අඹ කතාව - නදී මානික්කගේ.


"අඹ කාල තියනව නේද ? බාගෙට ඉදුණු අඹ ටිකක් ඇඹුල් නිසා රස නැහැ ...ඒ වගේමය් හොදටම ඉදුණු අඹ ඉදිල වැඩි නිසා රස නැහැ..... බලෙන් ඉදවපු අඔ නම් කොහොමවත්ම රස නැහැ...... නියම රස තියෙන්නේ නියම ගානට පැහුණු අඹවල..... ඒ වගේ තමය් මිනිස්සුත්...

බාගෙට ඉදුණු මිනිස්සුන්ටත් , හොදටම ඉදුණු මිනිස්සුන්ටත්, බලෙන් ඉදවපු මිනිස්සුන්ටත් වඩා රහක් තියෙන්නේ මනුස්සකම් තියන අත්දැකීමත් එක්ක පදමට පැහුණු මිනිස්සු ළග ...."

දවසක් තාත්තා කිවුවෙ මට මේ කතාව....

ඒකෙ ඇත්ත නැත්ත තේරෙන්න ගත්තෙ මට මේ ළගදි . අත්දැකීම් නැති, මනුස්සකම් නොදන්න මිනිස්සු ඇසුරු කරද්දි..... මං නැති තැන මට කියපුව එකින් එක ආරංචි වෙද්දි.... තාමත් මං ඒව දන්න බව නොදැන මට පණ දෙන්න වගේ ඒ අය මං එක්ක කතාකරද්දි ..... මොනව උනත් මට කියන්න තියෙන්නෙ එක දෙයය් ...... ඔය සටන නවත්තන්න. අපරාදෙ ඔයාලගෙ කාලෙ..... මං ජීවත් වෙන්නෙ හැම කෙනෙක් ගැනම හොදට දැනගෙන.


නදී මානික්කගේ | Nadee Manikkage


Previous
Next Post »