Guys, අනිත් අයගේ FASHION මොකටද?


මේ සමාජය තුළ ජීවත් වෙනවනම් අපට විවිධාකාර විදියට හැඩගැහෙන්න සිද්ධ වෙනවා. එකිනෙක අවස්ථාවන්වලට ගැළපෙන විදියට. ඒත් ඉතිං අපි කෙතරම් දුරට ඒක සාර්ථක ලෙස සිදු කරනවද කියලා දන්නේ නම් අපි ගාවටම වෙලා ඉන්න අයම තමයි.

සමහරුන්ගේ මතයක් තමයි අපි ඇයි සමාජෙට ඕනා විදියට ජීවත් වෙන්නේ කියලා. ඒත් දන්නවද තවමත් අපි ජීවත් වෙන්නේ සමාජෙට බයේ තමයි. කොච්චර නැහැ කිව්වත් අපිට ඒකටනම් එකඟ වෙන්නම වෙනවා. මොකද දන්නවද? අපි බයයි අපිට තව කෙනෙක් කතාවක් හදනවට... අපි ආස දේ අපිට කරන්න බැහැ. මෙහෙම හිතමුකෝ. කෙල්ලෝ බහුතරයක් ආසයි කොටට අඳින්න. Lipstick ටිකක් ගාගෙන පාරේ යන්න. ඒත් ඉතින් තවමත් අපි අතර ඉන්නවා මේ ආසාවල් ඉෂ්ට කරගන්න බැරි වුණ අයත්.

ඇයි එහෙම කොටසක් විතරක් Fashion කරලා අනිත් අය නොකර ඉන්නත් හේතුව. Colombo අක්කලා නංගිලා වුණත් කොහොම කිව්වත් කොටට ඇන්දට පාරේ බැහැලා යද්දී නම් මූණ නිකම් කජු ලෙල්ල කරන් යන්නේ. ඒත් එයාලා car එකක එහෙම යනවනම් නිරුවතින් වුණත් යයි. ඇයි ඉතින් කොටට ඇඳලා පාරේ බැහැලා යන්න බැරිනම් ඇන්දේ... ඇයි පාරේ යද්දී පොඩ්ඩ පොඩ්ඩ එහෙන් මෙහෙන් පහළට අදින්නේ...

ඇයි දන්නවද? අපි සමාජේ ඉන්න මිනිසුන්ට බය නිසා... අපි ඇඳන් යන ඇඳුම තව කෙනෙක්ගේ විහිළුවකට ලක් වෙයි කියලා බයයි... අපි හැම වෙලේම උත්සාහ කරන්නේ තව කෙනෙක් කරපු දෙයක් කරන්නම තමයි. කොච්චර ලස්සනද අපිටම ආවේණික Fashion එකක් අපි තෝරගන්නව නම්. ඒත් හැබැයි අද, අර ඉස්සර රෙද්දයි හැට්ටෙයි ඇඳපු අයත් හිත යටින් කැමැති පොඩ්ඩක් කොටට ඇඳන් යන්නනේ. අපි මේ විදියට හැඩගැස්විලා තියෙන්නේ අපේ යටි හිතත් මේ වෙනස් වීමට කැමැති නිසානේ. අපි මිනිස්සු, මිනිස්සු කියන්නේ වෙනස් වන සුළු ජාතියක්, කොච්චර නැහැ කිව්වත් වෙනස්වීම්වලට කැමැති කොටසක්, Modern Fashion එකට Enter වෙන්න පොරකන පිරිසක්... ඒ අතර ඔය අපි කොයි කවුරුත් ඉන්නවා.

Fashion වලින් පොඩ්ඩක් අයින් වෙලා තව side එකකින් මේ Topic එකට enter වුණත් මේ දේම තමයි එතැනත් සිද්ධ වෙන්නේ. ඇයි අපි Love කරද්දී අම්මලට හොරෙන්, සමාජෙට හොරෙන් කරන්නේ. අපි බයයි. අපිට හොඳ වුණාට අපේ Girl friend or Boy friend මේ සමාජෙට හොඳද දන්නෙ නෑ කියලා. අපි බයෙන් තමයි ජීවත් වෙන්නේ. හැබැයි ඉතිං මේ Theory එක අපි හැම කෙනාටම පොදු නැති වුණත් අපි හැම කෙනාගෙම life එකේ කොහේ හරි මේක ලියවිලා තියෙනවමයි.

මේක පිළිගන්න තමයි අපි කවුරුත් කැමැතිත් නැත්තේ. තරුණ කෙල්ලන්ට හිතෙනවා ඇති tattoo එකක් ගහලා පාරේ යද්දී මේ ලස්සන අයියලා Wow Great නංගි කියයි කියලා. අපි මේ posh වෙන්න ගිහින් අන්තිමට අපි කවුද කියන එකත් අමතක කරන එකනේ අපේ තියෙන නරකම පුරුද්ද. සමහරු නම් එයාලා විසින්මයි එයාලාව විනාස කරන්නේ. ආස කළාට කමක් නැහැ. මේ Modern Fashion වලට. But තමන් අද ඉන්න තැන කොතැනද කියලා තේරුම් අරන් ඒවා කරන්න ඕනා... දකින දකින හැම දෙයකටම අපි ආසයි කියලා ඒ හැම දේම කරන්න ගියොත් ඉතින් ලස්සනට තියෙන Future එකට Sorry, Good bye කියන්න තමයි වෙන්නේ.

කතාවක් තියෙන්නේ 'ඔබට හැකි දෙය මට කළ නොහැකි විය හැකිය. නමුත් ඒ මාගේ නොහැකියාව යැයි අපහාස නොකරන්න. මන්ද මට කළ හැකි දෙය ඔබට කළ නොහැකි විය බැවිනි' කියලා. ගමේ ගැමි කමට ඉන්න කෙල්ල රෙද්දයි හැට්ටෙයි පැත්තකට කරලා දණහිසෙන් උඩට වෙන්න කොට සායක් ඇඳන් එළියට බැස්සොත් ඒක ඒ ගමට ගැළපෙයිද? නැහැ නේද? අපි තවම මේ සමාජයේ රාමුවක් තුළට සීමා වෙලා ඉන්න අය. ඒත් එයාලගේ හිතත් අර වෙනස් වීමට කැමැති ඇති. ඒත් බයයි. එතකොට ඒ කතාවෙම අනිත් පැත්ත ගත්තත් එහෙමම තමයි. අර town එකේ කොටට ඇඳන් යන අක්කලට නංගිලට චීත්ත ගවුමක් දුන්නොත් අඳීද? ඒත් එයාලා ගමේ කෙල්ලෙක් දිහා බලන්නේ හරි අමුතුම විදියට තමයි.

අපි එකම රටේ වුණත් විවිධ වූ සමාජ ක්‍රමයන් තමයි ජීවත් වෙන්නේ. අපිට වැරැදෙන තැනත් ඒකම තමයි. ඉතිං Guys නරකද අනික් අයගේ Fashion හොයන වේලාවේ තමන්ටම ආවේණික Fashion එකක් කළානම්. අන්න එදාට අපිට සමාජෙට බය නැතිව ජීවත් වෙන්න පුළුවන් වෙයි.


-අමන්දා හංසිනී 

Previous
Next Post »