සියලු අධිකරණ විනිසුරන් අපතයෝ නොවෙති!



බාල වයස්කාර ළමා විවාහයන් වළක්වන්න හදාගත්ත රාජ්‍ය නොවන සංවිධානයක ඉන්දීය සේවිකාවක් ඉන්නව. ඒ සේවිකාව පවා සමාජ සම්මත ඇතුළෙ කුලහීන කාන්තාවක්. එතකොට මේ කෙල්ලට උසස් යැයි සම්මත කුලයන්ගෙන් දිගින් දිගටම විරෝධතා එල්ල වෙනව. එතැනදි උසස් කියන පුරුෂයන් මේ අහිංසක කෙල්ලව සමූහ දූෂණයට ලක් කරනව.

ඉන්දියාවෙ ‘භගවතී සහ ක්‍රිෂ්ණ අයියර්’ කියන මානුෂවාදී විනිසුරන්ට පිං සිද්ධ වෙන්න ‘මහජන සුබසාධක නඩුකර’ කියල ජාතියක් තියෙනව. ඉන්දියාවෙ ඒවා තිබ්බට මේ මුතු ඇටේ ඒවා නෑ ! ඒකෙදි අගතියට පත් වෙච්ච ඕනිම කෙනෙක්ට ලිපියක් මාර්ගයෙන් පවා තම අයිතිය වෙනුවෙන් සටන් වදින්න පුළුවන් !

මේ කෙල්ල ඒ යටතෙ ‘අභිමානයෙන් රස්සාවක් කරන්න තියෙන අයිතිය ඉල්ලා සිටිනව.’ ඔන්න ඔතනදි ඉන්දීය අධිකරණය හරි ලස්සනට ඒ කෑල්ල ‘ජීවත් වීමේ අයිතිය’ ඇතුළට අරන් එනව. මෙන්න මේ නඩුව තමයි
Vishakha v. State of Rajasthan කියන්නෙ. ‘අද වෙනකොට ඉන්දියාවෙ ‘Vishakha Guidelines’ කියල කොටසක් නීතියෙන් ක්‍රියාත්මක වෙනව. ඒ වැඩ කරන ස්ත්‍රීන් ආරක්ෂා කරන්න.

ලංකාවෙ වුණත් ‘ශිරානි තිලකවර්ධන’ විනිසුරුවරිය, විනිසුරු ‘මාර්ක් ප්‍රනාන්දු’ වැන්නන් සමාජ සාධාරණත්වය හරි ලස්සනට ගම්‍යමාන කරපු නඩු තීන්දු සුලබයි.

ඉතින් ලෙනින් ඔයා පොරක් නොවෙන්නෙ ඒ හින්දා. උසාවිය නිහඬ වුණාට අපි කතා කරන්න දන්නව !

අවම වශයෙන් අපි සටන් කරන්න ඕනි ‘ජීවත් වීමේ අයිතිය ව්‍යවස්ථානුකූලව තහවුරු කරගන්න’

අවම වශයෙන් අපි සටන් කරන්න ඕනි ‘අතුරුදහන් කරපු මිනිස්සුන්ගෙ ජීවිත වලට සාධාරණය ඉෂ්ට කරන්න’

ලෙනින් නෙමෙයි වෙනින් කවුරු වුණත් ‘යුක්තිය ඉස්සරහ’ ලොකු නෑ කියල කියන්න !

අදහස් ප්‍රකාශනයේ අයිතිය වාරණයෙන් නැති කරන්න බෑ කියන්න !

ඇත්ත අධිකරණ විනිසුරන් කියන්නේ කවුද කියල අහන අයට,

ඉන්දියාවෙ ‘භගවතී - ක්‍රිෂ්ණ අයියර් - කුල්දීප් සිං’ වගේ මොළයක් එක්ක හදවතක් තිබ්බ මිනිස්සුන්ව පෙන්වන්න.

අන්න ඒ මානුෂික පොරවල් ගැන සොයන්න ! ඒ වගේ වෙන්න !!


කසුන් මහේන්ද්‍ර හීනටිගල














Previous
Next Post »