ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය පිළිබදව නව මානයක්! (Youth arena).



අඛණ්ඩව කීප වරක්ම අන්තර්ජාතික අන්තර්ජාල තොරතුරු ජාලය වන 'ගූගල්' සර්වරය මගින් ලිංගිකත්වය මූලික කරගත් 'සෙක්ස්' යන වදන මගින් අදාළ වෙබ් අඩවි වෙත වැඩිම වාර ගනණක් ප්‍රවේෂය ලද පුරවැසියන් සිටින රට ලෙස ශ්‍රී ලංකාව මෙවරද ප්‍රසිද්ධියක් ලැබීය.

මූලික වශයෙන් මේ ආකාරයෙන් ගූගල් වෙබ් අඩවි මගින් 'සෙක්ස්' ලිංගිකත්වයට අදාළ කාරණාවන් පිළිබදව සොයා බැලීමට ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනෙක් පෙළඹීමට හේතු ලෙස;
01.) ශ්‍රී ලංකාවේ පවතින ලිංගික අධ්‍යාපනයේ දුර්වලතාවය
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් හට මූලික වශයෙන් ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නේ 8 වන ශ්‍රේණියේදී පමණය.එයද,යාන්තමට ලිංගික විෂය උඩින් පල්ලෙන් අතගා බැලීමක් පමණය.සෞඛ්‍යය හෝ විද්‍යාව විෂය උගන්වන බොහෝ ගුරු මහත්ම මහත්මීන් විෂය නිර්දේශය තුළ ඇති නිර්දේශිත ලිංගික කාරණාවන් පිළිබදව පවා පාසල් සිසු සිසුවියන්ට ඉගැන්වීමට තරමක් මැලි ස්වභාවයක් දක්වයි.අඩුම තරමේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය විෂය භාරව සිටින බලධාරීන් පවා ලිංගිකත්වය සහ ලිංගික රෝග පිළිබදව සරල කරුණක් හෝ නොදැන සිටි බව කුලියාපිටිය ශිෂ්‍යයාගේ පියාට ඒඩ්ස් ආසාධනය වැළදී ඇතැයි සැක පහල කර සිදු වීමේදී අධ්‍යාපන අමාත්‍යවරයාගේ සිට බලධාරීන් සිදු කරන ලද අනුවණ ප්‍රකාශ තුළින් හෙළි විය.

02.)ශ්‍රී ලංකාවේ පවතින බෞද්ධ,කතෝලික,හින්දු,ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගමික සදාචාර පිළිබදව වන අන්තවාදී නැඹුරුව නිසා ලිංගිකත්වය යනු කොටු කර සමාජයෙන් අපවාද විදීමට සිදු වන සාධකයක් බවට පත්ව තිබීම.වයස අවුරුදු 18ට වැඩි සෑම පිරිමියෙකුටම/කාන්තාවකටම තමන්ගේ ස්ව කැමැත්තෙන් ප්‍රසිද්ධ මහජන ස්ථානයක නොවන ඕනෑම වෙනත් ස්ථානයක සිට ලිංගිකව හැසිරීමේ අයිතිය ඇත.නමුත්,නොදැනුවත්කමින් ක්‍රියා කරන බොහෝ පොලිස් නිලධාරීන් වෙරළ ආශ්‍රිතව කඩොලාන පද්ධති තුළ රහසිගතව ලිංගික ආශ්වාදයෙන් සිටින තරුණ තරුණියන් අල්ලාගෙන ගොස් පොලිස් සිර මැදිරි තුළ තබාගෙන තම තමන්ගේ මානසික අසහනකාරීත්වයන් තෘප්ත කර ගැනීම බහුලව ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් අතින් සිදුවේ.

03.)ප්‍රසිද්ධියේ ලිංගික දර්ශන හෝ ලිංගික අධ්‍යාපනය පිළිබදව ඇති විවිධ චිත්‍රපට,වාර්තා වැඩසටහන්,සගරා හා පුවත්පත් නැරඹීමේ හැකියාවක් ඇති දියුණු සමාජ ක්‍රමයක් තවමත් ශ්‍රී ලංකාව තුළ බිහි වී නොමැතිකම සම ලිංගිකත්වය පිළිබදව වූ කාරණාවන් පවා ශ්‍රී ලංකාව තුළ ආගමික අන්තවාදයට කොටු වී නොදියුණු මට්ටමක පවතී.'ෆැන්ජිපනි' හෙවත් 'සය පෙති කුසුම' චිත්‍රපටය නැරඹීමට සිනමා ශාලා වලට යාමට පවා බොහෝ තරුණ තරුණියන් බිය වූයේ මේ හේතූන් නිසාය.

මෙම ගැටලු ප්‍රබල වශයෙන් පැවතීම නිසා ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් තමන්ට ඇති පහසුම සහ රහසිගතම මාර්ගය ලෙස 'ගූගල්' හි 'සෙක්ස්' සර්ච් කරමින් ලිංගික කාරණාවන් සොයා බැලීමට පේළඹීම එක් අතෙකින් සාධාරණය.

නමුත්,එය රට කරවන දේශපාලන අධිකාරියට ලජ්ජාවක්නම් සිදු කළ යුතුව ඇත්තේ "ලිංගිකත්වය" පිළිබදව නිදහස්ව සිතන ආකල්පමය වෙනසක් වහාම රට තුළ බිහි කිරීම වේ.



ඉෂාර ලක්මිණ (Lanka dna).














Previous
Next Post »