මැතිදුනි සැබෑවක්ද ඔබ පවසන්නේ?


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් ද අද ලංකාදීප පුවත්පතට විජය නන්දසිරි කලාකරුවාණන් වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර ඇත.

"මාගේ මතකයට එන ඔහු විසින් රංගනයේ යෙදෙමින් ගයන ලද " ගල්ලෙන බිඳලා " සිංහබාහු නාට්‍යයේ ගීතය ... 

11.08.2016 | ලංකාදීප | පිටුව 06

අනේ මන්දා සර් .. මැරිලා ඉන්නෙ ජය ශ්‍රී චන්ද්‍රජිත් කියලා කවුරු හරි කිව්වා නම් ඒක කැත විහිළුවක් සර්. විජය නන්දසිරි හදිසියකට "සිංහබාහු" ට "යුවරජු" ට ඇන්දා මිසක් කවදාවත් " සිංහයා" ට ඇඳලා නෑ කියලා කවුරුවත් සර් ට නොකියපු එකනම් හරි කැත වැඩක් සර්. ඔබතුමා බලපු සිංහබාහු කතාවේ යුවරජ්ජුරුවෝ සිංහයා කියන්න ඕනේ සිංදු කිව්වා නම් ඒක ඊටත් එහා කැත වැඩක් සර්.

ඊළඟ පත්තරේට ශෝක පණිවුඩය දෙනකොට " මූදු පතුල යට ඉඳලා ,මඩේ ලගින තාරාවන් , සුවඳ සබන් ඇඟ ගාලා" වගේ සිංදු ටිකකුත් දැම්මට කමක් නෑ. මොනවා හරි වේදිකා නාට්‍ය ගීතනේ සර්.

නරක සොරා .. ඇත්ත කියන්න ! ගීතා නේද ඔයාට මේවා ලියලා දෙන්නෙ ?

සහන් කසීර වික්‍රමසිංහ | Sahan Kaseera Wickramasinghe

Previous
Next Post »