ජාතිවාදී සුළං පරදන පොදු අනාගතයක් කරන.


ඔබ විසින් අනාගතය නිර්වචනය කර ගැනිමට අවශ්‍ය නම් ඊට පෙර ඔබ විසින් ඔබේ අතීතය හදාරා ඒ ගැන හොඳින් දැන ගත යුතුය. මෙම ප්‍රකාශය කොන්පියුසියස්තුමා විසින් කරන ලද්දකි. ලංකාවට අදාළ කර සිතීමේදි අපට අනාගතය වෙනුවෙන් අතීතය නිවරුදිව හැදෑරිමේ අවශ්‍යතාවයක් ඇති බව පෙනී යන්නේ අපට අහිමි පොදු ඉතිහාසය නැවත සිහි කර ගැනීම සඳහාය.

අන් කවරදාටත් වඩා වේගයෙන් ලංකාවේ ජාතීන් අතර සහජිවනය අඩුවෙමින් පවතින අතර වෙනස් ඉතිහාසයන් තුළ ජාතින් ළංකරනු වෙනුවට ඈත් කරමින් ඇත. මෙම තත්ත්වය අනාගතයේ දැවැන්ත ව්‍යසනයකට පාර කපන බව නොඅනුමාය. එහෙයින් ඉතා ඉක්මණින් අප අපේ අතීතය කරා ගොස් ජාතීන් අතර සහජිවනය පිළිබඳ අතිත පාඩම නැවත වරක් කියවිය යුතු වේ.

ජාතිය පිළිබඳ කුමන නිර්වචන ඉදිරිපත් කළද ඒ තුළ නොගැළපෙන පර්යන්ත අවස්ථා අනිවාර්යයෙන් පවතී. එසේම වෙනස් වෙනස් අදහස් සඳහාද නිමක් නැති ඉඩක් පැවතීම ජාතිය නැමති සංකල්පයේ සුවිශේෂි ලක්ෂණයකි. ලංකාවේ ජාතිය පිළිබඳ වෙනස් කියවිම් පිළිබඳ අවධානය යොමු කරන විට මෙය පැහැදිලි වේ. ජාති යනු උපතයි. ඒ අනුව අතීතයේ ජාතිය නැමති සංකල්පය වර නැගුණේ කෙනෙකුගේ කුලය හැඳින්විමටය. ජාතියේ කෙනෙක් යනුවෙන් පවසන විට ඉන් අදහස් කරනු ලැබුයේ අඩු කුලයක අයකු බවය. පසුකාලීනව ජාතිය යන්න එක් මූලයකින් පැවත එන පිරිසක් යන්න හැඳින්විමට භාවිතා විය. එහිදී සිංහල ජාතිය සඳහා ඉතිහාසයක් නිර්මාණය කරන ලදි. මහා වංශය ලිවීම තුළ සිදු කරනු ලැබුයේ සිංහල ජාතිය සඳහා පොදු මූලයක් නිර්මාණය කිරීමකි. මෙය භාෂාව මත පදනම් වු අතර දෙමළ සහ මුස්ලිම් ජාතීන් ඒ අනුව වර නැගුනද මුස්ලිම් ජනයා ආගම පදනම් කරගෙන ජාතියක් ලෙස වෙන් කරනු ලැබීය. ඒ අනුව එකම ක්‍රිස්තියානි පල්ලියක වැදුම් කරන සිංහල හා දෙමළ වැසියා භාෂාව පදනම් කරගෙන තම ජාතිය විස්තර කරන අතර පකිස්ථානයේ සහ බංගලිදේශයේ දේශසීමාව පදනම් කරගෙන ජාතිය නිර්වචනය කරන විට රැවන්ඩාවේ හුටු සහ ටුට්සි ගොත්‍රිකයින් ග්‍රොතික පදනම මත ජාතිය විස්තර කළා පමණක් නොව එකම ආගමක් අදහන එකම භාෂාවක් කතා කරන ලක්ෂ ගණනක් මරා දමන ලද්දේ ගොත්‍රික පදනම ජාතිය ලෙස අර්ථ ගැන්විම නිසාවෙනි.

