~ මහේෂ් භාට් සහ අපේ පාට් ~කසුන් මහේන්ද්‍ර හීනටිගල විසිනි.



‘කොපි කිරිල්ල’ කියන්නෙත් ආට් එකක්. අමුවෙන් කරලා ඉස්කෝලෙ පේපර් එකක් මාට්ටු වුණා වගේ වුණොත් ගොන් පාට් එකක්.
පොඩි කාලෙ මතක විදිහට 3වසරෙ හරි 4වසරෙදි හරි මගෙ එහා පැත්තෙ හිටපු මිතුරා මගෙ පේපර් එකක් ඒ විදිහටම කොපි පේස්ට් කරනව. උත්තර බලල ටීචර් පේපර්ස් අතට දෙනකොට පංතියෙ ‘කසුන් මහේන්ද්‍ර’ලා දෙන්නයි. මාත් හොල්මං - ඌත් හොල්මං...මූ බලාගෙන ගියහම උත්තර විතරක් නෙමෙයි මගෙ නමත් ඒ විදිහටම ලියල.


ලෝක සිනමාවෙ හොඳම බඩු අරන් ඒවා අදාළ රටට ඕකේ වෙන විදිහට අනුවර්තනය කරපු ‘වේදිකා නාට්‍ය - ටෙලි නාට්‍ය වගේම සිනමා ඉතිහාසයක්’ ලංකාවට තියෙනව. ඒක බොලිවුඩයට - කොලිවුඩයට විතරක් නෙමෙයි හොලිවුඩයටත් තියෙනව. නමුත් අර කලින් කිව්වා වගේ ඔරිජිනල් එකේ ‘අයිඩෙන්ටිටි සිම්බල්ස්’ සෙකන්ඩ් හෑන්ඩ් එකේදි යූස් කරන්නෙ නැහැ. බේස් එක විතරක් අරගෙන වැඩේ ගොතනව. එතැන තමයි ‘මහත්මා මෙව්වා’ එක තියෙන්නෙ !

මගෙ ප්‍රශ්නෙ මේ දූපතට ‘ගහේ බඩු’ ඇත්තෙම නැද්ද ? සිනමා ක්ලාස් එකේ පොපියුලර්ම පේපර් එක කොපි කරල, බඩු මාට්ටු වෙනකොට ‘නෑ නෑ මේ ඒක නෙමෙයි , ඒක වෙනයි මේක වෙනයි’ කියන්න හිරි ඔතප් වගේ ඒවා නැද්ද ? හත් පොළේ දිවුර දිවුරා මේ ඒක නෙවි බුදු සංතෝ කියල විචාර ඇතුළෙ ‘ඔරිජිනල් එකේ නමම මාකට් කරල’ හත් පොළේ ගා ගන්න එක සනීපද ? ‘ලංකාවෙ සිනමාවට මෙතනින් පස්සෙ සුපිරි හෙටක් තියෙනව’ කියද්දී හිනායන්නෙ මට විතරද ?

කියන්න තියෙන්නෙ ඉතාම සුළු දෙයයි. ‘මහේෂ් භාට්’ වගේ මෙහෙත් සුපිරි බඩ්ඩක් හිටියා ‘හර්බට් රංජිත් පීරිස්’ කියල. අනුන්ගෙ පොකට් උස්සල තමන් හම්බු කළා කියල ගෙදර අරන් ගියෙ නැහැ. ගහේ බඩු වැටෙන් නැත්නං ගහට නැගල හරි මරු බඩු අරන් බිමට බැහැල ඒවා අපිට පෙන්නුවා.

මගේ එකම පැතුම තාමත් හදවතින් තරුණ ‘මහේෂ් භාට්’ මේ ‘බුද්ධිමය දේපළ මංකොල්ලය’ ගැන දැනගන්නෙපා කියන එකයි. දැනගත්තු දවසට ඉතින් ආදරණීය කතා දෙපිටින් යනව සිකුරුයි. අනික තව දෙයක් කියන්න ඕනි, ඉන්දියාවෙ ‘ආරාධනා , දේව්දාස්, රෝජා’ වගේ සොඳුරු සිනමා බඩු ඇතුළෙ තියෙන සුවඳ ෆ්‍රෙෂ් ! මෙහෙ එහෙම පුරවන්න ඕනි ‘රික්තය’ තියෙන්නෙ ‘ආදරය’ ඇතුළෙම තමයි ! නැතුව 'පරණ වයින්' ඇතුළෙ නෙමෙයි !

අනේ ප්ලීස්...වටින බඩු අඩු නං කොපි කිරිල්ල ලස්සනට කරන්න. මේ රටට ‘රහ වැඩ’ ඕනි නිසා කල් අරන් හරි කමක් නෑ ‘වහ නොවෙන’ වැඩක් කරන්න. සමාජය ඇතුළෙ ‘ආදරය’ තහවුරු කරන්න.

අනාගතය කියන්නෙ ඒකට !


| කසුන් මහේන්ද්‍ර හීනටිගල













Previous
Next Post »