උසාවිය නිහඩ නොවෙයි!



ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'උසාවිය නිහඬයි' චිත්‍රපටය තිරගත කිරීම වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය ඉවත් කළේය.

හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ දිසා අධිකරණය මෙම වාරණ නියෝගය පනවා තිබුණි.

නව අධිකරණ තීන්දුවෙන් 'උසාවිය නිහඬයි' චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා මුදාහැරීමට ඉඩ ප්‍රස්තාව සැලසෙන බව එහි අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ කියා සිටියේය.

"මේ නඩු තීන්දුව පිළිබඳව අපි සතුටු වෙනවා. මේ හරහා ප්‍රකාශනයේ නිදහස ශක්තිමත් වෙනවා පමණක් නෙවෙයි ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතියත් තහවුරු වෙනවා." ඔහු පැවසීය.
සිනමා කෘතියක රසාස්වාදය එකිනෙකා වෙන වෙනම තමන් හුරුව සිටින්නාවූ ශෛලිය අනූව ලබා ගනී.එහෙත් "උසාවිය නිහඩයි" සිනමා කෘතිය මගින් කියා පාන්නේ සාධාරණත්වයේ ආයතනයක් වෙත යුක්තිය ඇයද යන කාන්තාවකට එහි බලගතු මුල්පුටු දරන්නෙකු විසින් වන ලිංගික අල්ලස් ලබා ගැනීම් පිළිබදවය.
මෙය සමාජයේ ඔබට,ඔබගේ නැගණියට,දියණියට හෝ ඔබගේ සමීපතමයෙකුට හෝ සිදු විය හැකි දෙයකි.මෙය සුළු පටුව සළකා බැලිය යුත්තක් නොවේ.කෙසේ වෙතත් සිනමා කෘතියකට එරෙහි වාරණයක් සාධාරණත්වයේ ආයතනයක් වෙතින් ඉවත දැමීම අනාගතයේ බලාපොරොත්තු තැබිය හැකි තත්වයකි.

මෙම අවකාශය සුබාවිතයට ගැනීම අනාගත නිර්මාණකරුවා සතු යුතුකමකට එහා ගිය වගකීමකි.




Youth arena-ඉෂාර ලක්මිණ.




Previous
Next Post »