~ හදවත වැඩ කරන ධාවකයා "USAIN BOLT" ~


ඔව්...‘ඔහු’ නැවතත් දිනුම් ! නැවත නැවතත් දිනුම් !

මං ‘මොහොමඩ් අලි’ගෙන් පස්සෙ ඉතාම ආස - ආදරෙන් බලං ඉන්න පුළුවන් ක්‍රීඩකයා තමයි Usain Bolt.


මිනිහා ලෝකෙටම වඩා වේගවත් ! මං කැමති ඒ කකුල් දෙකේ වේගෙට වඩා මිනිහගෙ හදවත ගැහෙන වේගෙට. මනුස්සයෙක්ගෙ මුලින්ම වැඩ කරන්න ඕනි හදවත !

Bolt උපතින්ම සරල - සාමාන්‍ය පවුලක කොල්ලෙක්. අම්මයි - තාත්තයි එකතු වෙලා පොඩියට කරගෙන යන ‘රසකැවිලි’ කඩෙන් තමයි මේ චූටි කොල්ලා ඒ කාලෙ රැකෙන්නෙ. Bolt ඉපදිලා සති පහක් ගෙවෙන තැන අපූරු සිදුවීමක් වුණේලු.

හෙමින් හෙමින් පෙරළි පෙරළි ඇඳේ කෙළවරට එන මේ පුංචි බබා ඇඳ කෙළවරේදී නොවැටී - වම් අතට බර අරං අනෙක් ඇලයට හැරුණලු. මේ සිදුවීමෙ ඇසින් දුටු සාක්ෂිය , Boltගෙ සීයා. ඒ වෙලාවෙ සීයා මෙහෙම කිව්වලු.

‘ඔන්න බලාපං කවදාහරි මේ කොලුවා මේ ලෝකෙම පුදුම කරයි’

මේ වෙද්දි ‘තුන් ලෝකෙම’ පුදුම කරලා ඉන්න Boltගෙ ලොකුම හයිය වෙන්නෙ මුල්ම පුහුණුකරු. ඔහු Pablo Mcneil.

Boltට හැදෙන්න වගේම - ක්‍රීඩාව ඇතුළෙ රැකෙන්න කියල දෙන්නෙ ඒ ගුරා.

ඒත් අදට කලින් 2008 ඔලිම්පික් මීටර් 100 – 200 ජයගන්න මොහොතෙදි Boltගෙ පුහුණුකරුගෙ ඇස් පෙනීම නැති වෙලා. ඔහු Boltගෙ කකුල් වල සද්දෙ අහන්නෙ හොඳ ඇසීමක් තිබුණ කන් වලින් විතරයි !

ක්‍රීඩකයෙක් කියන්නෙ කවුද කියල කවුරු ඇහුවත් මං කියන්නෙ Bolt වගේ කෙනෙක් කියල !

එයා හරියට ‘බොබ් මාලේ’ගෙ ‘හයි ස්පීඩ් වර්ෂන්’ එකක් වගේ. එයා හරියට ‘මොහොමඩ් අලි’ගෙ ‘නොකවුට් පහරක්’ වගේ. එයා හරියට ‘මාටිං ලූතර් කිං’ගෙ ‘වොයිස් වේට් එක’ වගේ. එයා හරියට ‘මැල්කම් x’ගෙ ‘බ්‍රේන් වේට් එක’ වගේ.

ඔබ ‘ඔබ’ වෙලා බලන්න එහෙම කෙනෙක් වෙන්න !



| කසුන් මහේන්ද්‍ර හීනටිගල
















Previous
Next Post »