හැබැයි යාලු සුහද මිතුරු නෑ සුමිතුරු හැමදාම.....(ඉෂාර ලක්මිණ.)


"මේ දිනවල සරසවියට යන්න බැරී,

සුදු අක්කල සුදු අයියල අපෙනුත් ගන්න ලැප්ටොප් කියා පස්සෙන් එළවාගෙන එනු හරිම ජොලී,

උසස් අධ්‍යාපනේ ඇති පුරශ්න බොහොම වැඩී,

ලැප්ටොප් දුන්නාම මාළඹේ පැත්තට හරිම ෆනී...

ගර්...සිං,ස්නා...අබා,ලිටන්...මෙට්‍රො වර්ග ගොඩයි,

අපෙ සමහර උන්ට ටෙලිවිෂනයෙ මූනත් තහඩුව පෙන්නන්ටත් හැකි වුණි,

ඔක්කොම හොදයි වසර 3යි ගෙව්වාම,

හැබැයි යාලු සුහද මිතුරු නෑ සුමිතුරු හැමදාම..."


මේ දිනවල රජයේ විශ්වවිද්‍යාල වල ඉතා සුලබ දර්ශනයක් වන්නේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ව්‍යාපෘතියක් මත ක්‍රියාත්මක වන වසර 3ක් තුළ ගෙවීමට නියමිත රු.75,000 උපරිමයක් දක්වා පොළී රහිත ලැප්ටොප් මිළදී ගැනීම වෙනුවෙන් ණය ප්‍රදානයට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය වන දර්ශනයකි.

මහාපරිමාණ සමාගම් 3ක් ඒ සදහා අත්වැල් බැද ගෙන තිබේ.එම සමාගම් වල කාර්යය මණ්ඩලයට අයත් තරුණ තරුණියන් විශ්වවිද්‍යාල සිසුන් වෙත ගොස් බැගෑපත් වෙමින් තම සමාගම් වල ලැප්ටොප් ණය පිළිබදව සිසුන් දැනුවත් කරමින් විස්තර පත්‍රිකා බලෙන්ම ලබා දෙමින් සිටී...

මෙය දුටු අයෙකුට එකවරම සිහියට නැගෙන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවත්,මහා පරිමාණ සමාගමුත් රජයේ විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කොච්චර ආදරේද යනුවෙනි.එය පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සහ එස්.බී.දිසානායක හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයාට සාපේක්ෂව යම් පමණකට සත්‍යයකි.

එහෙත්,මාළඹේ පෞද්ගලික වෛද්‍ය පීඨයට විරුද්ධව රජයේ විශ්වවිද්‍යාල සිසුන් යම් ආකාරයක පා ගමනක් යන්නේ නම් ආණ්ඩුවේ සුහද මිතුරු බලා ගැනීමේ හැකියාවක් පවතී.වසර 3ක් ඉක්ම යෑමෙන් අනතුරුව ලැප්ටොප් මිළදී ගත් සමගම් වල 'මයික්‍රෝ චිප්' රෙපයාර් ආයතන වලට ලැප්ටොප් වල හට ගන්නා යම් දෝශයන් පිළිබදව දැනුවත් කිරීමට(රෙපයාර් කර ගැනීමට.) යාමේදී අදාළ සමාගම් වල සුදු අක්කලා / අයියලාගේ සුහද මිතුරුකම්ද තව වසර 3ක් ඉක්මයාමෙන් බලා ගත හැකි වනු ඇත.

විශ්වවිද්‍යාල සිසුන්ගේ පාර්ශවයෙන්ද මෙම ලැප්ටොප් ලබා ගෙන බ්ලූ බැලීමට,ෆේස් බුක් මෝඩ විදියට භාවිතා කිරීමට සහ මෝඩ පන්නයේ චිත්‍රපට බැලීමට යොදා ගනී නම් ඉන් කිසිදු යහපතක් තමන්ටවත්,ලාංකේය ජන සමාජයටවත් සිදු නොවේ.මෙම ලැප්ටොප් ලබා ගෙන තම විෂයන්ට අදාළ කටයුතු සදහාත් නව පර්යේෂණයන් සිදු කිරීම සදහාත් තමන්ටත් සමාජයටත් ඵලදායී දෙයක් සිදු කිරීම වෙනුවෙන් භාවිතා කිරීමේ යුතුකමක් සහ වගකීමක් පවතී...

මෙම 'සරසවි කුරුටු ගීය' මගින් කියවෙන්නේ එහි ගැඹුරු අරුථයි.මෙය විවේචනයක් නොව කාලීන සමාජයේ ඇති අවස්ථාවාදී බව පැවසෙන්නකි.උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය මේ ආකාරයෙන් සරසවි සිසුන්ගේ ලැප්ටොප් ගැටලුවට 'කොමිස්' ලබා ගැනීමෙන් හෝ විසදුම් ලබා දෙන්නාක් මෙන් රජයේ විශ්වවිද්‍යාල සිසුන් සතු අනෙක් ගැටලු පිළිබදවත් අවධානය යොමු කරන්නේනම් කොච්චර අගනේද?.......


ඉෂාර ලක්මිණ










Previous
Next Post »