ශ්‍රී ලාංකික අධ්‍යක්ෂකවරයෙකුගේ චිත්‍රපටයේ චරිතයක් රගදැක්වූ ඇමරිකානු ජනාධිපතිවරයා!



ඇමෙරිකාවේ නව ජනාධිපති පදවියට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ට Ghost Can't Do It චිත්‍රපටයේ චරිතයක් හිමි වූයේ අහම්බෙන් බව එහි සම නිෂ්පාදක චන්ද්‍රන් රත්නම් පවසයි.

චිත්‍රපටය සම නිෂ්පාදනය කරමින් එහි ප්‍රධාන චරිතය රඟපානු ලබන්නේ ජනප්‍රිය හොලිවුඩ් නිළි බෝ ඩෙරික් විසිනි.

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා බෝ ඩෙරෙක් ගේ ස්වාමිපුරුෂයා වන ජෝන් ඩෙරික්.

"ඒගොල්ල මගේ යාලුවෝ. මම ඒගොල්ල එක්ක ඊට ඉස්සර වැඩ කරලා තියෙනවා," චන්ද්‍රන් රත්නම් බීබීසී සංදේශයට පැවසීය.
'එයාගේ චරිතයමයි'

"අපි මේක හැදුවේ බෙන්තොට. මාලදිවයිනේ දූපතකට ගිහිල්ලත් රූගත කළා. හොංකොං වලටත් ගියා. ඇමෙරිකාවෙත් රූගත කළා."

එහිදී ව්‍යාපාරිකයකුගේ චරිතයක් සඳහා පුද්ගලයකු සොයමින් සිටින අවස්ථාවේදී, අධ්‍යක්ෂවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් අමතා එම චරිතය රඟපෑමට කැමති දැයි විමසා තිබේ.

"ඒ ජවනිකාව කළේ Trump Tower එකේ. එයාගේ කාර්යාලයේදී. එයා රඟපෑවේ එයාගේ චරිතයමයි," චන්ද්‍රන් රත්නම් වැඩිදුරටත් පැවසීය.

පසුගියදා දිවියෙන් සමුගත් හෙන්රි ජයසේනයන් ද Ghost Can't Do It චිත්‍රපටයේ චරිතයකට පණ පොවා තිබේ.

ජනපති පදවියට තේරී පත්වීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුභපැතුමක් යොමු කළ බවත් ඔහු සඳහන් කළේය.

"මට හරි සන්තෝසයි මගේ ෆිල්ම් එකේ රඟපාපු කෙනෙක් ඇමෙරිකාවේ ජනාධිපති වුන එක."

චන්ද්‍රන් රත්නම් අලිමංකඩ, ආදර කතාව, ජනේලය, පොරොන්දුව සහ මේ වගේ ආදරයක් ඇතුළු චිත්‍රපට ගණනාවක අධ්‍යක්ෂවරයායි.












විශේෂ ස්තුතිය - බී.බී.සී.සිංහල සංදේශය වෙබ් අඩවියට!




Youth arena-ඉෂාර ලක්මිණ.





Previous
Next Post »