~ සෝවියට් ගුරු ගීතය සහ ඉන්දීය අල්තීනායි ~(කසුන් මහේන්ද්‍ර හීනටිගල විසිනි.)


මට මතක විදිහට මං ‘ගුරු ගීතය’ කියවන්නෙ 9 වසරෙදි. සාහිතමය අවකාශෙක අතිශය ගැඹුරින් කතා කරන ‘දේශපාලන කෑල්ල’ කොච්චර රහද කියල මුලින්ම දැනිච්ච ඒ හැඟීම තාම තියෙන්නෙ පත්තු වෙවී ! ඒ කියන්නෙ දිලි දිලී - සැලි සැලී !

ඕනිම සහෘදයෙක්ගෙ මනෝ ලෝකෙ ‘අල්තීනායි’ කෙනෙක් ජීවමානව ජීවත් වෙනව. හුස්ම ගන්නව - හිනාවෙනව - ඉගෙන ගන්නව - හඬා වැටෙනව - සටන් කරනව - නොතේරෙන ප්‍රේමණීය භාෂාවකින් කතා කරනව !


අනන්ත ඇස් ප්‍රමාණයක් ඉතාම කැමැත්තෙන් කියෙව්ව ඒ පොත ‘සිනමාවකට’ ගන්නකොට ඒක ‘මාර ගේමක්’ කියන එක අමුතුවෙන් කිවයුතු නැහැ. විශේෂෙන් වැඩිපුරම ‘සාත්වික අභිනෙ’ මුහුවෙන්න ඕනි අල්තීනායිගෙ මුහුණ. ඒක ලාංකිකද - රුසියානු ද - කියුබානු ද - ඉන්දීය ද අදාළ නැහැ.

ඔබ කැමති ඔබේ අල්තීනා මුහුණ ඔබේ ලෝකේ රැඳුණාවේ...

නමුත් මේ තමයි මං කැමති මේ දශකයෙන් , සිනමාවෙන් අහුලගන්න පුළුවන් ආලියාමය අල්තීනායි මුහුණත !


සටහන - කසුන් මහේන්ද්‍ර හීනටිගල.









Previous
Next Post »