමාජයට යහපත් දෙයක් කරනවා මම මේ විදියටම ඉදගෙන...දවසක් ආවාම ෆේස් බුක් එකේ 'හිරුවා' එක්ක ඉන්න මිනිස්සු එක්ක සමාජයට හොද යහපත් දේවල් කරනවා.


එතකොට මේ 'හිරුවා' ළගදී ෆේස් බුක් එකෙන් අතුරුදන් වුණා නේද?මොකක්ද ඇත්තටම වුණේ?
ඔව් මචං,ෆේස් බුක් එකේ නීතියක් තිබිලා තියනවා ඕනාවට වඩා 'මෙන්ෂන්' කරන්න බෑ කියලා...මම ඒක දැනගෙන හිටියේ නෑ.මට ඒක කරන්න වුණෙත් ෆේස් බුක් 'හිරුවා පේජ්'එකේ සමහර යාළුවොන්ගේ ඉල්ලීමට.මොකද එයාලට lite ඇප් එකෙන් ෆේස් බුක් එන අයට දිගටම ලිපියක් කියවගෙන යන්න බෑ.මෙන්ෂන් කරේ නැත්නම්.ඉතින් ඒ යාළුවෝ වෙනුවෙන් දිගටම ඒක කරන්න වුණා...පේජ් එක unpublished වුණා මචං.


හිරුවා දකින විදියට ෆේස් බුක් එකේ ගොඩක් දුරට ඉන්න ලංකාවේ 'ටීන් ඒජර්ස්ලා' කොයිවගේද?

මෙහෙමයි ඉතින් ඒකෙ එක එක පැති තියනවා...ෆේස් බුක් එක යොදාගෙන ගොඩක් දෙනෙක් කරන්නේ කාලය කා දමන එක වැදගත් නැති දේවල් වලට.නමුත්, 'හිරුවා පේජ්' එක හදලා හිරුවා ෆේස් බුක් එකට දැමීමත් එක්ක ටීනේජර්ස්ලා අතර අලුත් දැනුම හොයන්න රැල්ලක් ඇති කරන්න හැකි වුණා 'හිරුවාට' ඒක 'හිරුවා පේජ්' එකට එන මැසේජ් අනූව උඹලාට බලන්න පුළුවන් මචං...මට අවංකව සතුටුයි ෆේස් බුක් එකෙන් දැනුමට අලුත් දෙයක් එකතු වෙන පෝස්ට් ශෙයා වෙනවා දැක්කාම.


හිරුවා හිතන විදියට 'හිරුවා' ට ෆේස් බුක් එකෙන් ආකල්පමය වෙනසක් ඇති කරන්න පුළුවන් වෙයිද?
උපරිම උත්සාහ කරනවා.උත්සාහය හරි ගියොත් ලංකාව IQ රෑන්ක් එකෙන් ඉහළට ගේන්න අපිට පුළුවන්වෙයි...මිනිස්සුන්ගේ ආකල්පත් එක්ක ඔළු හදන්න තමයි මගේ උත්සාහය මචං.


අපි උඹට සුබ පතනවා 'හිරුවෝ'...උඹගේ උත්සාහයේදී ඕනම අභියෝගයකදී අපිත් උඹත් එක්ක ඉන්නවා...බොහෝම ස්තුතියි අපිත් එක්ක මේ චැට් එකට එකතු වුණාට.

අදහස / සම්මුඛ සාකච්ඡාව මෙහෙයවීම - අනුජ ප්‍රියභානු.











Previous
Next Post »