ඩොනල්ඩ් ට්‍රම්ප් තුන්වන ලෝක යුද්ධයට පාර කපයිද? - ඉෂාර ලක්මිණ



මෙම සහස්‍රකයේදී ලෝකයේ සුපිරි මහා බලවතා බවට පත් වී තිබෙන ඇමරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස ඡන්ද විද්‍යාලයීය ආසන 290ක් දිනා ගනිමින් ජයග්‍රහනය කිරීමට ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් 'රිපබ්ලිකන් පක්ෂයේ' අපේක්ෂකයා සමත් වීමත් සමග ලොව පුරා දේශපාලනය පිළිබදව උනන්දුවක් දක්වන බොහෝ දෙනා මවිතයට මෙන්ම බියගුළු භාවයට පත්ව සිටී.

එයට හේතු කාරණා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තම ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි අමතමින් සදහන් කළ දැඩි ප්‍රතිපත්ති හේතු වී තිබේ.මෙක්සිකෝ දේශසීමාව වට කර තාප්පයක් බැදීම,සරණාගතයන්ට එරෙහිව දැඩි ලෙස කටයුතු කිරීම,මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මරා දැමීම,මුසල්මානු අන්තවාදය ලෝකයෙන්ම තුරන් කිරීමට දැඩි පියවර ගැනීම මේ කරුණු ඉටු කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් යන වේගවත්වත් ගමන නිසා ලෝකයේ 1 වන ලෝක යුද්ධය සහ 2 වන ලෝක යුද්ධය ඇති වූ ආකාරයෙන් 3 වන ලෝක යුද්ධයක් ඇති වනු නියත බවට දේශපාලන සහ යුද්ධමය විචාරකයන් අති බහුතරය අනතුරු ඇගවීමයි.

එහෙත් මගේ දේශපාලනික සහ සමාජයීය , ආර්ථික විශ්ලේෂණයට අනූව නම්;ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණය පරාජය වී හිලරි ක්ලින්ටන් 'ඩිමොක්‍රටික් පක්ෂයේ' අපේක්ෂිකාව ජනාධිපතිවරණය ජය ගත්තේනම් වැඩි කල්නොගොස්ම 3 වන ලෝක යුද්ධයක් ඇවිලීමට ඉඩ තිබුණි.ඊට හේතු කාරණා ලෙස හිලරි ක්ලින්ටන් අන්තවාදීන්ට සහනශීලී ප්‍රතිපත්තියක සිට තම ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි මෙහෙයවීය.හිලරි ක්ලින්ටන් යනු,හිටපු ඇමරිකානු ජනාධිපති බ්ලික් ක්ලින්ටන්ගේ ආර්යාවයි.ඇය එල්.ටී.ටී.ඊ. සංවිධානයට පවා ජාත්‍යන්තර වශයෙන් සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ තැනැත්තියකි.එමෙන්ම ඇය විසින් සරණාගත ප්‍රජාවට ලබා දුන් අපේක්ෂා සීමාව ඉක්මවූ ඒවා විය.

ඇමරිකාව තුළ ලෝක පරිමානයේ පිළිගැනීමේ හැටියට ලෝකය පාලනය කිරීමට සමත් ලොව බලගතුම ජනාධිපති ධුරය පැවතියද, ඇමරිකානු ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමරිකානු රහස් තොරතුරු ඒජන්සියේ සහ ආරක්ෂක මූලස්ථානය විසින් ගන්නා තීන්දු තීරණ අනුගමනයට බැදේ.එසේ නොවන කළ ඇමරිකානු ජනාධිපතිවරයාට සෙනට් මන්ත්‍රී මණ්ඩලය ගෙන එන දෝෂාභියෝගයට හෝ හදිසි අනතුරකින් ජීවිතයෙන් වන්දි ගෙවීමට හෝ සිදු වීම නියතය.ඒ ඇමරිකාවේ ස්වභාවයයි.

යම් ලෙසකින් හිලරි ක්ලින්ටන් ජනාධිපති පදවියට පත් වූයේනම් ඇය ජනාධිපතිවරණ සමයේ මොන පොරොන්දු ලබා දුන්නද ඇයට මුසල්මානු අන්තවාදය විනාශ කිරීම ඉලක්ක කරගත් නේටෝ සංවිධානයේ ක්‍රියා කලාපයන් සහ ඉලක්ක ජයග්‍රහනය උදෙසා ඇමරිකානු හමුදා බල ඇණි යෙදවීමට අකමැත්තෙන් හෝ සිදු වනු නියතය.ඇමරිකානු ආර්ථික අර්බුදය හමුවේ ස්වදේශික ඇමරිකානුවන්ගේ රැකියා අවස්ථා රැක දීම උදෙසා සරණාගතයින් සහ කළු ජාතික (ආසියානු / අප්‍රිකානු.) සංක්‍රමණිකයින් නොසළකා ක්‍රියා කිරීමට සිදු වනු නියතය.