රෑපට් එමර්සන් නැමති දේශපාලන චින්තකයාගේ නිර්වචනයන්ට අනුව ජාතිය යනු පොදු ඉතිහාසයක ගැඹුරැ වූ වැදගත් අංග සමසේ උරැමකරගත්තෝ යන අදහසත් අපි එක පොදු අනාගතයක උරැමකරැවන් යන අදහසත් යන දෙයාකාර හැඟීම නිසා එකම ජන සමූහයක් විමේ විශ්වාසය දරන්නාවු ජනතාවකි. මේ අනුව ඇමෙරිකාව තුළ ජාතිය යනු තවදුරටත් භාෂාව හෝ ආගම විසින් සීමා පනවන ලද්දක් නොව පොදු අතීතයක සහ අනාගතයක උරැමකරැවන් වීම මත නිර්මාණය වුවකි. එහෙයින් ඇමෙරිකාව තුළ ඇමෙරිකානු පුරවැසියා යනු තවදුරටත් හමේ පැහැය හෝ භාෂාව හෝ ආගම මත තීරණය වුවක් නොවේ. ඒ තුළ පොදු අතීතය හා අනාගතය විශ්වාස කිරීම පමණක් ඇති අතර සෑම පුරවැසියකුම ඇමෙරිකාව වෙනුවෙන් ක්‍රියා කිරීම එරට ලෝක බලවතා කිරිමට හැකියාව ලබා දී ඇත. ඔවුන් පොදු ඉතිහාසය තුළ  ඇමෙරිකානු විප්ලවය  විසින් බිහි කරන ලද නිදහස් ඇමෙරිකාව වෙනුවෙන් පෙනී සිටි මිනිස්සුවෙති.

චීනය තම ජාතිකත්වය ගොඩනගා ගනු ලැබුයේ 1937දී චීන කොමියුනිෂ්ට් පක්ෂය ප්‍රසිද්ධියට පත් කළ ජනතා ආයාචනයකිනි. ස්වාධීන සංතුෂ්ඨිමත් නව චීනයක් සඳහා අපේ සහෝදර රට වැසියන්  හුං-ටී (චීනයේ පළමු අධිරාජ්‍යය ) ගෙන් පැවත එන සෑම පුද්ගලයකුම එකාවන්ව අනවරතව මෙම අරගලයට සහභාගි විය යුතු බව අපි දනිමු. දිර්ඝ ඉතිහාසයක් ඇති අපේ ශ්‍රේෂ්ඨ චින ජාතිය අනගි භවනියයි. මෙහිදි මාක්ස්වාදය තුළ ප්‍රතික්ෂේපිත ජාතිවාදී සංකල්පයක් චීන කොමියුනිෂ්ට් පක්ෂය චීන ජාතිය ගොඩ නැගීම සඳහා භාවිතා කළ අතර මා ඕ සේතුං ගේ දාර්ශනික දැක්ම චින විප්ලවය සාර්ථක කළා පමණක් නොව චීනය ලෝක බලවතකු කරන ලදි.
ඊශ්‍රායලය තුළ පොදු ශුද්ධ  භුමියක් පිළිබඳ අතීත ආගමික විශ්වාසය හා එම ශුද්ධ භූමිය වෙනුවෙන් සටන් වැදිම විසින් යුදෙව් ජාතිකත්වය විසින් එරට ඉතා වේගයෙන් සංවර්ධනය කරා ගෙන ගිය අතර ඉතා ශුශ්ක භූමයක බලවත් රාජ්‍යයක් නිර්මාණය කරගැනීමට යුදෙව් ජාතිකයන්ට හැකි විය.

