ක්‍රීඩාවෙන් මනුස්සකම දුටුවෙකුගේ සමුගැනීම.......


ලෝක බොක්සින් ශූරයා වූ මොහොමඩ් අලි මිය ගිය බව ඇමරිකානු මාධ්‍ය නිවේදනය කළේය.ලෝකය තුළ මනුස්සකම ඇති කිරීම වෙනුවෙන් මොහොමඩ් අලි කැප වී ක්‍රියා කළ අයෙකි.

මිය යනවිට ඔහු 74 වැනි වියේ පසු වූ අලී ඇරිසානාවේ රෝහලකදී මිය ගොස් ඇත.

වසර 1984 දී පාකින්සන් රෝගයට ගොදුරු වූ අලී වසර 30කට වැඩි කාලයක් මෙම රෝගය නිසා පීඩා විඳින ලදී.

වර්ෂ 1942 දී ඇමෙරිකාවේ කෙන්ටුකී ප්‍රාන්තයේදී මෙතොදිස්ත කතෝලික නිකායට අයත් පවුලක උපත ලද මොහොමඩ් අලීගේ මුල් නම වූයේ කැසියස් ක්ලේ වන නමුත් පසු කලෙක ඔහු ඉස්ලාම් දහම වැළඳ ගෙන තිබිණ. ඒ අනූව ඔහු මොහොමඩ් අලී ලෙස සිය නම වෙනස් කරගන්නා ලදී.

වසර 27ක් ම බොක්සිං වළල්ලේ රජු ලෙස කිරුළ පැළදීමට මෙම අනභිභවනීය ක්‍රීඩකයා 1960 දී සැහැල්ලු බර පංති ඔලිම්පික් රන් පදක්කමද පසු කලෙක ලෝක හෙවිවේට් ශූරතාව (ලෝහ අධිබර කුසලාන ජයග්‍රහණය) තෙවරක්ද යනාදී වශයෙන් ඔහු ජය වාර්තා කර තිබිණ.

අලී බොක්සිං තරඟ 61දී ජයග්‍රහණ 56ක් වාර්තා කර තිබීමෙන් ඔහුගේ දක්ෂතාවය කෙබඳුදැයි අවබෝධ කර ගත හැකිය.

තෙවරක් ලෝක බොක්සිං ශූරයා ලෙස බොක්සිං ඉතිහාසයට එක්වු මොහොමඩ් අලී වර්ෂ 1978 දී බොක්සිං ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේය.

වර්ෂ 2005 දී ඔහු ඇමෙරිකාවේ ධවල මන්දිරයේදී එවකට ජනාධිපති ජෝර්ජ් බුෂ් අතින් නිදහස සඳහා වන ජනාධිපති පදක්කමෙන් ද පිදුම් ලැබීය.

බොක්සිං වළල්ලේදී මෙන්ම ඉන් පිටතදීද සුවහසක් ලෝක ජනතාවගේ ගෞරවාදරයට පත් මෙම අසහාය ක්‍රීඩකයා මිය යනතුරු දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් පිහිටවීය.
"මෙවන් උතුම් මනුස්සකම් ඇති මිනිසුන් තවත් ලෝකය තුළ බිහි වේවායි 'යූත් එරීනාවේ' අපේ ප්‍රාර්ථනයයි!"


Previous
Next Post »