~ අවුරෝරාව ස්ටාර්ට්...නඟින්න ! ~


අධිපතිවාද වලට - නිලධාරීවාදෙට - කොළේ හංගල ගැහිල්ලට මේ රටේ ඇත්ත ‘නාට්ටිකාරයො’ ටික ‘දුටු තැන වෙඩි තියපු හැටි’ මරු!

මගේ අදහස ඔහොම ගත්ත කැපිල්ල දිගටම ටර්න් වෙන්න ඕනි කියන එක. ඒ කියන්නෙ ‘මානව අයිතිවාසිකම්’ පැත්තෙන් !


ඊයෙ පෙරේදා දවසක ටීවී එකේ දැක්කා ‘පබිලිස් සිල්වා’ උන්නැහේ කියනව ‘මේ රට ලස්සනට හදන්න එකතු වෙන්න’ලු. උන්දැට කියන්න තියෙන්නෙ ඒක ‘පොලොස් ඇඹුලක් - කජු මාළුවක් - සැලඩ් එකක්’ හදන්නා වගේ ටකා ටිකා ටුකා නෙමෙයි කියල.

මේ හැදිල්ල සපුරාම වැඩක් ! ඔන්න ඔතනදි ‘කලාකරුවො’ කියන්නෙ මිඩ් පොයින්ට් එකේ හිටං ඉන්න කෙළින් ඉන්නෝනෙ ජාතියක්. ඊයෙ හිටගත්තෙ - මතවාද වල ඉන්නෙ - අන්න ඒ සැට්ටෙක.

ලෝකෙ ගත්තත් එහෙමයි. මානවයා රවටන රංගන වෙනුවට ‘මානවයා සමඟ යන එන අභින’ දියත් කරන ‘මානව හිමිකම් ක්‍රියාකාරී’ නළු නිළියන් ගැන ලස්සන උදාහරණ දෙන්න පුළුවන්.

ආසන්නතම උදාහරණය ඉන්දියාවෙ ‘අමීර් ඛාන්’. මට මතකයි ‘නිර්භයා හෙවත් ඉන්දීය දියණිය’ යන අන්වර්ථ නමින් හඳුන්වපු දැරියගේ දූෂණ මිනීමැරුමෙදිත් ඊට විරුද්ධව ඉදිරියෙන්ම හිටියෙ, හැමදාම උසාවි ගියෙ ‘අමීර් ඛාන්.’ ඒ වගේම තාමත් යුක්තිය ඉටු වෙලා නැති ‘ආරූෂි තල්වාර්’ දැරියගේ මිනීමැරුම සහ ඇගේ දෙමාපියන් සිරභාරයේ පසුවීම ගැන ප්‍රසිද්ධියේ ගේම ඉල්ලන්නෙ ‘අමීර් ඛාන්.’

මේ දූපතේ ඉතිහාසෙ ඉඳන් පොකුරු ගහපු වන්දි භට්ට පැටවු වෙනුවට ‘කොඳු හිමි’ කලාකරුවන් බිහිවිය යුතුමයි !

මං ආසයි ‘අතුරුදහන් කිරීම් වලට විරුද්ධයි කියල කෙළින් හිටගන්න බය නැති කලාකරුවො දකින්න.’

මං ආසයි ‘වධ හිංසාවට විරුද්ධව එළියට බැහැල මිනිස්සු ගැන ‘පොදු සමාජය ගැන’ කතාකරන කලාකරුවො දකින්න.

මං ආසයි ‘ආයු රක්ඛන්තු ආවඩා’ කියල ලේ තිබ්බ අත් ඉම්බ කලාකරුවො වෙනුවට ‘සියලු සත්වයෝ දුකින් මුදවන’ කලාකරුවො දකින්න.

මං ආසයි රාජ්‍ය සහ ආරක්ෂක සේනා රකින ඒජන්තයන් වෙනුවෙන් ‘සුදු පරයියන්ට පියාපත් දෙන්න’ ඇඩ්වාන්ස් අරන් පොලු තියන කලාකරුවො වෙනුවට ‘පුදුවෛ’ වගේ ආදරෙන් මිසින් වුණ කලාකරුවො වෙනුවෙන් අඬන්න.

මං ආසයි ඇඟ පුම්බන් සෙල්ෆියක් දාන හල්ක්ලා වෙනුවට ‘යුක්තිය - සාධාරණත්වය’ හොයපු මේ ‘රොබින් හුඩ්ලා’ සැට් එක බදාගන්න.

අවුරෝරාව ස්ටාර්ට්...නඟින්න !



| කසුන් මහේන්ද්‍ර හීනටිගල












Previous
Next Post »