මේ අනුව පැහැදිලි වන්නේ අප විසින් ජාතිකත්වය නිර්මාණය කිරිම සඳහා උපක්‍රමයන් භාවිතා කරනු නොලැබුවහොත් පොදු සතුරකුට විරැද්ධව දැවැන්ත අරගලයකින් නිදහස ජයග්‍රහණය නොකරන ලද සෑම රටකම සිදු වූවාසේ  ජාතිකත්වය යනු ඇල් මැරැණු සංකල්පයක් වී ජාතින් අතර විරසකයන් සහ ගැටුම් අනිවාර්ය වන බවයි. අපට දැන් කළ හැක්කේ කුමක් යන්න අප ගැඹුරින් විමසා නොබැලුවහොත් අතිතය විසින් අප රුගෙන යනු ඇත්තේ ව්‍යකූල අනාගතයක් වෙතය. මක් නිසාද යත් අප දන්නා ඉතිහාසය තුළ පොදු ගැඹුරැ වැදගත් අංග කිසිවක් අප හවුලේ උරැම කර ගත් ඒවා ලෙස විස්තර නොවන හෙයිනි. අපට අවස්ථා මඟ හැරි ඇත. අතීතයේ මෙන්ම වර්තමානයේද අපි අවස්ථා මඟ හැර ඇත්තේමු. මැද මාවත් සහ එම මාවත්වල මිනිසුන් රුගෙන යාහැකි නායකයින් ධ්‍රැවීකරණය වූ ජාතිවාදී නායකයන් විසින් ඝාතනය කර ඇත. එසේම අපිට තිබු වැදගත්ම අවස්ථාව වන ඉංග්‍රීසින්ගෙන් නිදහස දිනාගැනීම අරගලය තුළ නිර්මාණය කරගැනිමට අවස්ථාව තිබු පොදු ජාතිය නැමැති ලාංකික පුරවැසියා බ්‍රිතාන්‍යයන්ගේ උගුල්වල පැටලීම නිසා අපි අහිමි කර ගත්තෙමු. එසේම 1987 – 1990 කාල පරිචජේදයේ දකුණේ වාමාංශික අරගලය උතුරේ දමිල තරැණයන් දිනාගැනීම වෙනුවට ඉන්දීයන් ව්‍යප්තවාදයක් හා සිංහල ජාතිවාදී ස්ථාවරයක් කරා රුගෙන ගිය අතර නිෂ්මි වැනි මුස්ලිම් තරැණයන් සමඟ උමා මහේසවරම් වැනි තරැණ කොටස් සම්බන්ධ කරගත් පුළුල් අරගලයක් කරා සංවර්ධනය වුයේ නම් දේශපාලන වෙනසක් සමඟ ලාංකීය ජාතිකත්වයක් නිර්මාණය කරගැනීමට අවස්ථාව තිබිණි. ලංකාව දිනවිය හැක්කේ බෙදී වෙන්වීමෙන් නොව සියලු ජාතින් එකාවන්ව ලාංකික ජාතිය නිර්මාණය කර ගැනිම තුළිනි. මෙම වගකීම අප තරැණ පරම්පරාව කර පිට පැටවූ කල් දැමිය නොහැකි වගකීමකි..

වරින් වර හැමු ජාති වාදි සුළං විසින් විනාශ කරනු ලැබුයේ පැල කිරීමට හැකියාව තිබු ජාතික වාදි බීජයන්ය. තිස් වසරක යුද්ධය අවසන් වීම තුළ නැවතත් ජාතික්තවය ගොඩනැගීම වෙනුවෙන් වූ ඉතා සියුම් එසේම ගැඹුරැ දිර්ඝ කාලීන වැඩපිළිවෙළක් සඳහා අවස්ථාව ලබා දී ඇති අතර ඒ සඳහා අවශය කරනුයේ නිර්මාණශීලී ව්‍යපෘතීන් සහ අවංක උවමනාව පමණි. පොදු අතීතයක අක්මුල් සොයා ගොස් පොදු අනාගතයක් සඳහා මග විවර කරගැනීම ඉතිහාසය හැදෑරිමකට එහා ගිය දේශපාලන ව්‍යපාරයක් විය යුතු වන්නේ එහෙයිනි....

වජිර කාන්ත උබේසිංහ
- බෙලිඅත්ත

Previous
Next Post »