යමෙකු ඉතා ඉහළින් යම් දෙයක් පිළිබදව අපේක්ෂාවන් සහ බලාපොරොත්තු තබාගෙන සිට අනතුරුව එම අපේක්ෂා සහ බලාපොරොත්තු ඇති කළ පුද්ගලයා විසින්ම එය ක්ෂණයෙන් කඩා බිද දමන විට එය දරා ගැනීම අපහසු වේ.මිනිස් ස්වභාවය එයයි.එවිට අපේක්ෂා භංගත්වයෙන් කුපිත ලෙස හැසිරීමට මිනිසුන් පෙළඹෙනු ඇත.හිලරි ක්ලින්ටන් ජනාධිපති වූයේ නම් වසරක් තුළ සිදු වීමට ඉඩ තිබුණේ මෙයයි.


එක් අතකින් මුසල්මානු සිරියාව,ඉරාකය,ලිබියාව,සුඩානය සහ සෞදි අරාබියාව ඇමරිකාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනු ඇත.අනික් අතින් සරණාගතයින් ලෙස පැමිණෙන මෙක්සිකානුවන්,ආසියානුවන්,අප්‍රිකානුවන් සහ බටහිර ඉන්දීය කොදෙවු වැසියන් ඇමරිකාව තුළ අභ්‍යන්තර කැරළි ඇති කරනු ඇත.

මෙයට මෑතකාලීන උදාහරණයක් ලෙස 1980 දශකයේදී රුසියානු බලය බිද වීමට ඇමරිකානු ආරක්ෂක අංශ විසින් ඇති දැඩි කළ අරාබි ජාතික ඔසාමා - බින් -ලාදින් සුරතලා කුපිත වී 2001 සැප්තැම්බර් ත්‍රස්ථ ප්‍රහාරය ඇමරිකාවට එල්ල කිරීම ගත හැකිය.

සී.එන්.එන්. ජාත්‍යන්තර ප්‍රවෘත්ති වෙබ් අඩවියේ දේශපාලන පිටුවේ ඇමරිකානුවන් ජනාධිපතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළ ආකාරයේ වයස් සහ ස්ත්‍රී පුරුෂ භාවය මත මිම්මක් ප්‍රකාශයට පත් කොට තිබේ.ඒ අනූව පෙනී යන කාරණාව වන්නේ දේශපාලන පරිනත භාවයකින් යුක්ත වයස අවුරුදු 45ට වැඩි ඇමරිකානු පුරවැසියන් වැඩි පිරිසක් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ඡන්දය ප්‍රකාශ කර තිබෙනුයේ මෙම රහස නිසා විය යුතු බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් යනු,අති සාර්ථක ව්‍යාපාරිකයෙකි.ඔහු සෑම දෙයක්ම තීරණය කරන්නේ වාණිජත්වයට අනූව විය යුතු බව 1968 සිට ඔහුගේ ක්‍රියා කලාපය විමසීමෙන් පැහැදිලි වේ.ඔහු ඇමරිකානු ස්වදේශිකත්වයට ආමන්ත්‍රණය කරයි.ඔහුගේ පාලන සමය තුළ සරණාගතයින්ට කිසිදු ඉඩක් ඇමරිකාව තුළ හිමි නොවනු ඇත.ඇමරිකානු තරුණ ප්‍රජාවට රැකියා අවස්ථා උද්පාදනය කර දීමට ඔහු සේවා සහ තාක්ෂණික අංශයන් බලගන්වනු ඇත.

'නාසා' විශ්වීය පර්යේෂණ ක්‍රියාදාමයට පෙර කිසිදු ජනාධිපතිවරයෙක් නොදැක්වූ ආකාරයේ උනන්දුවක් ඔහු දැක්වීම නියතය.ඔහු මුසල්මානු අන්තවාදය ලෝක පරිමානයෙන් තුරන් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතින් සමග එක්වී ක්‍රියාකරනු ඇත.එයට සහාය දැක්වීමට චීනය පෙරමුණ ගනු ඇත්තේ චීනයටද මුසල්මානු අන්තවාදය අභ්‍යන්තර තර්ජනයක් බවට පත්ව එන නිසාය.යුරෝපා සංගමයෙන් වෙන්වූ මහා බ්‍රිතාන්‍ය තමනට වර්තමානයේත් නාමිකව හෝ යටත් වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යන් මුසල්මානු අන්තවාදයට එරෙහි සටනේදී බල ගන්වනු ඇත.

ඉදිරියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැද්මීර් පුතින් සුසංයෝගයෙන් ලෝකය වෙත නවීන ආර්ථික ක්‍රමයක් හදුන්වා දෙමින් තම රාජ්‍ය පාලනයන් හා ප්‍රතිසංස්කරණයන් දියත් කරනු ඇත.එය ධනවාදයේ සිවුවන යාමය බවට පත්වනු නියතය.එයට වර්තමාන ආර්ථික අර්බුදයට සහ විරැකියාවට පිළියම් තිබීම විශේෂත්වයක් වනු ඇත.විශ්ව ගවේෂණය තුළ සක්වල වෙත පියවර තබන විශ්වීය ආර්ථිකයක් ලෝකය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් ආගමනය තුළ බිහි වීම විනා 3 වන ලෝක යුද්ධ බිහිවනු සිහිනයක් වන්නේ මුසල්මානු අන්තවාදය හුදෙකලා වන පසුබිමක් තුළය.


සටහන - ඉෂාර ලක්මිණ(Lanka dna.)




Previous
Next Post »