"දැන් මා මෙය පළ කරන්නේ ද යුදෙව්වෙකු විසින් නිර්මාණය කරන ලද ෆේස්බුක්හිය"(දර්ශන අශෝක කුමාර.)


යුදෙව්වෝ .....

ලෝක ජනගහනය මිලියන 7,000ක් ඉක්මවයි. ඉන් යුදෙව්වන්ගේ සංඛ්‍යාව මිලියන 14ක් පමණි. එය සියයට 2කටත් අඩු ප‍්‍රතිශතයකි. එහෙත් යුදෙව්වන්ගේ බලය එසේ හෝ මෙසේ හෝ නොවේ. අතිමහත්ය. ලෝක ධනයෙන් යුදෙව්වන් අත ඇති ප‍්‍රමාණය අතිවිශාලය.


උදාහරණයක් ලෙස රොත්ස්චයිල්ඞ් (Rothschild) නම් යුදෙව් පවුල සතු ධන්‍ය ඇමරිකානු ඩොලර් බිලියන 400ක් ඉක්මවතැයි නිල වශයෙන් කරන ලද ගණන් බැලීමක් වෙයි. එහෙත් ඔවුන් සතු සම්පූර්ණ වත්කම කොතෙක්දැයි කවුරුන් හෝ නොදනිති. ඊට අමතරව ෂිෆ් (Schiff), ඔපෙන්හයිමර් (Oppenheimers) මෝර්ගෙන්තෝ (Morgenthau) ආදී යුදෙව් පවුල් ද අතිවිශාල ධනස්කන්ධයකට උරුමකම් කියති.
ඇමරිකා එක්සත් ජනපදයේ සිට ක‍්‍රියාත්මක වන බහුජාතික සමාගම් රැුසක අයිතිය යුදෙව්වන් සතුව පවතින අතර ඔවුනට ඇමරිකානු දේශපාලනයට සහ ජාත්‍යන්තර දේශපාලනයට කළ හැකි බලපෑමද විශාලය.


ලොව නොබෙල් ත්‍යාගවලින් 170කට වැඩි සංඛ්‍යාවක් දිනා ගෙන ඇත්තේ යුදෙව් සම්භවයක් ඇති මිනිසුන් විසිනි. එය සමස්ත නොබෙල් තෑගි සංඛ්‍යාවෙන් සියයට 22ක් ඉක්මවයි. නොබෙල් තෑගිවලිනුත් යුදෙව්වන් වැඩි වශයෙන් දිනා ගෙන ඇත්තේ වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ආර්ථික විද්‍යාව ආදී ක්ෂේත‍්‍රවල නොබෙල් ත්‍යාගයි.

යුදෙව්වන් තරම් තැලූණු පොඩිවුනු ජාතියක් තවත් නැත. එමෙන්ම වෛරයට, ඊර්ෂ්‍යාවට ලක් වූ ජනකොටසක්ද තවත් නැත. දෙවැනි ලෝක යුද සමයේ දී ජර්මනියේ ආඥාදායක පාලක හිට්ලර් සහ ඔහුගේ නාසි පක්ෂය විසින් යුදෙව්වෝ මිලියන 6කට වැඩි සංඛ්‍යාවක් අමු අමුවේ ඝාතනය කරන ලදහ. පෝලන්තයේ දී පමණක් මිලියන 3කට වැඩි නිරායුද අහිංසක යුදෙව්වන් පිරිසක් පණ පිටින් ගෑස් කුටීරවලට දමා පුළුස්සා මරනු ලැබූහ.


කෙසේවෙතත්, මේ සුළුතර ජන කොටස අතින් මනුෂ්‍ය වර්ගයාට සිදු වූ යහපත කිසිසේත් අවතක්සේරු කළ නොහැකිය. වරක් එක්තරා ආගමික නියෝජිතයෙක් යුදෙව් නිෂ්පාදන ප‍්‍රතික්ෂේප කරන්නැයි සිය ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.


ඊට ප‍්‍රතිචාර දැක්වූ යුදෙව් ආගමික නායකයෙකු පැවසුවේ හොඳයි බොහොම ස්තුතියි ඔබේ යෝජනාවට යුදෙව් නිෂ්පාදන ප‍්‍රතික්ෂේප කරන කවරෙකුමුත් දියවැඩියාව පාලනය කිරීමට යොදා ගන්නා ඉන්සියුලින් භාවිත කරන්න එපාග එය සොයා ගත්තේ යුදෙව්වෙක්. සිෆිල්ප්ස් සහ ගොනෝරියා යන රෝගවලට ප‍්‍රතිකාර ගන්න එපා එම ඖෂධ සොයා ගත්තේ යුදෙව්වෙක්. මානසික ප‍්‍රතිකාර ගන්න එපා මනෝවිද්‍යාවේ පියා සිග්මන් ෆ්‍රොයිඞ් යුදෙව්වෙක්. යුදෙව් නිෂ්පාදන එපා නම් පෝලියෝ එන්නත ලබා ගන්නත් එපා. එය නිෂ්පාදනය කළේ ජෝනස් සෝක් කියන යුදෙව්වා. අඩුම තරමින් ඔබේ වෛද්‍යවරයාට හෝ දුරකථනයෙන් අමතන්න එපා එය සොයාගත්තේ යුදෙව් ඉංජිනේරුවෙක්. වැඩිමනක් නොව බෝල් පොයින්ට් පෑන නිර්මාණය කළේ ද යුදෙව්වෙකි.


20 වැනි සියවසේ මිනිසා යැයි නම් කරනු ලැබූ භෞතික විද්‍යාව උඩුයටිකුරු කළ ඇල්බර්ට් අයින්ස්ටයින් ද යුදෙව්වෙකි. එතෙක් මෙතෙක් ලොව පහළ වුණායැයි සැලකෙන විශිෂ්ටතම වයලීන් වාද්‍ය ශිල්පියා ලෙස සැලකෙන ජැස්කා හයිෆෙට්ස් (Jascha Heifetz) ද යුදෙව්වෙකු වේ. බටහිර දර්ශනවාදයේ මහා බලකණුවක් ලෙස සැලසෙන බරූෂ් ස්පිනෝසා තවත් යුදෙව්වෙකි. මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් අලූත් දේ නිර්මාණය කළ යුදෙව්වන්ගේ ලයිස්තුව තව බොහෝ දිගය.


මා හට මෙම ලිපිය රචනා කර ගැනීම සඳහා උපකාර වූ ගූගල් නම් අන්තර් ජාල සෙවුම් යන්ත‍්‍රය නිර්මාණය කළ පුරෝගාමියෙකු වන සර්ජි බි‍්‍රන් ද යුදෙව්වෙකි.

'අද පුවත්පත' දර්ශන සහ දෘෂ්ටි ඇසුරිනි.

-දර්ශන අශෝක කුමාර-







Previous
Next Post »